Tuesday, April 28, 2015

හෙළ ජාතික ධජය පිළිබඳ චාමිගේ අනාවරණය!

නව ජාතික කොඩිය ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් ඉන්න බෑ නෙව. ජාතික කොඩිය නිර්මාණය වීම පිටුපස කතාව අපේ චාමි බුකියෙ දාල තිබුන. එතනින් ගෙඩි පිටින් උපුටල මගේ බ්ලොග් එකේ දානව.

(දෙයියම්පා මේක දන්නා /නොදන්නා කාටවත් මඩ ගහන්න හෙම නෙමෙයි. ෆන් එක පිණිසමැයි) 

[දැන් නාන ගමනුත් කල්පනා උනේම අර අළුත් ජාතික කොඩිය. ඒකෙ තිබ්බේ රංග™ මස්සිනා හදාපු එකේ ඇ* දෙකට මහින්ද™ මහත්තයාගේ අදහසක් අනුව සුළු ජාතික පාට දෙක දැම්මයි කියලනේ. කාල්ටන් මන්දිරේ වාඩිවෙලා..... රංග™ ලයි මහින්ද™ මැතිතුමයි ඕක සමාලෝචනය කරන්න ඇත්තෙ මෙහෙමයි මං හිතන්නේ.....
(මහින්දගේ ඩයලොග් එයාගේ වොයිස් එකෙන්ම සිතා ගැනීම යහපති)

-චාමි(සෑම්)][ඩයලොග් ගැලපෙන වර්ණයෙන් වෙන්කර අැත-රාජ්]

"අපරාදෙ මේක මෙච්චර පරක්කු කලේ.... ඒ කාලෙ දුන්නනං මං මේක තුනෙන් දෙකෙන්ම සම්මත කරල දානවනේ..... මේක තමයි හරියන්නේ..... සිංහයගේ නියම පෞරුෂය හොඳට පේනවනේ මේකෙන්...."

"ඒක තමයි සර් අපි මේක හැදුවෙත්......"

"බොහොම හොඳයි... දක්ෂ නිර්මාණයක්...."

"ඔව් සර්.... අපේ පර්යේෂණ අනුවත් අපි හොයාගෙන තියෙනවා සිංහලේ මුලින්ම තිබිලා තියෙන්නෙත් මේ කොඩිය... පස්සේ සුද්දෝ තමයි සර් සිංහලයගේ පෞරුෂය නැති කරන්න සිංහයගේ පෞරුෂ කෑලි අයිං කරලා තියෙන්නේ"

"එහ්හෙම්මද? ම්ම්ම්... බලමුකො නේද?"

"ඒකනේ සර්.... කුහක වික්ටෝරියානු සදාචාරය නිසා අපේ....."

"වික්ටෝරියා මොකක්....? ආ... වික්ටෝරියා සීක්‍රට්... ඔය සුද්දන්ගෙනේ නේද? "

"නෑ සර්... අපි කිව්වේ සුද්දගේ සදාචාරේ....."

"ආ... හරි හරි... ඒවා පරණ කතානේ... මේක ගැන කියනවලකෝ... දැන් මේක හරි නේද?"

"නෑ සර්... සර්ම බලලා අඩුපාඩු මොකුත් තියෙනවනං කියන්න....."

"අඩුපාඩුවක් නෑ.. මේ ලොකුවටම තියෙන්නේ.... ලොකු ගැම්මක් එනවා ඒක දකිද්දි...."

"අපිටත් එහෙමයි සර්...."

"දැං මොකද්ද දැනට තියෙන කොඩියෙයි මේකෙයි වෙනස?"

"මේකේ අර පාට තීරු දෙක නෑනෙ සර්....."

"කොයි තීරු දෙකද?"

"ඇය සර් අර ඉස්සරහින් තියෙන්නෙ කොලපාටයි තැඹිලි පාටයි....."

"මොකේද? ජාතික කොඩියේ.....? යකෝ.. මට මතක නෑනේ..."

"එහෙම තියෙනවා සර්...."

"ආ... හරි හරි... ඉතිං තමුසෙලා මොකද කලේ....?"

"අපි ඒ දෙක අයින් කලා සර්....."

"ඒ මොකටද?"

"ඒ තීරු දෙක තිබ්බේ සර් මුස්ලිම් මිනිස්සුයි දෙමල මිනිස්සුයි නියෝජනය කරන්නනේ.... ඒ උනාට සර් මේක සිංහල රට... උන් මේකට ආපු ආක්‍රමණිකයෝ... ඉතින් සර්......."

"තමුසෙලා ඒ දෙක අයින් කලා....?"

"ඔ...ඔව් සර්......"

"ම්.... වෙලාවේ හැටියට වරදක් නෑ..... කියන්නේ ... හොඳයි... බොහොම හොඳයි මේක..."

"ඒක තමයි සර්...."

"ම්.... හැබැයි පොඩි ප්‍රස්නයක් නං එනවා නේද?"

"ඒ මොකද්ද සර්?"

"දැං ගන්නවකෝ අපේ අස්වර්.. එතකොට විමලයගේ මුසම්මල්..... උන් මුස්ලිම්... එතකොට කරුණා..කේපී... දයා මාස්ටර්... උන් දෙමල..... කොටින්ම ගිය චන්දෙදි උනත් ඔය දෙමල මුස්ලිම් මිනිස්සු ටික දෙනෙක් හරි මට චන්දෙ දුන්නනේ... මේක හින්දා ඒ ටිකට කෙළවෙයිද?"

"අපොයි නෑ සර්... ඔය අවජාතික චන්ද නැතුවට ඔබතුමාට නියම පිරිසිදු සිංහල බෞද්ධ චන්ද.............."

"ප** තමයි...මමනේ දන්නේ ඒ හරිය.... තමුසෙලා මෙතන හු*** ආවට මට වෙච්චි දේ...... ම්... ඒකනේ කියන්නේ...නේද? හිතට හරි අමාරුයි මෙව්වා මතක්වෙද්දි...."

"අපිට තේරෙනවා සර්...."

"ඒක තමයි... අර පාට දාන්න වෙනවා... නැත්තං හරියන්නෑ..."

"අනේ ඒකනං බෑ සර්.... ඒ පාට අයින් කරපු එකමනේ මේ කොඩියේ ලොකුම විශේෂත්වේ......"

"එහෙමද?... ඒත් ඒ පාට දෙක තියෙන්න ඕනේ.... ම්... ඉස්සරහට බැරිනං සිංහයගේ පස්සට දානවලා...."

"අපොයි ඒකනං කීයටවත් බෑ සර්.... උන්ව පස්සෙන් තියන එක ගොඩක් අනතුරුදායකයි... අනික සර් සිංහයා වලිගෙත් උස්සගෙනමනේ ඉන්නේ... මතක් කරන්නවත් එපා සර්....."

"ම්.... ඒකත් ඇත්ත නේද? ඉතිං මොකද කරන්නේ? පොඩ්ඩක් බලනවලා පොඩියට හරි ඕවා දාන්න තැනක් නැද්ද කියලා....?"

"අපිට නං හිතාගන්න බෑ සර්...."

"ඕකනේ කියන්නේ.... ම්... අයිසේ.... මුගේ මේ මෙව්වා දෙකට ඔය පාට දෙක දැම්මොත් මොකද?"

"කිව්වෙ සර් ඇ* දෙකටද?"

"නැතුව? ඒක තමයි නියම තැන... ලස්සනට හිටී....."

"ෂහ්.... බ්‍රිලියන්ට් අයිඩියා සර්... මාවලස්....... එක්සලන්ට්... කොටින්ම....."

"ඒකනේ අයිසේ තාම මේ ගේම ගහගෙන ඉන්නේ... හැහ්...හැහ්...."

"නියමයි සර්... ඒකෙන් වැඩි හානියක් වෙන්නෙ නෑ.... දාමු සර්...... සර්... දැං කොලපාට දාන්න ඕනේ වම් ඇ*ටද... දකුණු ඇ*ටද?"

"ම්..... වම් පැත්තේ එකට දානවකෝ.... දකුණට ඕකුං ගාවන්ඩ එපා...."

"එහෙමයි සර්..... එතකොට දකුණූ ඇ*ට?"

"ඉතිං හු** ඔය ඉතුරු ප* අනිකට දාපිය................ කියන්නේ..... තේරෙනවනේ....නේද?"

