Thursday, July 18, 2013

ලෝ පොයින්ට් සමඟ සෑම් අයියගෙ ආතල් කතා යලිත්....(රාජ්ගෙ නවාතැන)

කාලෙකට ඉස්සෙල්ල සෑම් අයියගෙ කතා ටිකක් කියල කතන්දර ඉවර කලා මතක නැතුවැති. [කතා අංක 1, 2 , 3]. මේ ආයෙත් සෑම් අයියගෙ කතා.

සෑම් කියන්නෙ ගිනි පොලී කාරයනේ. කුඹුරු, වාහන, ඉඩම් ඔප්පු එහෙම තියාගෙනයි මෑන් ණයට සල්ලි දෙන්නෙ. මම දවසක් මේ ගැන මේවගේ ප්‍රශ්නයක් ඇහුව.

"සෑම් අයියේ, ඔහේ ඔය ඔප්පුවක් හරි වාහනේක පොතක් හරි ඇපේට තියාගෙන ණය දෙනවනේ...... ඒත් ඉඩම ලියාගන්නෙවත් පොත තමන්ගෙ නමට හරවගන්නෙවත් නෑනේ..... හරි, කවුරුහරි ඉඩම් කාර්යාලෙට ගිහිල්ල ඔප්පුවක් අලුතෙන් ගන්නව,..... නැත්තං තමුන්ගෙ වාහනේ පොත නැතිවුනා කියල පොලීසියේ පැමිණිල්ලක් දාල අලුතෙන් පොත හදාගන්නව..... එහෙම කරල ණය නොදීඅරිනව. මොකද්ද කරන්නෙ?"

මගේ ප්‍රශ්නෙට පොඩි හිනාවක් එහෙම දාල සෑම් කතාව පටන් ගත්ත.

"රාජ් මහත්තයෝ... ඔය වැඩේ වෙන්නෙ මෙහෙමයි, මේ මිනිස්සු හිතං ඉන්නෙ ඔප්පුව තියාගත්තම හරි කියල. ඒ මිනිස්සු දන්නෙ නෑ අලුතෙන් ඔප්පුවක් ගන්න පුළුවන් කියල....අනෙක මම ඔය වැඩේ කරන්නෙ මෙහෙමයි,.... මම නොතාරිස් කෙනෙක් ඉස්සරහ අස්සං කරල තමයි සල්ලි දෙන්නෙ.... ඔප්පුව නොලිව්වට ඒක වැලිඩ්"

"බයික් එකක් උගස් ගන්නව නං බයික්එකේ පොත මට දීල සල්ලි ගත්ත කියල නොතාරිස් ඉස්සරහ දිව්රල තමයි සල්ලි දෙන්නෙ.....ඒ වගේ ලෝ පොයින්ට් මම දන්නව"


ඔන්න සෑම්ගෙ ලෝ පොයින්ට්. සෑම් කාලයක් නීතීඥයෙක් ලඟ වැඩකරල තියනව. එයාගෙන් ඉගනගත්ත "ලෝ" තමයි ඔය. මගේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට අපූරු කතාවක් කිව්ව.

මේක මගේ යාළු බ්‍රෝකර් කෙනෙක් කිව්ව කතාවක්, ඌට සෙට්වෙලා තියනව කුඹුරක් ගන්න ඕන මෑන් කෙනෙක්. ඔන්න මගේ යාලුව කුඹුරක් විකුණන්න ඕන එකෙකුත් සෙට් වෙලා. කුඹුර ඕන එකා රට ගිහිල්ල ආපු එකෙක්. ටිකක් මෝඩය. ඔන්න අක්කර දෙකහමාරෙ කුඹුරට අයිතිකාරය ඉල්ලුව ලක්ෂ දහයක්. බ්‍රෝකර් ලක්ෂ දොලහකට අරූට කුඹුර දීල ලක්ෂ දෙක සාක්කුවෙ දාගත්ත. ඒ වෙද්දි කුඹුර වගා කරල කපන්න ඔන්න මෙන්න කිට්ටු කුඹුර. ඔන්න අලුත් අයිතිකාරය ඊලඟ කන්නෙ වගාකරන්න හදනකොට තමයි වැ‍ඩේ තේරුනේ. කුඹුරට ට්‍රැක්ටරයක් දාන්න බැරි තරමට එරෙන වගුරු බිම. ලක්ෂ දොලහක් තියා පහක් වටින්නෙ නෑ. දැන් මිනිහ ආයෙත් ලක්ෂ දොලහ ඉල්ලනව අයිතිකාරයගෙන්. අයිතිකාරය කැමතියි තමුන්ගෙ ලක්ෂ දහය දෙන්න. හැබැයි බෝකර් ගත්ත ලක්ෂ දෙක ගන්න විදියක් නෑනේ. ