Monday, February 23, 2015

කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල......

එදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන.

"සර්, මම මේ කියන්න ගියේ වැඩිකරපු පන්දාහ ගෙවන්නෙ කොහොමද කියල! මහින්ද මහත්තය දීපු තුන්දාහ දෙන්නත් ඕන, අපේ පන්දාහ දෙන්නත් ඕන.... ඒත් ඉතිං සල්ලි තමයි....." රවී ඔලුව කහ කහ කියන්න ගත්ත.

"ඇයි ඔයා කිව්වෙ සල්ලි හොයාගන්න හැටි දන්නව කියල! දැං අපෙන් සල්ලි ඉල්ලන්නෙ ඇයි?" විහිළුවට වගේ අගමැතිතුමා කිව්ව.

"කිව්ව නං තමයි සර්.... ඒත් ඉතිං පනස් දාහවල් බෙද බෙද යන කට්ටියට වගේ සල්ලි දෙන්න කට්ටිය අපිට නෑනේ...."

"අපිට නං සල්ලි දෙන්න කට්ටිය ඉන්නව.... " සජිත් ඇමතිතුමා මොකක්දෝ කියාගෙන එද්දිම අගමැතිතුමා එයාව නිස්සද්ද කලා.

"හරි දැං කොහොමද මේ සල්ලි ටික හොයාගන්නෙ?"

"සර් අපි ගනිමු විදේශ ණයක්" රාජිත ඇමතිතුමා කිව්ව.

"හා හා හැම එකම ණයට අරගන්න ලෑස්ති වෙන්න එපා කලිං කට්ටිය වගේ...." අගමැතිතුමා කියපු එක ජනාධිපතිතුමාටත් වැදුන කියල තේරුනේ කිව්වට පස්සෙ. කොහොමටත් එතුමාට තේරුම් යනකොට ටිකක් පරක්කුයි නෙව.

"ඉතිං ඔය සල්ලි ටික ගන්න විදියක් කල්පනා කරන්නකො හිටං" නිස්සද්දව හිටිය ජනාධිපතිතුමත් හඬ අවධිකලා.

"අපි ගහමු බද්දක්! ජීඑස් ටැක්ස් හරි මොකක් හරි නමක් දාමු!" එහෙම කිව්වෙ ජෝසප් මයිකල් ඇමතිතුමා.

"ඒක හරියන්නෑ ජෝසප්.... එහෙම උනොත් මිනිස්සු කලකිරෙනව" අගමැතිතුමා කිව්ව.

"ක්‍රමයක් ඕන්නං කියන්නං......" මේ අතරෙ නිස්සද්දව හිටපු චම්පික ඇමතිතුමා කිව්ව. කවුරුත් එයාගෙ පැත්තට හැරුන.

"හැබැයි ඉතිං මේකට කවුරුත් කැමති වෙයිද දන්නෑ....."

"ඇයි, අර ඔයා පොතේ කිව්ව හොරුංගෙ ගිණුම්වල තියන සල්ලි ගන්නද?" රවී ඇහුව.

"නෑ නෑ.... මේක ඊට ලේසියි.... උසාවි යන්න වෙන ප්‍රශ්නයක් නෙවේ...."

"එහෙනං දේශප්‍රේමී බද්දක් ගේන්නද? ඔය ආරක්ෂක බදු වගේ?" අගමැතිතුමා ඇහුව.

"නෑ නෑ.... එච්චරත් අමාරු නෑ...."

"තටමන්නෙ නැතුව කියන්නකො චම්පික" අන්තිමට ජනාධිපතිතුමත් කිව්ව.

"සර්, මේකට අපේ ජෝන් ඇමතිතුමාගෙ සහය ඕන...."

"ඇයි? එකක් යන්තං යට ගියා.... ආයෙත් මාව කන්නද හදන්නෙ? අනේ මාව නං ගාවගන්න එපා ඕවට. අඩුගානෙ ඡන්දෙන් පස්සෙ"

"නෑ නෑ ඇමතිතුමා.... මේක බඩට වදින කේස් එකක් නෙවේ.... ඔබතුමාගෙ අමාත්‍යාංශෙ සහයෝගය විතරයි ඕන...."

"හෑ.... පාප් වහන්සෙ දීපු සල්ලි ටිකත් මෙයාට දුන්න තව මොනවද ඉල්ලන්නෙ?"

"නෑ නෑ.... ක්‍රිස්තියානි කටයුතු එක නෙවේ මට ඕන මහජන සාමය"

"ඒකෙං මොකක් කරන්න? මට නං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ හලෝ! මොකද්ද ඕන කියනවකො ප්‍රෙෂර් හදන්නෙ නැතුව"

"මට ඕන ඔබතුමාගෙ පොලිසිය" චම්පික ඇමතිතුමා හීන් හඬින් කිව්ව. කට්ටිය මීයට පිම්බ වගේ නිස්සද්දයි.

"ඒ මොකටද?"

"ඔයාලගෙ අනුර සේනානායකට කියල, ගස්සල, විකුණල දෙන්නකො තව සීඩී ටිකක්.... ඔය ගාන හොයාගන්න බැරිය ලේසියෙම්ම.... එයාට තව කිරිල්ලියො නැතෑ.... "

Friday, February 20, 2015

මහා වියවුල......












රට රටවල මිනිස්සු සෙට් එකක් තමන්ගෙ රටවල් වල ඡන්ද ගැන කියන්න ගත්ත.

"මම වාමාංශිකයෙක්.... වමේ පක්ෂයට ඡන්දෙ දෙනව"

"මම දක්ෂිණාංශිකයෙක්.... දකුණෙ පක්ෂෙට ඡන්දෙ දෙනව"

"මම නං ජාතිකවාදියෙක්.... අහවල් පක්ෂෙට ඡන්දෙ දෙනව"

ඔන්න ලංකාවෙ එක්කෙනාගෙ වාරෙ ආව. (දන්නව නේ ලංකාවෙ බුවාලගෙ හැටි)...

"ඕව මොන ප්‍රශ්නද බං..... අපිටනෙ ප්‍රශ්න තියෙන්නෙ!" එයා කිව්ව.

"මොනවද උඹලගෙ ප්‍රශ්න?"

"ඉස්සර වාමාංශිකයො සමාජවාදය ගේන්න ‍JVPයට ඡන්දෙ දුන්න..."

"ඉස්සර ලිබරල්වාදීන් ලිබරල් ගේන්න UNPයට ඡන්දෙ දුන්න..."

"ඉස්සර මැදිං යන්න ඕන කියල හිතපු අය ශ්‍රීලනිපයට ඡන්දෙ දුන්න...."

"ඉස්සර සිංහල ජාතිකවාදීන්, ජාතිකවාදය ගේන්න හෙල උරුමයට ඡන්දෙ දුන්න....."

"ඊට පස්සෙ?"

"2005දි වාමාංශිකයො එකතු වෙලා මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න...."

"2005දි ලිබරල් UNPකාරයොත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න...."

"2005දි සිංහල ජාතිකවාදීනුත් මහින්ද දිනෙව්ව ප්‍රභා එලවන්න..."

"ඊට පස්සෙ?"

"2015දි වාමාංශිකයො එකතුවෙලා අනියමින් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද එලවල සමාජවාදය ගේන්න...."

"2015දි UNP ලිබරල්වාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ලිබරල් ගේන්න...."

"2015දි සිංහල ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දල ජාතිකවාදය ගේන්න......"

"2015දි දෙමළ ජාතිකවාදීනුත් සහය දුන්න මෛත්‍රී දිනවල මහින්ද පරද්දන්න තමුන්ගෙ බලය පෙන්නන්න....."

"ඊටත් පස්සෙ?"