"ඔ..ඔව්...සර්.... තේරුණා සර්...."

"බොහොම හොඳයි.... ඔය කොඩිය මං අගමැති උන ගමන් පැය විසිහතරෙන් ව්‍යවස්තාවට ඇතුලත් කරලා නීතිගත කරනවා....."

"හරි සන්තෝසයි සර්...."

"ම්... හොඳයි... එහෙනං මං කියපු විදිහට ඕක හදලා ගෙනත් පෙන්නනවලකෝ ඈ...?"

"එහෙමයි සර්...."

"එහෙනං යනවලා............... මේ කාලද ඉන්නේ....?"

"ඉහික්...තාම නෑ සර්... හික්...."

"හා...හා... ඔය තරුණ ළමයි බඩගින්නේ ඉන්ඩ හොඳනෑ... ගැස්ට්‍රයිටිස් අරවා මේවා.... නේද?... වෙලාවට කන්ඩ ඕනේ...."

"ඔව් සර්......"

"ඒක තමයි.... ඔය බංගලාව ඉස්සරහා පාරෙන් එහාපැත්තේ හෝටල් ඕනෙතරං තියෙනවා... අලුතෙනුත් සෑහෙන්න දැම්මා.... මෙහෙට මිනිස්සු එන නිසා උන්ට ජයයි...."

"..... ඒක තමයි සර්....."

"ඔය හෝටලේකින් මොනව හරි කාලම යනවලා... බඩගින්නෙ හෙම යන්ඩ එපා...."

"එහෙමයි සර්....."

"හොඳයි... යනවලා......"



කොඩිය ගත්තෙ අමිලගෙ "කොඩියෙ පොන්නයන්ට තීරුවක් දාමු" ලිපියෙන්.

Monday, April 27, 2015

හොඳම ලෙඩාට තෑගි දීම......18+

හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව, එතකොට අර ඇමේසන් වනයට මුදාහැරපු හාව අල්ලපු අපේ පොලිස් රාලහාමි‍ලාගෙ කතාව එහෙම. ඇයි එතකොට හොඳම ගණිත ඥානය තියන පිස්ස තෝරපු කතාව දන්නවද? ඒ මෙහෙමයි.

ඔන්න පිස්සන් කොටුවෙ පිස්සො අතරින් හොඳටම ගණිත ඥානය තියන පිස්සව තෝරගෙන එයා නිදහස් කරන්න තරගයක් තිව්ව. [පිස්සුව කියන්නෙ මානසික රෝග වලට පොදුවේ කියන නම උනාට මේ "පිස්සු" සහ රෝගියා හඳුන්වන්න "පිස්සා" යනව වදන යොදාගැනීම එච්චර සුදුසු නෑ, නමුත් කතා රසය මරන්නත් බැරි නිසා ඒක පාවිච්චි කරනව] පොඩි ගානක් හදන්න කියලයි මේ තෝරාගැනීම කරන්නෙ.

ඔන්න පළමුවැන්න ආව. "එකයි එකයි කීයද" කියල ප්‍රශ්නෙ ඇහුව. පිස්සගෙ උත්තරේ උනේ "අම්ම" කියල. එයා හොඳම නෑ. දෙවනියත් ආව. ‍"දෙවරක් දෙක කීයද" කියන එකයි ප්‍රශ්නෙ. "හයදාහයි" කියල පිස්ස උත්තර දුන්න. එයා ටිකක් හොඳයි. අඩු තරමෙ ඉලක්කමක් කිව්වනෙ. තුන්වැන්නගෙන් ඇහුවෙ "පස් වරක් පහ කීයද?" කියල. "විසි පහයි" හරියටම උත්තරේ ලැබුන. කට්ටියටම සතුටුයි. උත්සවයක් එහෙම තියල රෝගියව නිදහස් කරන්න කලින්, මයික් එකට ගෙනල්ල ඇහුව ප්‍රශ්නයක්.

"කොහොමද හරියටම පස්වරක් පහ කීයද කියල කිව්වෙ?"

"අම්ම හයදාහෙන් බෙදල ගත්තෙ සර්" පිස්ස කිව්ව.

***********************************

ලෝකෙ කම්මැලිම සිද්ධිය තෝරන තරගෙත් ඔයවගේ. එ්කත් කියල ඉන්නංකො.
ඔන්න තරගෙට ආව එක එක රටවල් වලින්. ඇමරිකාවෙන් ආපු බුවා කිව්වෙ එක දිගට සතියක් කෑම බීම නොගෙන ඇඳට වෙලා හිටිය කියල කම්මැලිකමට. රුසියන්කාරය කිව්වෙ එක දිගට මාසයක් නිදාගත්ත කියල. ලංකාවෙ බුවා ආව.

"මම පැය තුනක් අඬ අඬ චිත්‍රපටියක් බැලුව" එයා කිව්ව. විනිශ්චය මණ්ඩලයට ටිකක් මදි වගේ.

"ඒක ඉතිං එච්චර කම්මැලි සිද්ධියක් නෙවේනෙ.... නැද්ද හොඳ කම්මැලි සිද්ධියක්?"

"නෑ නෑ ඉන්නකො කියනකං..... මම හෝල් එකට ගිහිල්ල වාඩි වුනේ පරම්පරා කූට්ටම උඩ..... ඔහේල දන්නව ඇතිනෙ මේක කොච්චර අමාරු කේස් එකක්ද කියල..... ආයෙ නැඟිටින්න කම්මැලිකමට අඬ අඬ පැය තුනම චිත්‍රපටිය බලලයි නැඟිට්ටෙ!" එයාට තෑග්ග දුන්නලු.

**********************************

තවත් තරගයක් තිබුන ලඟදි දවසක. ඇමරිකාවෙ තිබුනෙ. දුර පේන ලඟ නොපෙනෙන අය වෙනුවෙන් තමයි මේක පැවැත්වුවෙ. ඔන්න ඇමරිකන්කාරය ආව,

"මට හොඳට දු‍ර පේනව, හඳත් පේනව! හැබැයි අතේ තියන පත්තරේ කියවන්න බෑ. එච්චරට පේන්නෙ නෑ" එයා කිව්ව. ඊලඟට ආවෙ ඉංග්‍රීසි කාරයෙක්.

"මට අඟහරුත් පේනව.... හැබැයි අල්ලපු ගෙදර එකා ඇවිල්ල නෝනට %^#^% යනව කියල දන්නෙ යාළුවෙක් කිව්වමයි" එයාගෙ නොපෙනීම ඒ. ඊලඟට එකසැරේම දෙන්නෙක් ආව.

"අපි දෙන්නම එකවගේ.... එකම ලෙඩේ.... ඒ නිසා එකට තරග කරනව" සුදු පාට ඇඳුම් ඇඳගත්ත, කොට මහත ඒ දෙන්න කිව්ව.

"හරි කියන්න බලන්න"

"අපි දෙන්නට හොඳට දුර පේනව.... ඉර හඳ තරු ඕන එකක් පේනව.... ඒ විතරක් නෙවේ.....හැතැම්ම දාස් ගානක් දුර, ඇමරිකාවෙ රහස් කාමර වල අපේ රටට විරුද්ධව කරන කුමන්ත්‍රණත් පේනව...."

"නෑ!.... එතකොට ලඟ.....ඔයාලගෙ නෝනලාටත්?"

"නෑ නෑ මහත්තය..... අපේ අතේ තිබුන ජාතික කොඩිය විකෘති කරපු එකක් කියල අපිට පේන්නෙ නෑ නෙව!"

Tuesday, April 21, 2015

තල (නොස්ටැල්ජික් කතාවකි)

පහුගිය දවසක මිත්‍රයෙකුගෙන් ලැබුන තල ඇට ටිකක්. අවුරුද්දට තල කැරලි හදන්න කියලයි දුන්නෙ. තල හැදිල්ල ලේසියෙන් කරන්න පුළුවන් කාර්යක් නොවුන නිසා තාමත් තල ටික නං කුස්සියෙ. තල හැදිල්ල සෑහෙන්න අමාරු වැඩක් අද කාලෙ. මොකද දැං ඉන්න කාන්තා පක්ෂෙ අයට කුල්ලෙන් පොලන්න එහෙම බෑ නෙව. ඒ කතන්දර කොහොම උනත් තල හැදිල්ල ගැන ලියන්න හිතුව, මේව පසු කාලෙක කවුරුහරි කියවයිනෙ.

