Monday, August 26, 2013

දෙමාපියන්ගෙ සෙක්ස් වලට බාධා කරන ඇම්ඩන් පැටව් (+18)

කසාද බැඳල ළමයි ඉන්න එවුන් දන්නව ඇතිනේ පොඩි එවුන් ඉන්නකොට "රොටියක් පුච්චගන්න" තියන අමාරුව. ලංකාවෙ බොහෝමයක් දරුවො ලොකුමහත් වෙනකල් ඉන්නෙ දෙමව්පියන් එක්ක එකම ඇ‍ඳේ. ඉතිං මහ එවුන්ට මොනවහරි කරගන්න ඕන උනාම හෙන අවුල. පොඩි එවුන් නින්දට යනකල් ඉන්න වෙනව නේ. සමහර එවුන් රෑ වෙනකල් නිදාගන්නෙත් නෑ. අනෙක දැං ඉන්නෙ කොලු තාත්තල සහ කෙලි ආච්චිල. මම දැක්ක මේ ගැන බ්ලොග්කරුවො කිහිප දෙනෙකුත් කියල තිබුන. අපි හැන්දෑවක අනුමත වෙන වෙලාවක අපේ ඩ්‍රයිවර් මහත්තයෙක් මේ ගැන කතා දෙකක් කිව්ව.

ඔන්න මේ කියන ඩ්‍රයිවර් මහත්තයයි එයාගෙ නෝනයි ඉඳල තියෙන්නෙ නෝනගෙ ගෙදර. හේතුව නෝනට දෙවනි දරුව ලැබීම. පොඩ්ඩ ඉපදිලා මාස කිහිපයක් ගිහිල්ලත් තිබුන. ඒත් හරි හැටි දෙන්නට අහවල් වැඩේ කරන්න ලැබිල නෑ. එයාලගෙ වැඩිමහල් දරුව කෙල්ලක්. වයස අවුරුදු හතරක් පහක් ඇතිලු. ළමයි දෙන්න එක්ක අම්ම ඉඳල තියෙන්නෙ එක කාමරේක. ඩ්‍රයිවර් වෙනම කාමරේක. ඉවසල ඉවසල බැරිම තැන දවසක් ඩ්‍රයිවර් ගිහිල්ල ළමයි නිදි ඇති කියල හිතල නෝනගෙ අතින් ඇදල තමුන්ගෙ කාමරේට එක්ක යන්නයි සූජානම. ඔන්න එකසැරේටම ලොකු කෙල්ල නැඟිටල මුගේ අත යටින් රිංගල දුවල ගිහින් තියනව ආච්චිගෙ, ඒ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ නැන්දම්මගෙ කාමරේට. නිකං නෙවේ මෙන්න මෙහෙම හඬ තලමින්,

"....ආ.......ච්.......චී....... මෙන්න තාත්ත ඇවිල්ල...... අම්ම එක්ක යන්න.... හදන.............වෝ........"

අපේ යාළුවගෙ රෙදි කලින්ම ගැලවුනා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

"මම පහුවදා පහට නැඟිටල නෝනට කියල ගෙදර ආව. නැන්දම්මලගෙ මූන බලන්න ඇහැක වෙච්ච දේට!"

6969696969696969696969696969696969696969696969696969696969

දෙවනි සිද්ධිය වෙලා තියෙන්නෙ උගේ යාළු ඩ්‍රයිවර් කෙනෙකුට. සීන්එක අරවගේම තමයි. ඔන්න එකසැරයක් දොරෙන් එබිල බලනකොට ලොකුදුව ඇහැරිලාලු. තව ටික වෙලාවක් ඉඳල ආයෙත් යනකොට ඒත් නිදි නෑ. තුන්වෙනි වතාවෙ දුව නිදි වගේ පෙනුන නිසා දනගාගෙන නෝන ලඟට ගියාලු. මෙන්න ඒ එක්කම පොඩි එකී නැඟිටල කියනවලු,


"අන්න අම්මේ තාත්ත මේ පැත්තට එනව හොර ගෙඩිය වගේ දනගාගෙන" කියල.

6969696969696969696969696969696969696969696969696969696969

අපේ සෑම් අයියගෙ ළමයි එකෙක්වත් සෑම් කියන දෙයක් අහන උදවිය නෙවේ. සෑම් නිතරම කියන්නෙ "මහත්තයෝ ළමයි කියන්නෙ අපි පූරුවෙ ආත්ම වල ණයකාරයො. අපි ණය අරගෙන මගහැරියට පස්සෙ උං ළමයි වෙලා උපදිනව" කියල. දවසක් සෑම් කියනව කලින්දා රෑ සිද්ධිය. මේ කතාවෙන් සෑම්ගෙ තවත් රහසක් හෙලිවුනා.

"වැඩක් නෑ මහත්තයෝ ඊයෙ රෑ දෙක විතර වෙනකල් ට්‍රයිකරා වැඩක් කරගන්න, කොහේද අපේ එවුන් එක්ක බෑ, උං පාඩං කරනව කියල නිදාගන්නෙත් නෑ, කරන පාඩමකුත් නෑ, එහෙට යනව මෙහෙට යනව අපේ කාමරේ දොර රෙද්ද ඈත් කරල බලනව,...... අන්තිමට මම නිදාගත්ත, දැං ඉතිං ඊලඟ පඩි දිනේ එනකල් ඉන්න වෙනව"

බැලින්නං සෑම්ට පර්මිෂන් ලැබෙන්නෙ පඩි දවසට විතරයි.