"දැං........"

"ලිබරල් UNPකාරයො ලිබරල් ගේන්න JVPය‍ට ඡන්දෙ දෙන්න වෙලා.... මොකෝ අවංකව හොරු ටික හරි අල්ලන්නෙ උංනෙ! හොරුත් එක්ක මොන ලිබරල්ද?"

"වමේ එවුන්ට සමාජවාදය ගේන්න UNP රනිල්ට ඡන්දෙ දෙන්න වෙලා..... UNPයේ සරදියෙල් අයවැය හින්ද!"

සිංහල "ජාතිකවාදීන්‍ටයි දෙමළ ජාතිකවාදීටයි මොනවා කරනවාද කියල හිතාගන්න බැරි වෙලා....ඇයි යකෝ විමල්ල, ගම්මන්පිලල ආයෙ සෙට් වෙන්නනෙ යන්නෙ"

"මොකද්ද දැං අවුල?"

"අවුල? යකෝ ආයෙ කවද්ද මිනිස්සුන්ට තමංගෙ මතවාදය වෙනුවෙන් ඡන්දෙ දෙන්න පුළුවං දවසක් එන්නෙ?"

Monday, February 16, 2015

මහින්ද පෝලිමේ අංකල්ට දුන්න ඔත්තුව!

ටික දවසකට කලිං මද්දහනෙ, වැඩ ඇරිල එන නෝනව එක්කරගෙන එන්න යන ගමං, බයික් එකට තෙල් ටිකක් ගහගන්න සෙඩ් එකට ගියා. මහින්ද වන්දනාවට ආපු සෙනඟ කාල්‍ටන් එක ලඟ ඉඳල සෙඩ් එක ලඟට පෝලිං ගැහිල ඉන්නව. කතරගම, යාල,.... ආදී පැතිවල යන ගමන් මහින්ද මහත්තයත් බලාගෙන යන එක සිරිතක් වෙලා. තෙල් ගහගෙන එන ගමං නෝනගෙ කෝල් එක එනකල් පුතා එක්ක ගහක් යටට වෙලා හිටිය. අංකල්ලා කිහිප දෙනෙකුත් හෙවන හොයාගෙන ගහ යටට ආව.

"පැටියෝ කොහෙද මේ යන්නෙ?" පුතා දිහා බලපු අංකල් කෙනෙක් ඇහුව.

"අංකල්ලා කොහේද?" මම ඇහුව.

"පුතා අපි කුරුණෑගල..... කතරගම යන ගමං..... ජනාධිපතිතුමත් බලල යන්න ආව...." මෙහේ ඉන්න එක්කෙනාද ඔහේලගෙ ජනාධිපති කියල අහන්න හදලත් ආයෙ ගිලගත්ත.

"ඒකනෙ දැන්නං පුළුවං බලන්න...."

මේ අතරෙ තවත් බුවෙක් ආව.... "මචං ඒ රාලහාමි නෑ බං.... පෝලිමේ ඉන්න වෙනව...."

"තාත්තී..... මුං ඒකටත් පෝලිම පැනල යන්න හදන්නෙ.... මුන්ත මයින්දමයි ඉන්න තිබුනෙ" පුතාගෙ කට වහගත්තත් කියල ඉවරයි. මං හිතන්නෙ අංකල්ලාට ඒක තේරෙන්න නැතුවැති.

"කොච්චර උනත් මහින්ද මහත්තයට මිනිස්සු තාම සලකනව නේද අංකල්....." මම මුට්ටිය දාල බැලුව.

"ඒක තමයි පුතා..... ඒකනෙ අපි මෙච්චර දුර ගෙවාගෙන ආවෙ.... ඒ වගේමයි දකුණෙ මිනිස්සු, ෂහ්!"