තල කියන්නෙත් කුරහං වගේ හේන්වල වගා කරන භෝගයක්. හේන් ගොවිතැන් ගැන කලකට ඉහත ලිව්ව මේ සටහන කියෙව්වෙ නැත්තං කියවන්න. මේ සටහන යන්නෙ එතන ඉඳල. හේන හදල තල වපුරන්නෙත් කුරක්කන් විදියට තමයි. නමුත් ඊට වැඩිය බීජ ප්‍රමාණයක් යොදන්න ඕන. ඒ කිව්වෙ ඝනත්වය කුරක්කන් වලට වඩා වැඩි වෙන්න ඕන.

තල කියන්නෙ ටිකක් විතර රළු භෝගයක්. කුරක්කන් පැලවෙන කාලෙට නං ඒ අතරෙ තියන වල්පැල උදුරා දමන්න ටිකක් විතර මහන්සි වෙන්න වෙනව. නමුත් තල පැල උස් මහත් වෙද්දි ඒ අතරෙ ඉන්න සමත් වල් පැලයක් නෑ. තල ගස් අතරෙ තියන උෂ්ණාධික ගතිය නිසා මෙහෙම වෙනව කියලයි පැරැන්නො කියන්නෙ. නියමිත විදියට වර්ෂාව ලැබුනොත් සාරවත් විදියේ පලදාවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තල ගහක් අඩි දෙකතුනක් උසට හැදෙනව. වර්ගය අනුව, තනි ගහක් විදියටත් ගස් කිහිපයක පඳුරක් විදියටත් හැදෙනව. ඒ වගේම තල ඇට වල ප‍ාට අනුවත් වර්ග දෙකක් තියනව. සුදු තල සහ කලු තල විදියට.

ඔන්න තල පැල ලොකුවෙලා මල් පිපෙනව. සුදු පාටින් තල මල් පිපිල තියෙද්දි බලන්න ලස්සනයි. මල් වලින් පස්සෙ තල කරල එන්නෙ. තල ගහ වටේට තමයි කරල හැදෙන්නෙ. කරල් අනුවත් බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තනි කරල් විදියට සහ කරල් පොකුරක් විදියට හටගැනීම අනුව.

ඔන්න තල අස්වැන්න කපාගන්න ඕන කාලෙට තමයි ආයෙ වැඩ වැඩි වෙන්නෙ. තල ගසේ මුල ඉඳල අඩියක් විතර උසින් තමයි කරල් තියන කොටස ආරම්භ වෙන්නෙ. ඒ නිසා අඟල් හයක් අටක් පොලවට ඉතිරි වෙද්දි තල ගහ කපාගන්නව. මේ 'ඉපනැල්ල' විදියට ක්ෂේත්‍රයේ ඉතිරිවෙන තල ගසේ මුල කොටස නිසා ඇවිදීමේදී කකුල් වලට මාර 'ආතල්' එකක් ලැබෙන බවත් නොකියාම බෑ. කැපීමට පාවිච්චි කරන්නෙ දෑකැති හෝ දෑකැත්තේ හැඩය ඇති, ඊට වැඩිය කුඩා කුරහන් කැපීමට පාවිච්චි කරන "කුරහන් කැත්ත". කපාගන්නා තල ගස් ගොයම් කොලයක් (කොලය කිව්වෙ ගොඩක්) ආකාරයට ගොඩ ගසාගන්න ඕන. දවසකට දෙකකට පස්සෙ කමතට අරගෙන වේලාගන්න ඕන.

කමත හදාගැනීමත් විශේෂයි. පසු කාලවල කමත වෙනුවට සීනි-පොහොර මළු භාවිතා කරල හදාගත්ත 'මාගල්' පාවිච්චි උනාට මුල් කාලයේ කමතෙ තමයි වැඩේ සිද්ධවුනේ. පස තද ගතියට අැති, තැනිතලා බිමක් තෝරාගෙන වල්පැල උදළුගාලයි කමත හදාගන්නෙ. වැලි ඉවත්වෙලා තද පස මතුවන තුරු කොස්සකින් අතුගා ගැනීමෙන් කමත හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පසට වතුර යොදා මඩකරල, ගොමමැටි ගාපු ගෙබිමක් වගේ හදාගන්නත් පුළුවන්. මේකෙ තියන වාසිය තමයි ධාන්‍ය වලට මිශ්‍ර වන වැලි ප්‍රමාණය අඩුවීම.

ඔන්න කමත සකස්කරල ඉවර උනාම 'තල වැනිල්ල' කරගන්න පුළුවන්. පේලි විදියට දවසක් දෙකක් වේලුනාට පස්සෙ වැඩේ හරි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තල ගැසීම. ඒ කියන්නෙ වනල තියන තල අතට හසුවන තරමේ ප්‍රමාණයක් අරගෙන අතකින් දනහිසට ඉහලින් කකුලකට තද කරගෙන අනෙක් අතින් තල මිටියට ගැසීමෙන් වේලී පුපුරාගොස් අැති තල කරල් තුලින් ඇට පහලට වට්ටවා ගැනීම කරගන්න පුළුවන්. මේ විදියට වාර දෙකතුනක් වැනීමත් ගැසීමත් සිදුකලාට පස්සෙ සම්පූර්ණ අස්වැන්න ලබාගන්න පුළුවන්. ඉතිරි වන තල ගස් ටික ඉතාම හොඳ පොහොරක් බවත් කියන්න ඕන.

තල කැරලි, තලගුලි, තල දෝසි ආදී රසකැවිලි හදාගන්න එකයි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ. නමුත් ඊට කලින් කරන්න වැඩක් තියනව. ඒ තමයි තල කොටාගැනී‍ම.
තල අස්වැන්න ලබාගත්තට පස්සෙ සෝදා වැලි ඉවත් කරගෙන වතුර පිටින්ම වංගෙඩියට ද‍ාල කොටාගැනීම සිදුකරනව. තෙත ගතිය තිබියදී කෙටීම නිසා තල ඇට පොඩිවීමකට ලක් නොවී පිටතින් ඇති සිවිය වෙන් වෙනව. ඊට පස්සෙ හාල් මෝලකින් ගත්ත 'සහල් කුරුට්ට' අඩංගු 'කුඩු' කොටාගත් තල සමඟ මිශ්‍ර කර තෙත ගතිය අඩුකරගැනීමෙන් පසුව කුල්ලේ දමා පොලා ගැනීම කරන්න පුළුවන්. පොලාගත් පිරිසිදු තල ඇට අව්වේ දමා හොඳින් වේලාගෙන යලිත් වංගෙඩියේ කොටන විට 'තැලීම' සිදුවෙනව. ඊට පස්සෙ පුළුවන් (අවශ්‍ය නම්) තෙල් ලබාගන්නත් රසකැවිලි හදන්නත්.

Monday, April 20, 2015

අවුරුදු (නො)කෑම!

"යහපාලනය නිසා රටේ සංවර්ධන වැඩ නැවතිලා... කොන්ත්‍රාත් කරපු මිනිස්සුන්ට සල්ලි ගෙවල නෑ.... බාස්ලට කුලීකාරයන්ට සල්ලි දෙන්න විදියක් නැතුව කොන්ත්‍රාත් කරපු මිනිස්සු හැංගෙනව.... ලීස් කරල ටිපර් ගත්තු අයට වැඩ නෑ.... ලීස් ගෙවාගන්න විදියක් නෑ.... කොයිවෙලාවෙ ඇවිල්ල වාහන උස්සං යයිද දන්නෑ... කොහොමෙයි අවුරුදු කන්නෙ?"

තේවතුර එක බොන ගමන් බේබි මහත්තය සෑහෙන්න ආවේගයෙන් කතා කලේ. එයාගෙත් කොන්ත්‍රාත් කිහිපයක්ම ඇනහිටල. හිටපු ජනාධිපතිතුමත් මේ ගැන කතාකරනව දැක්ක ලඟදි දවසක.