Thursday, August 22, 2013

එන්න ගිනිතියන්න [This is how we burn]

කොළඹ නගරසභාවෙ ලිපිගොණු දහස් ගනනක් බොරැල්ල කනත්තෙදි ගිනි තියලලු. පුළුස්සා දමල තියන ලිපිගොණු වලින් ටිකක් මන්ත්‍රීවරු සෙට් එකක් ගිහිල්ල බේරගෙන නගරාධිපතිතුමාට භාරදීලත් තියනව. මේ කියන්න යන්නෙ පිච්චිල්ල ගැන. ටිකක් නීරස උනත් කියවල බලන්න.

කාලයක් යද්දි සාමාන්‍යයෙන් ඕනෑම කාර්යාලයක ලිපි ගොණු එකතු වෙනව. මොකද හැම අවුරුද්දකම අලුත් ලිපිගොණු හැදෙන නිසා. විශේෂයෙන්ම රජයේ කටයුතු කෙරෙන්නෙ ලිපි-ලේඛණ මත. ලිපියක් හෝ ගොණුවක් කියන්නෙ සාක්ෂියක්. අන්න ඒ නිසා සෑම දෙයක්ම ලිඛිතව පැවතිය යුතුයි කියල නීතියක් තියනව. ඒ නිසා කට වචනෙට අපේ වැඩ නෑ. [ඒ වගේම තාක්ෂණයත් එක්ක ලිපි කියන දේ දැන් වෙනස්වෙලා තියනව. උදාහරණයක් විදියට ඊමේල් එකක් එහෙම නැත්තං වෙබ් අඩවියක ඇති තොරතුරක් වගේ, ඕනෑම අවස්ථාවක අදාල අඩවියට ගිහිල්ල ලේඛණය කියවන්න පුළුවන් නම් ලිඛිතව පැවතීමේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනව කියල ඉලෙක්ට්‍රොනික් ගණුදෙනු පණතේ තියනව]. මේ විදියට එකතු වෙන ලිපිගොණු අදාල නිලධාරීන් භාරයේ තියනව. ලිපිගොණු අක්‍රිය තත්වයට පත් වුනාම ඒව කාර්යාලය තුලම තියන ලේඛණාගාරයට යවනව.


[CD එකක් burn කරන හැටි]

ටික කලක් යනකොට ලේඛනාගාරෙ පිරෙනව. ඔන්න ඊට පස්සෙයි ගිනි තියන්න හිතෙන්නෙ. ඒකටත් ප්‍රොසීඩියර් එකක් තියනව. ඒ වගේම විනාශ නොකල යුතුයි කියල නියම කරල තියන ලිපි ලේඛණ වර්ග තියනව.

$ නිදහස ලැබෙන්න කලින් යටත් විජිත මහලේකම් කාර්යාලය එක්ක ගණුදෙනු කල ලිපි

$ අලුත් දෙපාර්තමේන්තු ඇතිකිරීම සම්බන්ධ ලිපි

$ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධ ලිපි

$ මුදල් නෝට්ටු හා කාසි වල ආදර්ශ (සල්ලි නං කවුද පුච්චන්නෙ)

$ ජාත්‍යන්තරව ප්‍රසිද්ධ සිදුවීමක් හෝ උත්සවයක් සම්බන්ධ වාර්තා

$ විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා

....................................

මේ විදියට විනාශ නොකල යුතුයි කියන ලිපි ලේඛණ වර්ග ගණනාවක් තියනව. ඒ ටික අත්හැරල දාල අනික් ඒවයි ගිනිතියන්න ඕන.
ගිනිතියන්නත් තියනව ක්‍රමයක්. ගිනි තියන්නත් ක්‍රමවේදයක් තියනව. සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්වයේ තියන ලිපිගොණු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය අරගෙන තමයි පුච්චන්න ඕන. ඊට කලින් හෑම ලිපි ගොණුවකම අඩංගු දේවල් ගැන විස්තරයක් තියාගන්න වෙනව. ලිපිගොණුවේ අංකය හා දිනය, විෂය, අදාල කාල පරිච්ඡේදය, ලිපි ගොණුවේ සාරාංශයක්, විනාශ කරන්න අවසර දුන් ලිපියේ අංකය, විනාශ කල පිලිවෙල හා දිනය කියන කාරණා ටික ඒකෙ අඩංගු වෙන්න ඕන.

දැන් බලමු ප්‍රායෝගික පැත්ත. සාමාන්‍යයෙන් ලිපිගොණු දහස් ගනනක් විනාශ කිරීමේදී සෑහෙන වැඩ කොටසක් කරන්න වෙනව. ෆයිල් එකින් එක අරගෙන ඒවායේ විස්තර කෙටියෙන් ලිවිල්ලත් හිතන තරම් ලේසි නෑ. මේ නිසා සමහර ලේඛණාගාර භාරකරුවන් වැඩක් නෑ කියල හිතන ෆයිල් නිකංම පුච්චල දානව. ඔන්න ඕකයි වෙන්නෙ.

කොළඹ නගර සභාවෙ කේස් එක නං මීට බරපතළයි. මොකද සේවකයන් බඳවාගැනීම් වගේ කරුණු සම්බන්ධ ලිපිගොණුත් ගිණිතියල. බලමු මොකද වෙන්නෙ කියල.