"කාල්තන් එක අයිනෙ පිං කැතයක් හයිකලානං පන්තලේ වගේ පඬුලු ටිකක් එකතු කලගන්න තිබුන, මයින්ද මාත්තෙයට තල්ලිත් නැති එකේ නේද තාත්තී"

මේ අතරෙ නෝන කෝල් එකක් දුන්න.... "ඔයා ඔතනම ඉන්න....මම අහවල් මිස්ගෙ කාරෙකේ එනව"

"අංකල්..... අද හවස තියනව මහින්ද මහත්තය‍ගෙ සේවය ඇගයීමක්.....ටිකක් වෙලා හිටියොත් ඒකත් බලල යන්න පුළුවං......" පුතා මගේ මූල බැලුව.

"ඇත්තද පුතා.... බලන්න කොච්චර දෙයක්ද! ඒ.... මචං.... මහින්ද මහත්තයට උස්සවෙයක් තියනවලු..... ඕන්නං බලල යං.... මේ පුතා කිව්වෙ..."

"තාත්තී අර...." පොඩ්ඩ කියාගෙන එද්දිම කට වහගන්න හැකියාව ලැබුන.

"එහෙනං ඒකත් බලල යං...."

"ඔව්වොව්..... හවස තුනට පටං ගන්නෙ....." මම කිව්ව.

"ඒකනෙ..... හතේ පූජාවට දේවාලෙට ගියාම මදැයි.... කොහේද පුතා තියෙන්නෙ?"

"බස්ටෑන්ඩ් එකට එහා පැත්තෙ පරණ කඩපොල තිබුන තැන...."

"මොකද්ද?" අපි ලඟට ආපු නෝනත් ඇහුව.

"මේ අර අද හවස තියන මහින්ද මහත්තය ගැන කියන රැස්වීම" නෝන මගේ අත කෙනිත්තුව.... බයික්කෙ ස්ටාට් කරගෙන අපි අංකල්ලාගෙන් සමුගත්ත.

"මතකෑතුව යන්න.... පලන පොල ගාව තීන්නෙ...." බයික්එක අද්දනකොටම පුතා ආයෙත් කිව්ව.

"හා..හා... මෙයත් හොඳ ගානට හැදිල දැං...." නෝන කිව්ව.

අපි එනකොට සංවිධායක මඬුල්ල කොඩිවැල් එල්ලමින් හිටිය..........
















































Friday, February 6, 2015

කතන්දර තුනක් (+18)

මේක ෆේස්බුක් එකේ යාළුවෙක් දාල තිබුන කතාවක්.
අවුරුදු අසූවකටත් වැඩි වයසක කපල් එකක් හිටියලු. මේ දෙන්න කසාද බැඳලත් අවුරුදු හැටකට වැඩියි. දවසක් මේ කාන්තාව අසනීප වෙලා. වැඩි දවසක් යන්න කලින් එයාගෙ අන්තිම මොහොත උදාවුනා. ඒ ගමන තමන්ගෙ ස්වාමි පුරුෂයට කතා කරල කිව්ව ගෙදර අල්මාරිය උඩ තියන පෙට්ටිය ගේන්න කියල. මේ පෙට්ටිය මේගොල්ල බැඳපු දවසෙ ඉඳල තියන දෙයක්. ඒක පිරිමියට විවෘත කරන්න තහනම් කියල පොරොන්දුවකුත් අරගෙනයි තිබුනෙ. එයත් ‍ඒක විවෘත කලේ නෑ.

ඔන්න පෙට්ටිය කාන්තාව ලඟට ගෙනල්ල විවෘත කලා. එ‍්කෙ තිබුන රෙදි වලින් ගොතපු බෝනික්කො දෙන්නෙකුයි මුදලින් රුපියල් අනූ දාහකුයි.