අවුරුද්දට දවසකට දෙකකට විතර කලින් හන්දියෙ කඩේට ගොඩවෙලා කයියක් ගහගෙන ඉන්න වෙලාවෙ ඇදිල ආපු කතාවක් මේක. බේබි මහත්තයගෙ කතාව අහගෙන හිටපු ධර්මෙ අයියත් කට ඇරිය,

"මේකනෙ බේබි මල්ලී..... ඔය කොයි දේ කලත් නීතියකට රීතියකට අනුව වැඩේ කරගන්න එපැයි! එහෙම නොවුනම ඉතිං හැදෙන අවුල් ලිහන්නත් බෑ.... මිනිස්සුත් අමනාප වෙනව.... මොනව කරන්නද?"

"ඒවුනාට බං මහින්ද මහත්තය ඉන්නකොට ඔය මොකුත් අවුලක් තිබුනෙ නෑනෙ.... දැංනෙ මේ අවුල් ඔක්කොම.....?" බේබි මහත්තය කිව්ව. ධර්මෙ අයියත් අතාරින පාටක් නෑ....

"බේබි මල්ලිට කියන්න..... මම ඉස්සෙල්ලම ඉස්කූල් සර්විස් එක කරද්දි මට ඩ්‍රයිවින් ලයිසන් තිබුනෙ නෑ.... පොලිසියෙන් අල්ලන නිසා මම ගත්ත ලයිසන් එකක්..... රුපියල් එද්දාස් පන්සීයද කොහෙද ඒ වැඩේට ගියේ.... ට්‍රයල් නෑ එක්සෑම් නෑ මොකුත් නෑ ආයෙ කාඩ් එක ලැබුන නියමෙටම"

"ඉතිං?" මාත් කට දැම්ම.

"උඹලට මතකත් නැතුවැති, ඒ කාලෙ දවසක තමයි වෑන්කට්ට වැදුනෙ ලොරියක.... මගේ වැරැද්දක් තිබුනෙම නෑ.... ලොරිකාරය බීල කනමදය වගේ.... තනිකරම වැරැද්ද උගේ...."

"ඉතිං?"

"උසාවියෙදි කේස් එක ඇදුන.... ලොරිකාරයට බරගානක දඩයක් වැදුන! බීල එලෙව්වට.... ඒ මදිවට කිසි වැරැද්දක් නොකල මටත් බරගානක් වැදුන ලයිසන් කේස් එක මාට්ටුවුන නිසා...."

"හරි උඹ දැං මොකද්ද කියන්නෙ?" බේබි ඇහුව.

"මම කියන්නෙ මේකයි.... චාටර් සීන් එකකට මොන විදියකට හරි ගෑවුනොත් ප්‍රතිපලේ ඕක තමයි.... ඔය පාඩුව දරාගන්න බලාගෙනයි ඕවයෙ පැටලෙන්න ඕන" ධර්මෙ කතාව අවසන් කලා.

"මේකනෙ බං...... මේව මේ රටේ සල්ලි..... හැදෙන්නෙ රටේ පාරවල්..... රස්සා ලැබෙන්නෙ-කීයක්හරි හොයාගන්නෙ මේ රටේ කොල්ලො කෙල්ලො, බිස්නස්කාරයො.... දැං බලපං වෙච්ච වැඩේ?"

කතාව අවසන් කරපු බේබි මහත්තය යන්න ගියා. ඒ එක්කම වංගුවෙන් හැරිල ක‍ඩේට ආවෙ ප්‍රේම නැන්ද?

"අනේ බං ළමයිනේ අන්න ජිනේමාම පොලීසියෙං අල්ලං ගියා.... මොනවහරි කරපල්ල බං...."

ජිනේමාම කිව්වෙ ප්‍රේම නැන්දගෙ මනුස්සය. නැති තැන කියන්නෙ කුකුල්ජිනේ කියල. අහල පහල ගමකින් හරකෙක් කුකුලෙක් හොරකම් කරගෙන ඇවිල්ල මරල විකුණන එක ඇරුනම ජිනේ මාමගෙ වැරැද්දක් තිබුනෙ නෑ.

"උඹල හොර හරක් මරනව.... පොලිසිය ඇවිල්ල අල්ලං ගියාම අපිට කියනව බේරගන්න කියල! යකෝ මේක මාර වැඩක්නේ" ධර්මෙ අයිය කිව්ව.

"එහෙම කියන්න එපා බං.... නැතිකමටනේ මේ ඔක්කොම කරන්නෙ!"

"උඹල කරගත්ත නං උඹලම විඳවපල්ල.....අපි අල්ලගන්නෙ නැතුව"

"ඔන්න බලාපල්ල මුංගෙ කතාව.... මගේ මිනිහ හොර හරක් ගෙනාව තමයි... මැරුවත් තමයි.... ඇයි උඹල කෑවෙ නැද්ද හොර හරක් මස්? අනිත් එක ඒ මනුස්සය ගමෙන් හොරකං කලේ නෑනෙ.... කොහෙං හරි උස්සං ආපු හරකෙක් මැරුව නං කෑවෙ මේ ගමේ එවුම්ම තමයි...." ප්‍රේම නැන්ද පාරට බැස්ස.

"ඒකත් ඇත්ත නේද බං?" මම ධර්මෙ අයියගෙන් ඇහුව.

"මොකද්ද?"

"ජිනේ මාම ගෙනාපු හරක් කෑවෙ මේ ගමේ එවුන්මනෙ.... අනෙක මස්කඩේ ගානට වැඩිය බාගයක් අඩුවෙන් තමයි ජිනේ මාම මස් වික්කෙ! ඌ කරපු වැඩේ වැරදි බව ඇත්ත.... නමුත් එයාගෙන් ගමටනෙ වාසි! එහෙම බැලුවම බේබි මහත්තයගෙ කේස් එක වගේම එකක් නේද මේකත්..... නමුත් කවුද ජිනේ මාමගෙ අවුරුදු කෑම වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ?"

"අන්න ඒක තමයි බං මම මුලිනුත් කිව්වෙ..... චාටර් සීන් වලට ගෑවෙන්න එපා කියල"

Tuesday, April 14, 2015

සුබ අලුත් අවුරුද්දක් වේවා!

බ්ලොග් වාසී සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Thursday, April 9, 2015

වසන්තයා 5, බඩ අල්ලං හිනාවෙන්න චූටි කතා (18+)

වසන්තය ආපු එකේ කාලයක් එකතු වෙච්ච චූටි කතා ටිකක් දෙන්න හිතුව. වැඩි කතා ඕන නෑ මෙන්න.

වචනෙ තේරුම


ඇමරිකන් ගොල්ෆ් ක්‍රීඩකයෙක් ගියාලු චීනෙට, ගොල්ෆ් තරගාවලියකට. මෙයා හොඳ සුපිරි ක්‍රීඩකයෙක්ලු. අර කටුගේ කඩු හොරකම් කරපු හාදය වගේ. ඔන්න චීනෙට ගොඩබැහැපු වෙලාවෙ ඉඳල උසස්ම තත්වෙ සැලකිලිලු. ගුවන් තොටුපොලේදි මල් මාලයක් එහෙම දාලලු පිලිගත්තෙ. ඊට පස්සෙ කෙලින්ම හෝටලයට එක්කරගෙන ගියාලු. පහුවදා තමයි තරගය. ඔන්න කාමරේ ඉන්නකොට ඉටිකිරිස් කෙල්ලක් ආවලු කාමරේට. චීන්නුන්ගෙ සැලකිල්ල කොච්චරද කියනව නං අහවල් අවශ්‍යතාවය ගැන පවා හිතල තියනව. පොඩි අවුලකට තිබුනෙ කෙල්ලට ඉංග්‍රීසි බැරිඑක විතරයි. ඒක ඉතිං මොකද්ද කියල දෙන්න ඔන්න රෑ කෑමෙන් පස්සෙ ඇඳට ගියාලු. කරුවගේ ජරමරේ අස්සෙ කෙල්ල කෑගහනවලු "චොන්ග් හොයි....චොන්ග් හොයි...." කියකියා. ආතල් එක වැඩිකමට වෙන්න අැති කියල ගොල්ෆ්කාරය ඒ ගැන වැඩිය හිතල නෑ.
ඔන්න පහුවදා ගොල්ෆ් ගහන්න ගිහිල්ල චීන්නු එක්ක. චීන්නු ප්‍රැක්ටිස් කරනවලු. ගොල්ෆ් බෝලෙ වලකට වැටිච්ච සමහර වෙලාවට චීන ක්‍රීඩකයන් "චොන්ග් හොයි" කියල නලලට ගහගන්නවලු. ඇමරිකන් කාරය ඇහුවලු මොකද්ද ඒකෙ තේරුම කියල. "wrong hole!" චීන උත්තර දුන්නලු.

♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋ ♋

ආච්චිගෙ සෝකෙ
අනූ හයේ ලෝක කුසලානය දිනපු දවස්වල ක්‍රිකට් ප්‍රබෝධයක් අැතිවුනා නෙව. ක්‍රිකට් නොබලපු එවුනුත් ක්‍රිකට් බලන්න පටන් ගත්ත. ගමක හිටිය වයසක ‍ජෝඩුවකුත් ඔන්න ක්‍රිකට් ප්‍රේමීන් උනා. මේ අතරෙ සීය මැරුන. ආච්චි දැං මලගෙදර අඬාගත්තු ගමන්. හරියටම එදා මැච් එකකුත් තිබුන. මල ගෙදර ඉන්න කොල්ලොත් මේ ගැන උනන්දුයි. මලගෙවල් වල තියන සිරිතක් තමයි ඔය දුර ඉඳල එන නෑයෙක් ගෙට ගොඩවැදුන ගමන් ගෙදර එකා සද්දෙට අඬන්න ගන්න එක. අඬල ටිකකින් නවත්තනව. ආයෙ කවුරුහරි ආවම ආයෙ අඬනව. කාන්තා පාර්සවේ තමයි මේ වැඩේ කරන්නෙ.
අර ආච්චිත් මේ විදියට අඬමින් ඉන්නකොට එයාගෙ නංගි කෙනෙක් ආව. මේ අතරෙ කොල්ලෙකුගෙ කටින් පිටවෙච්ච ජයසූරිය අවුට් කියන එකත් ඇහිලයි තිබුනෙ.

"අනේ නංගියේ දැං ඉතිං මං ඉඳල මොකට........ද........... ජයසූරියත් අවුට්වුනා........." කියල අඬනවලු.

☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻

අසමත් ක්‍රීඩකයා
මේක ඇත්තම කතාවක්. අපි කට්ටියක් අනුමත වෙන දවසක දවසක් ලෝක කුසලාන පාපන්දු තරගයක් ටීවී එකේ යනව. අපිත් වැඩේ කරන අතරෙ ටීවී එකට ඇහැ දාගෙන හිටිය. පාපන්දු ගහද්දි නිතර නිතර ක්‍රීඩක ආදේශ වෙනවනේ. මේ වෙලාවට අර එලියට එන ක්‍රීඩකයගෙ අංකය රතු පාටිනුත් ඇතුලට යන කෙනාගෙ අංකෙ කොලපාටිනුත් පෙන්නන බෝඩ් එකක් උස්සනව දැකල ඇතිනෙ. ඔන්න ඔය වෙලාවෙ හොඳ ගානට අනුමත වෙච්ච අපේ එ‍කෙක් කියනව මෙහෙම,

"අඩෝ බලපංකො හැම තිස්සෙම එලියට යන්නෙ මේ හබ්ලොට් කියන එකාමයි, ඌ එලියෙ තිව්වනං ඉවරයිනෙ!"


☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

කරපු විදිය
මේක සිද්ධවුනේ ඊයෙ ඔපීසියෙදි. අපි කතා කරද්දි නිරායාසයෙන් එන වචන වලට වෙනත් භයානක තේරුම් එන්න පුළුවන්. හාමුදුරු කෙනෙක් ළමා අපචාරයක් කරල ඇතුලට ගිහිල්ල කියල ආරංචියක් ආව. මේ ගැන අපි කතාවුනා. එක එක්කෙනා අදහස් දක්වද්දි එක නෝන කෙනෙක් කියනව මෙහෙම,

"හාමුදුරුවො සිවුර ගලවල ඔයවැඩේ කලානං ඉවරයිනෙ නේද?" එයා අදහස් කලේ සිව්රුහැරල ඕන මගුලක් නටාගත්ත නං හරිනේ කියල. නමුත් මම ඇහුව මෙහෙම,

"හැබෑට මිස්, සිව්ර ගලවල වෙන්නඇති නේද ඔයවැඩේ කරන්න ඇත්තෙ? ඔයා කෙහොමද කියන්නෙ ඒ වෙලාවෙ සිව්ර තිබුන කියල? දැක්කද?....." ඊට පස්සෙ වෙච්ච දේ කියන්න ඕන නෑනෙ.
☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

Tuesday, April 7, 2015

වසන්තයා 4, සීයා & මුනුපුරා with පනු කොල්ලා!

"සීයේ සීය කියන ඕනම කතාවකට ගැලපෙන කතාවක් මේ දවස්වල සිද්ධවෙනව බොරුද මං අහන්නෙ?" මුනුපුරා එන්නෙ මොකාටද කියල හිතාගන්න බැරුව සීය අන්දමන්ද උනා.

"මොකද්ද උඹ දැං කියන්නෙ?"

"මං කියන්නෙ සීයේ අපේ රටේ මේ සිද්ධවෙන කේස් ඔක්කොම සිද්ධවෙන්නෙ ඔය සීය කියන කතන්දර වල වෙන විදියටමයි"

"මම කියන කතන්දර කිව්වෙ? මම උඹට කියන්නෙ සුරංගනා කතා, එතකොට රජ කතා, ආයි ගෙවල් වල කතා, උඹ වගේ ඇට්ටර පැංචන්ගෙ කතා..... ඕවයෙ තියන සම්බන්ධෙ මොකද්ද?"

"හරියටම කිව්වොත් සීයේ සීය මට කියල දෙන කතාවල විදියට තමයි අපේ රටේ වැඩ සිද්ධවෙන්නෙ.... හරි සීය කතාවක් කියන්නකො..... මං කියන්නං ඒ කතාව මේ දවස්වල සිද්ධවෙන්නෙ කොහොමද කියල!"

"උඹ ඉතිං මොකක් හරි කියල කතාවක් අහගන්නනෙ හදන්නෙ.... හරි මම කියන්නං උඹ වගේ හීං එකෙක් ගැන කතාවක්.... පුළුවන් නං මේක අද කාලෙට ගලප්පල ගනිං"

"හා"

"ඔන්න එක ගෙදරක හිටිය උඹ වගේ ඇට්ටර පැංචෙක්. මුගේ වැඩේම මොකක් හරි වරදක් පෙන්නල අඬන එක"

"අන්න බලන්න සීයේ ඒකෙත් හැටි..... ඌ හරියට අපේ විමලෙ අංකල් වගේ නේද?"

"ඒ කිව්වෙ?"

"ඇයි එයාත් එහෙමනේ..... තිස් ගානකිං තෙල් මිල බස්සලත් පනහකිං බැස්සුවෙ නෑ කියල ඇඬුවෙ! එතකොට"

"හරි හරි නවත්තපංකො එයා ඉතිං කොහොමත් එහෙමනේ.... ඔන්න මේ කොල්ල දොස්තර ලඟට එක්කරගෙන ගියා.... ගිහිල්ල ලෙඩේ කිව්ව!"

"හැබැයි සීයෙ විමලෙ අංකල්ගෙ ඇඬිල්ල නවත්තන්න පුළුවං එකම එක ජගතයි ඉන්නෙ.... මැදමුලනෙ...."

"හරි හරි අහගනිංකො‍ මේක..... ඔන්න දොස්තර ලඟට ගිය කොලුව අඬන්න ගත්ත.... දොස්තර ඇහුව මොකද අඬන්නෙ කියල....කොල්ල කියපි ඌට පනුවෙක් කන්න ඕන කියල"

"නෑ! ඌ මාර කොල්ලෙක්නේ සීයේ"

"ඔව් ඔව් අහගනිංකො..... ඔන්න දොස්තර පනුවෙක් ගෙනාව ගෙනල්ල කිව්ව කන්න කියල....."

"ඒ ගමන නං කොල්ලට කටඋත්තර නැතිවෙන්න ඇති නේද සීයේ?"