Monday, August 19, 2013

අවලස්සන ඡන්දදායකයා

මේ අප කුඩා කාලයේ සිදුවූ සිදුවීමකි. ගම් ප්‍රදේශයේ තිබූ කුඩා වැවකින් පෝෂණය වූ කුඩා කුඹුරු යායක් තිබුනි. ඒ නියං සමයක් වූ අතර වැවෙහි ජල මට්ටම සැලකියයුතු ලෙස පහල ගොස් තිබුනද ගොවීන් වගා කටයුතු ආරම්භ කර තිබුනේ අනාගත වැසි අපේක්ෂාවෙනි. බලාපොරොත්තු වූ කාලයේදී වැස්ස නොවැටුන බැවින් ගොවීන් අතර අසහනය මතුවිය. ජලය බෙදාගැනීම සම්බන්ධව යම් යම් ආරවුල්ද පැන නැඟුනු බැව් මගේ මතකයේ ඇත. කෙසේ වුවත් වැවෙහි තිබූ වතුර ප්‍රමාණය ප්‍රවේශමෙන් පරිහරණය කලේ නම් අස්වනු කැපෙන අවස්ථාව දක්වා යන්තමින් සෑහේ යයි උපකල්පනය කල හැකි තරමේද පරිමාවක්ද එහි විය. සතියකට වරක් එක් දිනකදී වැවෙහි දොරවල් හැර වතුර නිකුත් කිරීමට බලධාරීන් ක්‍රියා කලහ. මේ අතර අලුත් ප්‍රශ්නයක් පැන නැඟිනි.

වැව් සොරොව්ව ආසන්නයෙන් වතුර කාන්දුවක් හටගත් අතර මෙය ගොවීන්ට මහත් අස්වැසිල්ලක් වූයේ අමතර වතුර ප්‍රමාණයක් ලැබුන බැවිනි. සියල්ලන්ම අනවසරයෙන් ලැබුන ජලයෙන් තාවකාලිකව සෑහීමකට පත්වූ අතර බලධාරීන් මෙන්ම ඔවුන්ද වැව පිලිසකර කරගැනීමට උනන්දුවක් නොගන්නා ලදී. අවසානයේ එක් දිනෙක ජල කාන්දුව අධික වී වැවු බැම්මෙහි කොටසක්ද සමඟ මුළු ජල පරිමාව වැවෙන් පිටවිය. මිනිසුන්ට නුවණ පෑදුනේ ඉන් පසුවය. එහෙත් ඒ වනවිටත් අශ්වයා පැනගොස්ය. ශ්‍රමදානයක් මඟින් වැව් බැම්ම පිළිසකර කලද පීදීමට ආසන්න හා පීදුනු විගස ගොයම රැකගැනීමට වැස්ස වලාහක දෙවියන්ගෙනක් කිසිදු සහයෝගයක් නොලැබිනි.

මට මේ කතාව මතක් වූයේ ලාංකීය ඡන්ද දායකයාගේ හැසිරීම අරභයා දුකා විසින් තම අඩවියට එක්කල මහජනයා සහ අරක්කු යන ලිපිය දුටු විටය. ලාංකීය ඡන්ද දායකයාගේ හැසිරීම, මා මුලින් සඳහන් කල කතාවෙහි ගොවීන්ගේ හැසිරීමෙන් වෙනස් වන්නේ නැත.

මා ජීවත් වන ප්‍රදේශයේ ඡන්ද දායකයා තම ඡන්දය පාවිච්චි කිරීමේ මූලික අපේක්ෂාවන් කල්පනා කර පෙලගැස්වීමි.

1.තමාට රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
2.තම දුවට-පුතාට රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
3...........රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.
4...........රැකියාවක් ලබාගැනීමේ අ‍නාගත බලාපොරොත්තුව.

මෙය දේශපාලන නායකයන්ගේ "පළමුවත් රට, දෙවැනුවත් රට,තෙවැනුවත් රට" යන ඊනියා පෙලගැස්මට සමානය. මෙයට පරිබාහිරින් කල්පනා කලහොත් කොමිස්, කොන්ත්‍රාත් ලබාගැනීමේ අරමුණ ඇති ව්‍යාපාරිකයන්, නීතියෙන් බේරීමේ අරමුණ ඇති කසිප්පු-ගංජා-කුඩු මුදලාලිලා මෙන්ම කිසිදු අවශ්‍යතාවයක් නැතත් "අහවලාගෙ ෆිට් එකක්" යන සමාජ පිලිගැනීම අපේක්ෂා කරන මානසික රෝගීන්ද සිටිනුයේ මා මුලින් සඳහන් කල පිරිසට වඩා සෑහෙන පිටුපසිනි.[පිටුපසින් යයි කීවේ සංඛ්‍යාත්මකවය]. දුකා තම ලිපිය තුල මතුකල මූලික කරුණ, එනම් අරක්කු හෝ බත්පැකට් සාධකය ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කරන්නේ අනියම් ආකාරයෙනි. එනම් අරක්කු-බත්පැකට් සඳහා රොක්වන්නන් නිසා ඡන්දය දුන්නද නොදුන්නද පිරිස් බලය ඇතිකරගත හැකිය. පාවෙන ඡන්ද දායකයන් අතුරින් එක්තරා පිරිසක් මේ මඟින් ආකර්ෂණය කරගත හැකිය. දැනට ජ්‍යේෂ්ඨ අමාත්‍ය ධූරයක් දරන ඩිව් ගුණසේකර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කල සමයේ මැතිවරණ දිනයේ නිවසේ තිබූ නොසේදූ පිඟන් සංඛ්‍යාව ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාවට වඩා ඉහල බැව් සඳහන් කල යුතුය. ඒ අරක්කු සහ බත් පැකට් ඡන්දයට බලපෑම් කල හැකි ප්‍රමාණයයි.