"මම ඔයාව බැන්ඳ දවසෙ, මේ පෙට්ටිය ම‍ගේ ආච්චි දුන්නෙ.... එයා දුන්න උපදේශය තමයි ඔයා එක්ක කවදාවත් රන්ඩු කරන්න එපා කියන එක.... ඔයා එක්ක තරහක් ඇතිවුනොත් මේ විදියට බෝනික්කෙක් ගොතන්න ආච්චි කියල දුන්න....." කාන්තාව කිව්ව.

සීයටත් මාර හැපී. මොකද ජීවිත කාලෙටම තමන් එක්ක තරහක් ඇති වෙලා තියෙන්නෙ දෙවතාවක් විතරයි.

"එතකොට මේ තියන රුපියල් අනූදාහ?"

"ආ....... ඒ බෝනික්කො විකුණල ගත්ත සල්ලි!" කාන්තාව උත්තර දුන්න.

මේ කතාව අපේ කාර්යාලෙ ඉන්න ලීලෙ අයියට කිව්ව.

"යකෝ අපිට තදවෙන තරමට අපේ ගෑනු බෝනික්කො ගෙතුව නං මෙලාකට අපි කෝටිපති!" එයා උත්තර දුන්න.

++++++++++++++++++++++++++++++++++++++++++++++

ඔන්න හස්බන්ඩ්ලා විකුණන සාප්පුවක් තිබුනලු. මේක තට්ටු හයක ගොඩනැඟිල්ලක්. යට තට්ටුවෙ ඉඳල උඩට අඩු හොඳ සිට වැඩි හොඳ දක්වා පිරිමි ඉන්නවලු. හැබැයි එක කොන්දේසියක් තිබුනලු. ඉහල තට්ටුවකට ගියොත් ආයේ ඊට පහල තට්ටුවකින් මිලදීගන්න බෑ.

ඔන්න කාන්තාවක් ගියා සාප්පුවට.

පළමු මහලට ඇතුළුවන තැන දොරේ ඉලෙක්ට්‍රොනික් අකුරෙන් ගහල තියනවලු මෙහෙම,

"රැකියා කරන ස්වාමිපුරුෂයන්"

රැකියාවක් කරන කෙනෙක් නං හොඳයි..... ඊලඟ එකත් බලමු! දෙවනි තට්ටුව ලඟ තියනව කියන්නෙ මෙහෙමයි,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති ස්වාමි පුරුෂයන්" ඒක දැකල අර මනුස්සයට තවත් සංතෝසයිලු. නමුත් ඊලඟ තට්ටුවටත් යන්න ආසයිලු. එතනත් බෝඩ් එකක්,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ස්වාමි පුරුෂයන්" ඒත් මදි මේ ගෑනිට, ගියා හතරවෙනි තට්ටුවටත්,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ගෙදර වැඩට උදව් කරන ස්වාමි පුරුෂයන්" ආයි ඉතිං ගෙදර වැඩත් කරනව නං මොනවද! නමුත් ඊලඟ එකටත් යන්නයි හිත එතන තියෙන්නෙ,

"රැකියාවක් කරන, ළමයින්ට කැමති කඩවසම් ගෙදර වැඩට උදව් කරන කාන්තාවන් හොඳින් සතුටු කලහැකි ස්වාමි පුරුෂයන්" ඔන්න එකම අඩුවත් සම්පූර්ණයි. තවත් මොකුත් ඕනද? නමුත් ආසාව ඊලඟ එකටත් යන්න. ඒකට ගියාම ඒක හිස්. මොකෙක්වත් නෑ. එක තැනක මොකක්දෝ දැන්වීමක් දැකල කාන්තාව ගියා එතනට,

"ඔබ මෙම මහලට පැමිණි 6,975,953,032 වන කාන්තාවයි. කාන්තාවන් සතුටු කිරීමට නොහැකි බැව් සනාථ කිරීමට මෙය නිර්මාණය කර ඇත"


++++++++++++++++++++++++++++++++++++++++++++++

මේක ටිකක් නෝටි, ඩර්ටි කතාවක්. ළමයි ඉවත් වෙන්න.

ඔන්න බොසෙක් තමන්ගෙ ලඟ වැඩකරන ගෑණු ලමයෙකුට පොඩි යෝජනාවක් කලා.

"මාෂී.... ඔන්න මම රුපියල් දාහක් බිමට දානව..... ඔයාට පුළුවන් නං ඔයා ඒක අහුලගන්න..... හැබැයි ඔයා ඒක ගන්න අතරෙ මම ඔයාට #$&^(*^ කරනව! කැමතිද වැඩේට?"

කෙල්ල හොල්මං.... හැබැයි බොසාගෙ සල්ලි වලටත් ආසයි. ඒ නිසා කෙල්ල තමුන්ගෙ කොල්ලට කතා කරල විස්තරේ කිව්ව.

"ඔච්චර ඉක්මනිං කොහොමද ඔය වැඩේ කරන්නෙ? අඩු ගානෙ රෙදි ටිකවත් ගලවන්න පුළුවන්ද ඔය ටික වෙලාවට..... ඔයා ඕනනං දෙදාහක්ම ඉල්ලන්න......"

ඔන්න උපදේශයෙන් පැයබාගෙකට විතර පස්සෙ කොල්ල කෙල්ලට කෝල් එකක් ගත්ත,

"ඩාලිං මොකද වුනේ? අරූගෙ රුපියල් දෙදාහ ගත්තද?"

"දෙදාහ තමයි, ඒ *&$#@@^& කාසි වලින් දුන්නෙ.....මම පැය බාගයක් තිස්සෙ කාසි අහුලනව..... ඌ පැය බාගයක් තිස්සෙ මට ^@#^#$&^$@#"

Monday, February 2, 2015

තිස්ස තිස්ස තිස්..........ස අයියෝ තිස්ස!










අනේ දෙවියනේ මට වුන වියෝයා
ගිලෙන නැවට පනින්න හිත ගියෝයා
හොර අස්සං ගහල ඇතුලට ගියෝයා
එලියට ගත් එකෙක් මගෙ සුමි‍තුරෝයා

මිනිස්ටරියෙ කෑම සුවඳ පැතිරෙනවා
කරගන්නට බැරිවූ දේ සිහි වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා

අම්බානට පැරදුනු කල අපෙ පක්සේ
මාධ්‍යට කිව්ව ගොහිල්ල මයික් අස්සේ
වැරදීමෙන් පැන්නත් ඡන්දේ අස්සේ
මං අමතකද උඹලා රජවූ පස්සේ

මල්ලියෙ නරක මිතුරන් පිලිගන්න එපා
නංගියෙ මැද මුලන පැත්තේ යන්න එපා
මේසේ උඩ තියන ලිපි අර ගන්න එපා
ගත්තත් මාධ්‍යට නං පෙන්නන්න එපා

යෑමෙන් හොඳ කටඇර ඇතුලට යෑම
දීමෙන් හොඳ දීම රජාට #ක දීම
බීමෙන් හොඳ බීම රජ සුළු දිය බීම
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම

හීන් හඬින් කිව් තිස්සගෙ කවි අහලා
මාත් කියන්නං කයිපද ගලපාලා
‍දෙන්නං උපදෙසක් හිතලා බලලා
තරහා නැතුව අහගෙන ඉන්නකො ඔහෙලා

රෑ ‍මැරෙන්න ඉන්නා එළුවගෙ බෙල්ල
උදේ කපල පව් අරගත්තා වාගේ
තිස්ස මැතිඳු පැන එල්ලුනි සාටකයේ
සාටකේ ගිලුනි තිස්සත් එක්ක මඩේ

ආවා උනත් කොකාට සිය දහස් වරක්
එනවලු තිත්තයාටත් වාරයක් දෙකක්
පනින්නට කලින් හිතුවොත් තවත් වරක්
වෙන්නේ නැහැ ඔබහට නං මෙවන් දුකක්