"මොන! උගේ ඇඬිල්ල නැවතුනේ නෑ.... ඌ ඒ ගමන අඬනව ඔයත් බාගයක් කන්න කියල"

"හි හි හි.... ඇද්ද! ඒක නං විමලෙ අංකල් වගේම තමයි.... තනියම කන්න බැරි නිසා තමයි ඔය මැදමුලනෙ අංකල්වත් අල්ලගන්න හදන්නෙ"

"පැහිච්ච කතා නැතුව අහගනිංකො! ඔන්න මූට හොඳ පාඩමක් උගන්නන්න හිතපු දොස්තර පනුවගෙ බාගයක් කෑව"

"හොඳ වැඩේ අඬන කොල්ලට"

"ඒ ගමන ඌ ආයෙත් අඬන්න ගත්ත කලිංට වැඩිය සද්දෙට"

"ඒ මොකද සීයේ?"

"ඒ ගමන ඌ අඬනව දොස්තර කෑවෙ උගේ පනු බාගෙ කියල, ඔන්න ඕකයි කතාව, දැං උඹ කියන්නෙ මේ කතාව විමලෙ අංකල් ගැන කියලද?"

"හි හි හි.... විමලෙ අංකල් ගැන වගේ පෙනුනට සීයේ මේක වෙනම කේස් එකක්"

"ඒ මොකද්ද බොල?"

"මේ ඇඬිල්ල හරියටම සෙට් වෙන්නෙ නිමල් සිරිපාල අංකල්ගෙ ඇඬිල්ලට"

"මොකද්ද ඒ හරුපෙ?"

"මේකනෙ සීයේ.... සිරිමා මැඩම්ගෙ කා‍ලෙ ඉඳලම සිරිලංකා එක විදායකේට විරුද්දයිනෙ.... සැටලයිට් නෝනත් කිව්වෙ බහුබූත වියවස්තාව කියලනේ.... මහින්ද අංකල් ඕක අහෝසි නොකල එකෙං වැඩියෙම්ම බැට කෑවෙත් සිරිලංකා එකේ නායකයොනෙ...."

"ඉතිං?"

"ඉතිං එයාල තමයි විදායකේ අහෝසි කිරිල්ලට අත් දෙකම උස්සන්න ඕන...."

"හැබෑව! ඉතිං දැං මොකද කියන්නෙ එයාල?"

"එයාල කියන්නෙ ඡන්ද ක්‍රමේ වෙනස් කරන්නෙ නැත්තං මේකට සහයෝගෙ දෙන්නෙ නෑ කියලනේ.... අර පනු කොල්ලගෙ චරිතෙ මේ දවස්සල කරන්නෙ ඔය නිමල් අංකල්නෙ සීයෙ! බලන්න මං කිව්වෙ බොරුද කියල!"

Monday, April 6, 2015

වසන්තයා තුන....අනන්‍යතා අර්බුද, කූඨ ලේඛණ සහ සෝමාවතීගෙ ලියුම.

රාජ්‍ය සේවයේ, සේවයක් කරන්න/ලබාගන්න යද්දි මුනගැහෙන දෙයක් තමයි ලිඛිතව පැවතිය යුතුයි කියන නීතිය. හෑම දෙයක්ම ලියුමකින් දෙන්න ඕන. ඔය තොරතුරු තාක්ෂණය පැමිණීමත් එක්ක පොඩි පොඩි වෙනස්කම් සිදුවුනත් මේ නීතිය තවමත් එසේම තියන බව කියන්න ඕන. ඉලෙක්ට්‍රොනික් ගනුදෙණු පනත අනුව යම් වෙබ් අඩවියක් ඊමේල් එකක් වගේ ලියවිල්ලක් 'නැවත නැවත පිවිසිලා බලන්න පුළුවන් නම් ලිඛිතව පැවතීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරල' කියල තියනව.

මේ නීතිය නිසා මතුවෙන මූලික අවුල තමයි මොකක් හරි වැඩක් කරගන්න ඕනවුන ගමන් 'කඩදාසි' මහගොඩක් ඉදිරිපත් කරන්න සිදුවීම. සාමාන්‍ය මිනිස්සු රාජ්‍ය සේවය ගැන අප්‍රසාදය පලකරන්න එක හේතුවක් තමයි මේක. මොකක් හරි වැඩක් කරගන්න මනුස්සයෙක් ආවම කාර්යාල වල වැඩකරන නෝනාවරු සහ මහත්වරු කියනව අහවල් ලියවිල්ල ගේන්න කියල. ඒක අරගෙන තව දවසක ආවම තවත් එකක් මදි කියල කියනව. ඉතිං මිනිස්සුන්ගෙ මල පනිනව. කට්ටියගෙ අම්මල තාත්තල මතක් කරල තමයි යන්නෙ.

අපි දවසක් මේ ගැන ෆේස්බුකියෙ කතා කලා. මාතෘකාව උනේ වාහනයක් පැවරීම. මේ වැඩේට ඕනකරන ලියකියවිලි සෑහෙන්න තියනව.

1.වාහනයේ දැනට තියන ලියාපදිංචි සහතිකය හෙවත් පොත සහ වාහන හැඳුනුම්පත හෙවත් වීඅයිසී එක (මේක දැන් නං අත්‍යාවශ්‍ය නෑ වගේම දැන් වාහන වලට දෙන්නෙත් නැද්ද කොහේද)
2.වලංගු ආදායම් සහතිකය.
3.සම්පූර්ණ කල MTA 6-8 ආකෘති.
4.ග්‍රාම නිලධාරී සහතික කල ඡායාරූප දෙකක්
5.වාහනයේ පරම අයිතියක් තියනව නං ඒක අවලංගු කල ලිපිය.
6.ග්‍රානි-ප්‍රාලේ සහතික කල හැඳුනුම්පත් පිටපත්.
මීට අමතරව ඔය කියපු ලියකියවිලි වල ෆොටෝ කොපි වගේ දේවලුත් ඕන වෙනව.

මේවා නිසා සිදුවන කරදරය ගැන තමයි අපි කතාවුනේ. මගේ අදහස අනුව මේ ලියකියවිලි ගන්න හේතුවක් තියනව. මූලික කාරණාව තමයි පසුකාලයක මතුවිය හැකි අවුල් වලින් ගැලවීම. හැබැයි ඉතිං ප්‍රමාණයෙන් සුළු, ඇතිවිය හැකි ප්‍රශ්න වෙනුවෙන් විශාල ප්‍රමාණයකට වන්දි ගෙවන්න වෙනව. මම එතනදි කිව්වෙ මේ වගේ අදහසක්.

"ලංකාවෙ අපරාධ නීතිය හැදිල තියෙන්නෙ අපරාධකාරයට දඬුවම් දීමට වැඩිය නිර්දෝශී මිනිහෙකුට දඬුවම් ලැබීම වැලැක්වීමට. ඒ හේතුව නිසා සමහර අවස්ථා වල අපරාධකාරයන්ටත් පුළුවන් පැනල යන්න. රාජ්‍ය සේවය සම්බන්ධ නීති හැදිල තියෙන්නෙ සිදුවිය හැකි ඕනෑම වැරැද්දක් ආවරණය වන හැටියට. ඒ නිසා හොඳ නරක හැම සේවාදායකයටම සිදුවෙනව ඒ අනුව කටයුතු කරන්න"

මේ ගැන මගේ ප්‍රශ්නයකට උත්තර දුන්න චානුක වත්තේගම, සංවර්ධිත රටවල මේ කාර්යන් සිදුවන ආකාරය ගැන කිව්වෙ මෙහෙමයි.

"ඒ රටවලදි මිනිස්සු කියන දේ රාජ්‍ය සේවකය පිලිගන්නව.... ව්‍යාජ තොරතුරු සැපයීම සිරගත වීමට හේතුවක් නිසා කවුරුත් එහෙම කරන්නෙ නෑ" (ඒ වගේ අදහසක්)

දැන් තමයි හොඳම කතාව. අපේ ඔය සංවාදෙට පස්සෙ දවසෙ කාර්යාලෙදි එක්තරා (ඉහල) නිලධාරියෙක් මට කතා කලා.

"රාජ්, මේ අහවල් රාලහාමිගෙ අත්සනද? මේ එයාගෙ අකුරුද?"