මා මුලින් අවධාරණය කල කරුණ ගැන දැන් සලකා බලමු.
මේ වනවිට ලංකාව තුල විරැකියාව ඉහල අගයක් ගනී. එසේත් නැතහොත් වාර්තා වන දත්තයන් වැරැදිය. යම් තොරතුරක් ලබාගැනීමට ලංකාවේ නිවසකට යන නිලධාරියෙකු හට නිවැරදි තොරතුරු ලබා ගැනීම තරමක් අපහසුය. රැකියාවක් ඇති නැති බව පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙකුගෙන් හෝ ගොවියෙකුගෙන්, එසේත් නැතිනම් මුදලට යම් සේවාවක් සපයන්නෙකුගෙන් විමසුවහොත් සාවද්‍ය තොරතුරු ලැබීමේ හැකියාව වැඩිය. ද්විතියික අධ්‍යාපනය හමාරකල සමයේ මා වරක් ලංකාවේ ජන සංගණනයට දායක විය. රැකියා කරන්නන්ගේ තොරතුරු ඉල්ලා සිටි විට නිවැසියන්ගෙන් ලැබුන ප්‍රතිචාරය වූයේ "අහවල් තැන වැඩ කරනව, රස්සාවක් නෑ කියල දාන්න" යන්නයි. [රැකියාව පමණක් නොව ජල මුද්‍රිත වැසිකිළියක් ඇති බව හෝ ගෙබිමට සිමෙන්ති යොදා ඇති බැව් ප්‍රකාශ කිරීමටද ඔවුන් මැළි විය]. මෙයින් කියවෙන්නේ එක්කෝ ඔවුන් කරන රැකියාව ගැන ඇති අතෘප්තියයි. නැතහොත් රජයේ රැකියාවක අපේක්ෂාවයි.

තත්වය මෙසේ වීමට බලපාන කරුණු රැසකි.
පළමුවැන්න පෞද්ගලික සේවයේ යෙදීමට ඇති අකමැත්තයි. මේ වනවිට ඉහල තලයේ සේවකයන්ට යම් යම් වරප්‍රසාද හිමි වුවද පෞද්ගලික අංශයේ පහලම මට්ටමේ සේවකයාට රැකියාවේදී හිමිවියයුතු මූලික අයිතිවාසිකම් හෝ ලැබෙන්නේ නැත. අනෙක් අතට අගනුවර කේන්ද්‍රගතව පවතින රැකියාවන්හි නියුතු වීමට පූර්ණකාලීනව එහි සිටිය යුතුය. පෞද්ගලික අංශයේ රැකියා කල යම් පිරිසක් පසුගිය කාලයේ ආරම්භ කල උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන හා සම්බන්ධ විය. ඒ උක්ත ගැටළු හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවය කිරීමට ඇති අකමැත්ත හේතුවෙනි. මෙම විරැකියාව පසුබිම දේශපාලකයාට ක්‍රීඩා කිරීමට හොඳ පිටියකි.

ජනාධිපතිවරයා දෙවැනිවර බලයට පත්වූ විගසින්ම සිදුකල කාර්ය වූයේ ව්‍යවස්ථා සංශෝධනය මඟින් ධූරකාලය දීර්ඝ කරගැනීමට පිඹුරුපත් සැකසීමයි. එහි අනෙක් මූලික සංශෝධනය වූයේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය අහෝසි කර රාජ්‍ය සේවකයන් පත්කිරීම මාරු කිරීම ආදී කටයුතුද අමාත්‍ය මණ්ඩලය යටතට ගැනීමයි. දැන් අදහස පැහැදිලිය. එක්පසකින් විරැකියාව තිබේ. අනෙක් පැත්තෙන් අවශ්‍ය කරන විසඳුම තිබේ.

සතුන් සඳහා උගුල් අටවන්නන් ඒ සඳහා භාවිත කරන උපක්‍රමය වන්නේ උගුල දෙසට ඇති මාර්ගය එළිපෙහෙලි කර තැබීමත් අනෙක් මං ඇහිරීමත්ය. මෙහිදී දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වන්නේද එලෙසිනි. මේ වනවිට රජයේ රැකියා වලින් සැලකියයුතු ප්‍රතිශතයක් දේශපාලන සබඳතා මත ලබාදේ. "රාජ්‍ය සේවය" යන කුලකය තුලට ගැනෙන සෘජු රැකියා සම්බන්ධයෙන් යම් සතුටුදායක තත්වයක් තිබුනද අධිකාරී, මණ්ඩල, සංස්ථා ආදිය කෙලින්ම දේශපාලන සබඳතා මත තීරණය වේ.

දැන් යලිත් ඡන්ද දායකයා වෙත යොමුවෙමු. ඔහු නිරූපනය කරන්නේ ක්‍රමය වෙනස් කිරීමට හෝ ඒ පිළිබඳ කතිකාවක යෙදීමට හෝ යොමු නොවී වැවේ සිදුරෙන් ගැලූ වතුරෙන් තාවකාලිකව සෑහීමකට පත්වූ ගොවියාගේ භූමිකාවයි. ඔහුගේ ඉල්ලීම ආත්මාර්ථකාමීය. එහි අරමුණ අන් අයෙකුට ලැබියයුතු යමක් තමාට ලබාගැනීමයි. මෙය අරක්කු භාගයකට හෝ බත් පැකට්ටුවකට ඡන්දය ලබාදීමටත් වඩා අවලස්සන වන්නේ එබැවිනි.

Tuesday, August 13, 2013

කුජදා කවි මඩුව


වන්නිල ඇත්තො කොහොමද සැප දුක ඔහෙගේ?
ඕන දෙයක් දෙන්නං ඉල්ලන්න හො‍ඳේ


අලි අල්ලන මන්තර දන්නව නේද?
දෙන්න බැරිද එකක් පිං වත් සිදු නොවෙද


ඔඩොක්කුවට ‍අරගෙන අලි පැටව් ටික
රනිලට දුන්නා හොම්බෙන් මංගච්චන්ට.


සිංදු කියන අලියව ගත්තා වාගේ
රතුගල වැද්දො ටික ගන්නට බෑ වාගේ


මගෙ මන්තර වලට දපනේ දමන්නැතී
අලියෝ නෑ අනේ ඇතුලේ ඇන්යූපී


කොලිටි දඩ මසක් මීපැනි එකතු කොට
කෑ කාලයක් ආයිබෝ මට මතක නැත!


කොලඹට ඇවිල්ලා රටතොට බලාලා
කමුකෝ ඇතිවෙන්න මැදුරට ගිහිල්ලා


රතුපස්වලදි කැකුලන්හට ගිනි බිඳලා
කොහොමද අනේ බේරී ඉන්නේ ඔහෙලා?


ගිනි බටයටයි ගිනි බිඳි බටයයි අල්ලා
දෙනවා දඬුවමක් කාගෙත් ඇස් වහලා


දෙනවා කියන කැබ්එක ලස්සනයිද?
හයිවේ එකේ යන්නට මට ඇහැක් ද?


මහරජතුමා දන් දෙන්නට ගත්තාම
දෙනවා කන්න කාගන්නට බැරි වෙන්න.


ආහ්!

[අලුත් කැබ්රිය වෙනුවට ආදි වාසී
නායකයාට බුලත් පුවක්‌ තොගයක්‌]


බුලත් පුවක් හුනු දුංකොල දමාලා
පොල්තෙල් දාන්නැතුවම ඌ මට ඇරලා!


හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා
හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා.......

කියන්න ඇති දෙයක් කවියෙන් කොටාලා
තියලා යන්න අපි යනවා කැපීලා.....

හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා
හහ් හහ් හහහ් හා හහ් හහ් හහහ් හා.......

Wednesday, August 7, 2013

හීන

පොඩි එකා දැං දනගානව. ඇවිදින්න ඔන්න මෙන්න. දොර ඇරල තිබුනොත් නවතින්නෙ මිදුලෙ. ඔන්න ආයෙත් යන්නයි සූදානම. මොන විදියෙන්වත් නවත්වන්න බෑ. මම අන්තිම තුරුම්පුව දමල ගැහුව. සාක්කුවෙ තිබුන පර්ස් එක දුන්න. සෙල්ලම් බඩු කොච්චර තිබුනත් ඌ අවධානය යොමුකරන දේවල් තුනයි තියෙන්නෙ මේ වෙනකොට. එකක් මගේ ෆෝන් එක. ඒක දෙන්න බෑ. ගත්ත ගමන් පොලවෙ ගහනව. දෙක ටීවී රිමෝට් එක. ඒකටත් ඒ සරණ තමයි. අන්තිම එක තමයි මගේ පර්ස් එක. ඔන්න දැන් පොඩ්ඩ පර්ස් එක මස් කරනව. ඒකෙ තියන සල්ලි බැංකු කාඩ් බයික් රාජයගෙ ලයිසන්-ඉන්ෂූරන්ස් ඔක්කොම මෑන් අතේ. මේ අතරෙ සල්ලි-බැංකු ටෙලර් කාඩ් දැක්ක මගේ හිත වෙන පැත්තක.

ඉස්සර නං අපි බැංකුවට ගිහිල්ලයි සල්ලි ගත්තෙ. අපි කිව්වට අපේ වැඩිහිටියො. වැඩිහිටියො කිව්වට සල්ලි බාගෙ තියන වැඩිහිටියො. නැත්තං සල්ලි තියෙන්නෙ ලාච්චුවෙ. සල්ලි කිව්වම ආයෙත් මගේ හිත වෙන පැත්තකට යනව. මිනිහෙක් ලඟ තියන සල්ලි කියන්නෙ එයාගෙ හිත-කය දෙකේ මහන්සියේ ප්‍රථිපලය. හිත කය දෙකේ අනුපාතය එක් එක්කෙනාට වෙනස්. කම්කරුවෙක් ගත්තොත් වැඩි ප්‍රථිශතය එන්නෙ ඇ‍ඟෙන්. මාතලන්ගෙ වචනයෙන් ගොංපීතර වැඩ කරන බුවෙක් ගත්තොත් වැඩි ප්‍රමාණය ඔළුවෙන් එන්නෙ. කොහොම උනත් මිනිහෙක් සතු මුදල් ප්‍රමාණය කියන්න පුළුවන් මේ විදියට.

X=Y+Z

X=මුළු මුදල

Y=කායික වෙහෙසවීම

Z= මානසික වෙහෙසවීම

ඊට පස්සෙ මගේ ඔළුවට එන්නෙ මේ වගේ දේවල්.
මිනිහෙකුගෙ ශක්තිය නැත්තං මහන්සිය හොරාට ගන්න කාටවත් බෑ. නෑ නෑ මේ කියන්නෙ සමාජවාදියො කියන සූරාකෑම ගැන නෙවේ. ඊට වඩා සරළව ගත්තොත් අද කාලෙ වහල්ලු නෑනේ ඒ නිසා ශ්‍රමය කියන දේ හොරාගන්න බෑ. ඒත් අවුලක් තියනව. මොකද්ද? ශ්‍රමය හොරාගන්න බැරිවුනාට ශ්‍රමයේ අවසාන ඵලය වෙච්ච "මුදල්" කෙනෙකුට හොරාගන්න පුළුවන්. ඔන්න ඔය තත්වයට එක විසඳුමක් තමයි ඔය නානාවිධ බැංකු කාඩ් ක්‍රම තියෙන්නෙ. ක්‍රෙඩිට් කාඩ්, ටෙලර් කාඩ් වගේ දේවල්. හැබැයි මේ වෙනකොටත් මුදල්, කාසි සහ නෝට්ටු වලින් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපිට පුළුවන් කමක් ලැබිල නෑ.

ඔන්න මම රස්සාව කරනව. මගේ ආයතනයෙන් මගේ වැටුප යනව බැංකුවට. මම බඩු ගන්න කඩවල හැම තැනකම තියනව ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවිමේ පහසුකම. ටොපියක් කෑවත් ගෙවන්න පුළුවන් ඒකෙන්. මගේ අතේ සතේ නෑ කොයි වෙලාවක බැලුවත්. කාඩ් එකෙන් තමයි ඔක්කොම වැඩ සිදුවෙන්නෙ. ඉස්සර රජයේ ආයතන වල පඩි ගෙව්වෙ අතට. පඩි දවස කිව්වම අමුතු කික් එකක් එනව. පඩියට වෙනදේ ගැන මුල් දවස්වල පොඩි කයියකුත් ලිව්ව. මම රස්සාවට ආපු අලුත, මීට අවුරුදු හතකට විතර කලින්, තිබුනේ ඒ ක්‍රමය. ඊට පස්සෙ බැංකුව හරහා පඩි ගෙවන ක්‍රමය ඇතිවුනා. මම ඉන්න කාලෙ තමයි ඒ ක්‍රමේ ආවෙ. එතකොට පඩි දවසට දවසකට දෙකකට කලින් චෙක් එකක් යවනව බැංකුවට. පඩි ගන්න ඕන අයගෙ මුදල් ගැන විස්තරේකුත් එක්ක. ඊටත් පස්සෙ ඇතිවුනා ස්ලිප් ක්‍රමය කියල එකක්. ඒකෙදි ඉස්සෙල්ල වගේ චෙක්පත් බර ගානක් ලියන්න ඕන නෑ. ආණ්ඩුවෙ බැංකු තුනටත් සෙලාන්, කොමර්ෂල්, හැටන් නැෂනල්, සම්පත්, වගේ බැංකු වල්න් පඩි ගන්න උදවියගෙ විස්තර තියන ටෙක්ස් ෆයිල් කෑල්ලක් තමයි ආණ්ඩුවෙ ගිණුම තියන බැංකුවට යවන්නෙ. වෙලාවට පඩි ලැබෙනව. මේ දක්වාම තියෙන්නෙ ඒ ක්‍රමේ.

හරි. මම කියකිය හිටියෙ "සල්ලි" වල අභාවය ගැන. රටම එකම ජාලයක් වෙලා. ඔන්න මෑන් කෙනෙක් ඉන්නව කාට හරි පොල්ලක් තියල. අද කාලෙ වගේ සෙල්ලං බෑ. අතට සල්ලි ලැබෙන්නෙ නෑනේ. දෙන්න සල්ලි අච්චු ගහලත් නෑ. සල්ලි කියන්නෙ නිකංම නිකං වර්චුවල් දෙයක් විතරයි. පොලුකාරය තමුන්ගෙ ශරීරය-මනස වෙහෙසවලා සල්ලි ගන්න ගියාම, නැත්තං සල්ලි තියනව කියල භාණ්ඩ-සේවා ලබාගන්න ගියාම සල්ලි නෑ. ණය වෙනුවෙන් ඒක කැපිල! අන්න වැඩ! කාටවත් ණය පොලු තියන්න බෑ.

ලෝකෙ මොන රටේවත් සල්ලි නැත්තට නැතිවෙලා නෑ. අඩුවැඩි වශයෙන් තියනව. ඉස්සරම භාණ්ඩ හුවමාරුව තිබුන කාලෙ නං සල්ලි තිබිල නෑ. ඒත් ඒක අදට ගැලපෙන්නෙ නෑ. මොකද සීනි කිලෝවක් ගන්න හාල් කිලෝ දෙකක් අරගෙන යන්න ඕනනේ.

"ඔන්න පුතා රුපියල් සීය ඉරුව"

නෝනගෙ කතාවෙන් මගේ මනෝ ‍ලොකෙ බිඳ වැටුන. කොලුව සියෙ කොලේකට වැඩේ දීල. කමක් නෑ එහෙම නූන නං මං කොතනින් නවතීද කවුද දන්නෙ!

Tuesday, August 6, 2013

බල්ලෙකුගේ කතාවක්.

"වරත්තු බල්ල ගේට්ටුව ලඟ වමනෙ දාල"

නෝන උදේ කෑගහුව. ඔලුව උස්සල බලල මං මගේ වැඩේ කරගෙන ගියා. කළු බල්ල නං පේන්න හිටියෙ නෑ. දවල් වෙද්දි බැලුවම බල්ල අල්ලපු ගෙදර ඉන්නව දැක්ක. නෝන කතා කරලත් ආවෙ නෑ.

"මූට සැප වැඩිවෙලා...." ‍නෝන තාම බනිනව. ඇත්තටම බල්ලට මොකද වෙන්න ඇත්තෙ. මම බල්ලගෙ ඔලුවෙන් හිතන්න ගත්ත.

*****************************************************************************

මම මේ ගෙදරට ආවෙ අල්ලපු ගෙදර ඉඳල. අල්ලපු ගෙදර බැල්ලි තමයි මගේ අම්ම. ගෙදර මිනිස්සු ඇත්තටම මට සැලකුවද? එයාලටත් කන්න බොන්න සල්ලි නැති එකේ බල්ලෙක් වෙච්ච මට අමුතු සැලකිල්ලක් ලැබුනෙ නැති බව ඇත්ත. බලු කූඩුව දිරාපත් වෙලා, තැනින් තැන හිල්වෙලා තියන ටකරං කොලවලින් වැස්ස දවසට වතුර වැටෙනව. නිදාගන්නත් අමාරුයි. බල්ලෙකුට උනත් මේ දුක විඳින්න ඇහැකිද? අල්ලපු ගෙදර බල්ලට දවස ගානෙ ලැබෙන මස් කට්ටක් මට මාසෙකකට සැරයක් ලැබෙනවද? බල්ලෙක් උනාට බැල්ලියෙක්ව යාළුකරගන්න තාම බැරිවුනා. රැලේ යන කාලෙට කූඩුකරල තිව්වම කොහොමද එහෙම දෙයක්වත් කරගන්නෙ. අනිත් බල්ලො වගේ බැල්ලියක්ගෙ පස්සෙන් ගිහිල්ල ආතල් එකක් ගන්න මටත් ඕන කියල මේ ගෙදර මිනිස්සුන්ට හිතන්න බැරිහැටි!

ඒ ඔක්කෝමත් හරිය කියමුකෝ. මේ වයසක ටොමියගෙන්නේ බේරෙන්න බැරි. බල්ලො බැල්ලියො රැලේ යන කාලෙට යන්න මට තියන උවමනාව ඌට නෑ. මගේ ඇඟ උඩට පැනල පිටි පස්ස ගස්සන්නයි ඌට ඕන. මේ කරදර විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද අල්ලපු ගෙදර බල්ලො රෑනත් එක්ක හිටියම. එහේ බල්ලො නං වැඩි තමයි. ඒත් උන්ට කන්න දෙන්න ඒ ගෙදර මිනිස්සුන්‍ට පුළුවන්නේ. ඉතිං මම මගේ තිඹිරිගෙට ගියාම තියන වැරැද්ද මොකද්ද? මගේ තරුණ කාලෙ අපරාදෙ ගෙවිල යන්න ඉඩදෙන්න බෑනේ. අනෙක මම මෙහෙන් කාල එහෙට යන මිනිහෙක් නෙවේ. ඒ නිසයි කාපුව වමනෙ කරල ගියේ.


*******************************************************************************

මම ඔන්න ඔයටික නෝනට කිව්ව. එයා පිලිගත්තෙ නෑ.

"හරි. අපේ සැලකිලි මදිවුනයි කියමුකෝ. ඒත් අල්ලපු ගෙදර බල්ලො එක්ක මූ කොච්චර නං හපාගත්තද? එහා ගෙදර කොල්ලො මූට කොච්චර ගල් පාරවල් ගහල ඇද්ද? මූට රෙද්දක් ඇඳගෙනලැජ්ජ නැතුව එහේ යන්න පුළුවන්ද?"

*******************************************************************************

ඔව් ඒක එහෙම තමයි. මම කලින් කියපුව ඉල්ලා අස්කරගන්න බල්ලෙක් නෙවේ. අල්ලපු ගෙදර බලු කූඩුව හොඳ නෑ කියල මම කිව්ව තමයි, එකේ මැක්කො ඉන්නව කියල කිව්ව තමයි, අල්ලපු ගෙදර බල්ලො එක්ක විකාගත්ත තමයි, ඒත් අද ඉඳල අල්ලපු ගෙදර බලු කූඩුව හොඳ තැනක් කරගන්න බලනව, එහේ ඉන්න බල්ලොත් එක්ක පිට බල්ලන්ට පනිනව, අල්ලපු ගෙදර හාම්පුතා වෙනුවෙන් බුරන්නත් ලෑස්තියි. හැබැයි මම කියන්නෙ නෑ බල්ලො රැලේ නායකත්වය මට දෙන්න කියල. ඒක හාම්පුතා තීරණය කරයි.


*******************************************************************************

"එහෙම ප්‍රශ්නයක් නං තියනව තමයි. ඒත් බල්ලෙකුට එපාවෙන තැනට මූලිකව වැඩ සිද්ධ වුනාට පස්සෙ අනිත් කාරණා අමතක කරල දාන්න වෙනව නෝනේ. බල්ලන්ගෙ ඔලුවල ප්‍රතිවිරෝධතා හොයන්න යන්න එපා. උං බල්ලොනේ.

Thursday, August 1, 2013

අසාධාරණ මිල වැඩිවීමට එරෙහිව.

..........ඔව් රාජ්ගෙ නවාතැනේ අපි පාරට බැස්ස ජනතා අදහස් විමසීමට, ඔව් අපි ඉදිරියට පැමිණෙනව මහත්මයෙක්,.......

"මහත්මයා ඔබේ අදහස කියන්න අරක්කු සිගරට් මිල වැඩිවීම පිළිබඳව"

"අපේ කරුමෙ තමයි පුතා. ඇ‍ඟේපතේ අමාරුව යවාගන්න දැං ඉතිං කැලේ බඩගාන්න වෙනව"

ඔව් මේ අසාධාරණ මිල වැඩිකිරීම ගැන කතා කරගන්න තවත් කෙනෙක් එකතු වෙනවා ගලධාරී හෝටලය අසලදී.

"තරුණයෙක් විදියට අරක්කු සිගරට් මිල වැඩිවීම ගැන ඔබේ අදහස කියන්න"

"(කපාදමන ලදී) mothefucker fuck again,....... bitch.......(කපා සමන ලදී)........මට නං අවුලක් නෑ ....ඩැඩීට සල්ලි තියනව...... ඒත් වැඩේ කැතයි....."
මීලඟට හැටේ වත්තෙන් එකතු වෙනවා තවත් මහත්මයෙක්,

"ඔව් ඔබේ නම කියන්න, අරක්කු සිගරට් වැඩිවීම ගැන මොකද කියන්නෙ?"

"කියල වැඩක් නෑ බොෂ්! නැතිබැරි එකාටමයි මුං අරින්නෙ! හැන්දෑවට අරක්කු බාගයක් ගහන්නත් දවසකට බෙලි දෙක තුනක් කපන්න වෙයි වගේ"

ජනතා මතය අනුව බොහෝ දෙනෙක් මේකට විරුද්ධයි වගේ, අපි කාන්තාවකගෙන් අහල බලමු මේ ගැන,

"සමා වෙන්න නෝනා..... අපි රාජ්ගෙ නවාතැනෙන්,....."

"හානේ ඔයාල සල්ලි දෙන්න නේද? අපි අහන්නෙ හිරු තමයි අනේ. කීයක් දෙනවද?"

ඇත්තටම ඇයට වැරදීමක් වගේ අපි වෙන කෙනෙකුගෙන් අහල බලමු,

("මොන *&%^*ද මං හිතුවෙ සල්ලි දෙන්න කියල")

"නෝනා ඊයේ සිට අරක්කු සිගරට් මිල වැඩිවුනා මේ ගැන ඔබේ අදහස කියන්න"

"අනේ අපිට මොකෝ,....... අපි ඔය ජරාව බොන්නෙ නෑ"

ඔව් තවත් කාන්තාවක් එකතු වෙනවා ඔබේ අදහස කියන්න,

"මගේ මිනිහට දවසට ලැබෙන්නෙ දාහයි. එයා කොහොමත් හවසට කාලක් බොනව. අඩුය වැඩිය කියල වෙනසක් නෑ. ගෙදරට ගේන හාල්ටික පාං ගෙඩියෙන් තමයි අඩුවෙන්නෙ....."

අන්න දැක්කද කාන්තාවක් උනත් අරක්කු සිගරට් වැඩිවීම කුස්සියට බලපාන හැටි ඇය ඔප්පු කලා, මීලඟට තණමල්විල ප්‍රදේශයෙන් අපිත් එක්ක එකතු වෙනවා තරුණයෙක් අප් ඔහුගේ අහහසත් දැනගනිමු.

"අයියා දැං ඉතිං සූස්තියක් ගහන්න වෙන්නෙ නීට්. සිගරට් දාල ගහනවට වැඩිය හොඳයි ඒක"

අන්න ඔහු තවත් නව අදහසක් මතුකලා, පාර අයිනේ සිටින වයසක මහතාගෙනුත් අපි විස්තර දැනගනිමු.

"රත්තගෙ බඩු පොට්එකෙන් දවස ෂේප්වෙන අපිට නං අවුලක් නෑ. බීඩි මිල ගිහිල්ල නෑ නේද දරුවෝ?....."

පේනව නේද ජනතා ප්‍රතිචාර මොන වගේද කියල. තවත් ස්වල්ප මොහොතකින් පැවැත්වෙන මත්පැන් දුම්වැටි මිල වැඩිකිරීමට එරෙහිව විපක්ෂයේ පොල්ගැසීම සමඟ එකතු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා.

********************************************************************************

අරක්කු සිගරට් මිල වැඩිවීම පිටුපස ඇත්තේ මෙවැනි කතාවකි. පසුගිය දිනෙක ජනාධිපතිතුමා ප්‍රකාශකලේ "බාර් වල අරක්කු වැඩියෙන් විකිණෙන්නේ පෝය දිනට පෙරදින" බවය. එය ඇසූ ජනාධිපති උපදේශකයෙකු යෝජනා කලේ "එහෙනං සර් පෝයට කලින් දවසෙ බාර් වහමු" යන්නය. උපදේශකයන්ගේ ගොං කතා අසා එක්වරම ක්‍රියාත්මක නොවන එතුමා මේ පිලිබඳව සෙවීමට කම්ටුවක් පත් කලේය. අවසානයේදී තීරණය කලේ අරක්කු සිගරට් වලින් ජනතාව මුදාගැනීමේ එකම ක්‍රමය එහි මිල වැඩිකිරීම බවයි.

කෙසේ වුවත් මෙම මිල ඉහලයාම පිලිබඳව මේ බ්ලොග්කරුවා දැනගත්තේ සති තුන හතරකට පෙරය. ඒ ව්‍යාපාරිකයෙකුගේ අසාමාන්‍ය සිගරට් මිලදීගැනීමේ ක්‍රියාකලාපයක් පිලිබඳ දැනගැනීමකිනි. මෙහි කරුණ "ඇතුලත ගිනි පිටට දෙන" එකෙකු හෝ කිහිප දෙනෙකු ඉහල පුටුවල සිටින බැවින් ජනාධිපතිතුමා ප්‍රවේශම් වියයුතු බවයි.

මාතලන් මට කලින් ලියල.


විරුද්ධ නං ශෙයා කරන්න.