ලියුමක් පෙන්නල එයා ඇහුව. මගේ ලඟ තිබුන අදාල රාලහාමිගෙ අකුරු, අත්සන සහ මුද්‍රාව තියපු වෙනත් ලියවිල්ලක්.
අකුරු වෙනස්, අත්සන වෙනස්, සීල් එකත් වෙනස්! රාලහාමිට කෝල් එකක් දීල ඇහුව මෙහෙම ලියුමක් දුන්නද කියල. එයා දීල නෑ! බලන්න වැරදි ප්‍රමාණය.

ව්‍යාජ අත්සන්, මුද්‍රා, කූඨ ලේඛණ..... මතකයිනෙ තිස්ස අත්තනායක! සංවර්ධිත රටවල තත්වය මොකක් උනත් මෙහේ තත්වය ඕකයි. අපි වෙනස් ජාතියක් කියන්නෙ ඕකනෙ. ඒකෙ හොඳම කෑල්ල ඔය කිව්ව ටික නෙවේ. ලියුම අරගෙන ආවෙ මොකටද කියන කාරණය බැලුවම!

ලියුමෙ කියල තිබුනෙ (ඒක ග්‍රානි ලියන විදියට ලියපු එකක්) ලියුම අරගෙන ආපු සෝමාවතී කියන තැනැත්තිය එයාගෙ අම්මගෙ එකම දරුව කියලත් තවත් දරුවො නෑ කියලත් වගේ කාරණාවක්. ලියුම ඉදිරිපත් කරන්න හේතුව තමයි එයාගෙ අම්මට ලැබෙන මොකද්දෝ ආධාරයක් (සමාජසේවා එකෙන් දෙන) ලබා ගැනීම. එයාට තවත් සහෝදරයෙක් ඉන්නවලු. ඒ ගැන සඳහන් නොකර වැඩේ කරගන්නයි ඇවිත් තිබුනෙ. යකෝ මේ වගේ අහිංසක මනුස්සයෙක් කූඨ ලේඛණ ඉදිරිපක් කලා කියල හිරේ දාන්න පුළුවන්ද මං අහන්නෙ? අර පොඩි එකෙක් පොල් හොරකම් කලා කියල හිරේ දැම්ම වගේ වෙයි! නැත්තං අර සීගිරියෙ කුරුටුගාපු කෙල්ල ගැන ෆේස්බුක් එකේ කතා කරන්න ගත්ත වගේ කතා කරයි.


මේ තියෙන්නෙ අද වගේ දවසක ලිව්ව තවත් ලියමනක්(?)

Saturday, April 4, 2015

පෙට්ටියෙන් ගන්නා ලද.....

කොළඹ ගමයගෙ "අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?" කියන ලිපිය කියෙව්වම මට හිතුන දෙයක් මේ.

මිනිස්සු බොහෝ දෙනෙක් කැමතියි කම්මැලිකමට. 'කම්මැලිකම' කියන එක මතක් වෙන්නෙ 'මහන්සිවීම' කියන එකේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවෙ උනාට ‍මම අදහස් කලේ ඊට එහා දෙයක්. ඇඟ මහන්සි කරන්න කම්මැලිකම සාධාරණයි කියමු, ඒත් අඩු ගානෙ හිතන්න කම්මැලිකම?

අපි ඔය ට්‍රේනින් වලට ගියාම එක එක අභ්‍යාස කරන්න දෙනව. එකම සිද්ධියක් විවිධ කෝන වලින් බලල තමුන්ගෙ අදහස් දැක්වීම එක ක්‍රමයක්. මේ වගේ වෙලාවල් වල හිතාගන්න බැරි තරම් නිර්මාණාත්මක අදහස් එලියට එනව. ඒ වගේ වෙලාවල් වල මිනිස්සු මොලය වෙහෙසල ප්‍රශ්න වලට උත්තර හොයන හැටි අපූරුයි. නමුත් ආයෙත් සාමාන්‍ය ජීවිතේට ආවම පරණ කම්මැලිකම පටන් ගන්නව. ඒ අනුව ක්‍රියාත්මක වෙනව. නවතින තැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

මම දකින විදියට මේකට හේතුව මිනිස්සුන්ගෙ ඔලු/මොල සකස් වෙලා තියන විදිය. මේක තේරුම් කරන්න පුළුවන් මෙහෙම. මිනිස්සු ඉන්නෙ, ඕනෑම කරුණක් සම්බන්ධව, කා‍ලාන්තරයක් තිස්සෙ අැසීම දැකීම මඟින් ප්‍රශ්න වලට විසඳුම් ඔලුවල ගබඩා කරල තියාගෙන. එක එක්කෙනාගෙ විසඳුම් විවිධ වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රශ්නයකට අදාලව, හැමෝටම යම් "ප්‍රමුඛ" විසඳුමක් තියනව. ප්‍රශ්නය එන්නෙ කොයි වෙලාවෙද අන්න අර කිව්ව "ප්‍රමුඛ විසඳුම" තමයි එලියට පනින්නෙ. හරියට පෙට්ටියක දාල උඩම තියන දේ නිතරම ගන්නව වගේ. මම අවුලක් විදියට දකින්නෙ මෙන්න මේ එකවරම පනින ප්‍රමුඛ විසඳුම.

උදාහරණයක් විදියට කොලඹ ගමය කතා කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එල්ලවූ ප්‍රහාරය සලකමු. මේ කේස් එකට මුල් වෙන්න ඇත්තෙ මොකක් හරි ගැටළුවක්නෙ. මේ වගේ අවුලක් හැදුන ගමන් ඊට මැදිහත් වන පාර්ශවයන්ට තියනව ජනප්‍රිය වූ විසඳුම්. මේව එන්නෙ අර පෙට්ටියෙන්. ශිෂ්‍යයන්ට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ උද්ඝෝෂණ. පාලකයන්ට මතක් වෙන්නෙ මර්ධනය. පොලිසිය බලාගෙන ඉන්නෙ බැටන්/කඳුළු ගෑස්/වතුර ප්‍රහාර දෙන්න. ඊනියා අදහස් දක්වන්නන් ටික දෙනෙක් ආණ්ඩුවට බනිනව. තවත් පිරිසක් කියනව ශිෂ්‍යයන් මොකටද දේශපාලන ඉත්තො වෙන්නෙ කියල. තවත් කට්ටියක් ජේවීපීයට/පෙරටුගාමී සමාජවාදීන්ට බනිනව ලනු කනව කියල. මේ සියල්ලම ඔලුව ඇතුලෙන් ගන්න කම්මැලි විසඳුම් වල ප්‍රතිපල. "යන්න ඕන කඩාගෙන", "දෙන්න ඕන මුන්ට පැනි හැලෙන්න" "මුං එලවන්න ඕන ගහලමයි" වගේ උඩ තියන විසඳුම් වලින් බැහැර වෙන්න තියන අකමැත්ත.

මේ වගේ ප්‍රශ්නයකදි සාමකාමී විසඳුමක් දෙන්න/ගන්න කවුරුවත් පෙළඹෙන්නෙ නෑ. උද්ඝෝෂකයන්ට මහ ලොකුවට ප්‍රහාර එල්ල නොකර විරෝධය පෙන්නන්න ඉඩ දුන්න නං ටික වෙලාවක් ඉඳල අඩියක් පස්සට ගන්නත් ඉඩක් තියනව. නමුත් කවුද අතලඟ තියන උත්තරේ අතහැරල වඩා හොඳ උත්තරයක් ලබාගන්න පෙට්ටිය අවුස්සන්නෙ!

Thursday, April 2, 2015

කාල යන්ත්‍ර සංචාර.......(බ්ලොග් වසන්තයා නිමිත්තෙනි-I)

ඊයෙ දවසෙ, අහම්බෙන්, කාල යන්තරේක යන්න ලැබුන. කල්පනා කරල බැලුව යන්නෙ කොහෙද කියල, ගියා වගේම ආයෙ එන්නත් එපැයි. මම ගියා හරියටම අවුරුද්දක් අතීතෙට. එතනින් ගියා නිතරම ගැවසෙන පොට්එක වෙච්ච ලොකු මාමගෙ කඩේට. සුපුරුදු විදියටම කට්ටිය ඉන්නව. ලොකුමාම පරණ වෙච්ච දුංකල කෑලි වගයක් අව්වට දානව, ධර්මෙ අයිය ප්ලේන්ටිය බංකුව උඩ තියාගෙන ගෝල්ඩ්ලීෆි එකක් අදිනව, රුවන් මල්ලි පත්තරේ බලනව, මහතුං මාම බුලත්විට හපනව, මාත් ගිහිල්ල බංකුවෙන් වාඩිවෙලා ප්ලේන්ටියක් ඕඩර් කලා.

"මොකටද බං දැංම ඉල්ලන්නෙ..... තව අවුරුදු දෙකක් තියෙද්දි?"ටක ටක ගාල ප්ලේන්ටිය ගහන ගමන් ලොකුමාම අහනව.

"සමාර විට ලොක්ක හිතනවද දන්නෑ දැම්ම ඉල්ලන එක හොඳයි කියල...." එහෙම කිව්වෙ ධර්මෙ අයිය.

"තාම නං ඉතිං පේන මානෙක නෑනෙ කවුරුත් එයාට අබියෝග කරන්න...." රුවන් මල්ලි කිව්ව. අන්තිමට මාත් කටදැම්ම.

"මොකක් ගැනද උඹල මේ කතා කරන්නෙ?"

"මේ තියෙන්නෙ..... ජනාධිපතිවරණය මේ අවුරුද්දෙම කැඳවන්න ඉඩ තියනවලු!" පත්තරේ පෙන්නන ගමන් රුවන් මල්ලි කිව්ව. එතකොටයි මට මතක් උනේ මම අතීතෙට ආපු බව. ඔන්න බලමුකො ඉතිං ඒකෙත් හැටි! අවාසනාවකට වගේ, මගේ කරුමෙට, (සමහර විට මාරයගෙ බලපෑම වෙන්නත් පුළුවන්), ඇත්ත කියන්න මාව පෙළඹෙව්ව.

"උඹල දන්නවද?..... මම දැං උඹල එක්ක මෙහෙම හිටියට මම ආවෙ අවුරුද්දක් අනාගතේ ඉඳල!" මේ හරුපෙ යංතං හෝ තේරුම් ගියේ රුවන් මල්ලිට විතරයි.

"අම්මප! මොකෝ උදේම ඩස්පියගෙ ගෙවල් පැත්තෙ ගියාද?"

"නෑ නෑ බං.... මම ආවෙ දෙදාස් පාලහේ ඉඳල..... උඹල ඔය කියවන පත්තරේ සීන් එක මම ඇස් දෙකෙන්ම දැකල ඉන්නෙ!"

"මොකද්ද උඹ දැක්කෙ?" කට පියාගෙන හිටපු ධර්මෙ අයිය ඇහුව.

"මහින්ද මහත්තය නොවැම්බර් වල තීරණය කලා ජනාධිපතිවරණයක් කැඳවන්න..... ජනාධිපතිවරණෙ තිබුනෙ ජනවාරි අට.... එ‍්කෙන් එයා පැරදිලා"

"හික්..... කැහ් කැහ් කැහ්...." කතාව අහගෙන හිටිය මහතුං මාමට බුලත්විට හිරවුනා.... එයා නොනවත්වාම හිනාවෙන්න ගත්ත.

"මහින්ද මහත්තය පරදිනවලු.... යකෝ අප්‍රේල් පලවෙනිද කියල අපේ කාලෙ කන්නෙ නැතුව හිටපං" එයා කිව්ව.

"නෑ බං.... මම කිව්වෙ ඇත්ත.... උඹලට ඕන නං අපේ ගෙදරට යමල්ල.... ටයිං මැෂිම පෙන්නන්න මං...."

"හරි උඹ දැක්කෙ මොනවද තව මහින්ද මහත්තය පැරදුනේ කොහොමද?" රුවන් මල්ලි ඔලොක්කුවට වගේ ඇහුව.

"මෙහෙමයි උනේ.... මහින්ද මහත්තය ජනාධිපතිවරණෙ කැ‍ඳෙව්ව විතරයි විපක්ෂෙන් දැම්ම පොදු අපේක්ෂකයෙක්..."

"ෆොන්සේකද?" ලොකු මාමා මැද්දට පැන්න.

"නෑ නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තය..."

"හෙහ් හෙහ් හෙහ්... ශ්‍රී ලංකා එකේ ලේකං, සෞඛ්‍ය ඇමතිතුමා? ඒක හොඳ විහිළුව" මහතුං මාම ආයෙත් හිනාවෙන්න ගත්ත.

"ඔව්.. ඔව් බොල... එයා මහින්ද මහත්තය එක්ක අමනාපෙං ඉන්නෙ දැන්.... අන්න ඒක තමයි කේස් එක.... ඊට පස්සෙ යූඇන්පී එකයි, හෙල උරුමයයි දෙමල සංවිදානයයි, වතු දෙමල පක්ෂයි, රව්ෆ් හකීමුයි සහයෝගය දෙනව මෛත්‍රීපාල මහත්තයට... ආ ජේවීපී එකත් සපෝට් එක දෙනව...." [සපෝට් කරනවම කියමු, නැත්තං උං කරපු කුනුහබ්බෙ කොහොමද පැහැදිලි කරන්නෙ]

"හහ් හහ් හහ්..... ඉතිං ඉතිං...." මහතුං මාමට හිනාව නවත්තගන්න බෑ.

"තියුනු තරගෙකින් පස්සෙ මහින්ද මහත්තය පරදිනව... ඊට පස්සෙ හොඳ හොඳ සීන් වෙන්නෙ... මෛත්‍රී ජනාධිපති වෙලා රනිල් අගමැති වෙනව.... නිමල් සිරිපාල විපක්ෂ නායකය වෙනව.... සන්ධානෙ බහුතරයක් මෛත්‍රීගෙ පැත්තට එනව.... මෛත්‍රී එයාලගෙ නායකය කරගන්නව..."

"හෝව් හෝව්.... ඔහොම ඉඳපං ඩිංගක් උස්ම අල්ලගන්නකං..... මේක අප්‍රේල් පලවෙනිද අහපු හොඳම කතාව ඕං.... අම්මප!" මහතුං මාම ආයෙ හිනාවෙන්න ගත්ත. අනිත් එවුනුත් ඊට එකතුවුනා. මගේ මෝඩකම වැටහෙනකොට ප්‍රමාද වැඩියි. මොනව කරන්නද!

"ඔව් යකුනේ.... උඹල විස්සාස කරනව නං විස්සාස කරහල්ල..... ඕක තමයි වෙන්නෙ.... ඡන්දෙ දවසට පහුවදාම මහින්ද මහත්තය මැදමුලනට යනව... එහෙත් හොඳ හොඳ සෙල්ලං සිද්ධ වෙනව.... කොටිම්ම.... උඹලට කියන්න මහින්ද මහත්තය පැරදුනාට පස්සෙ අර මොනරාගල ඉන්න එකා කවුද..... මේ..... විජයමුනි සොයිස කියනව අප්පච්චි මැරුන දැං ඉතිං ගෙයි තියාගෙන වැඩක් නෑ කියලත්"

"අම්මප උඹ සුරංගනා කතා ලිව්වනං හොඳ තැනකට එන්න තිබුන... සිරාවට! ට්‍රයි එකක් දීල බලපං රාජ් අයියේ...." උන්ට කතා කරල වැඩක් නැති තැන, ඇල්ගැහිච්ච ප්ලේන්ටි බාගෙත් එක උගුරට ගහල දාල මම නැගිට්ට. උංගෙ කතාවටත් හිනාවටත් වැඩිය මගේ හිතට වද දුන්නෙ මං එද්දි මහතුං මාම කියනව ඇහුන කතාවට.

"බොලව් මහින්ද මහත්තය විහිළුවටවත් පරදීවිද? එයා ඔය වැඩ ඔක්කොම කරන්නෙ සුමනදාස මහත්තයගෙ නැකැත් බලල ඒ අනුව! ඔය මනුස්සය ඉන්නකං මහින්ද මහත්තය පැරැද්දිලි ‍බොරු! කැමතිවුනත් අකමැතිවුනත් මැරෙනකල් ජනාධිපති එයා"

ඒ මිනිස්සු එක්ක තර්ක කරල වැඩක් නෑ කියල මට හිතුන. අවුරුද්දකට කලින් ඇහුවනං මේ වගේ කතාවක් විස්වාස කරන්නෙ මොන මෝඩයද හැබෑටම!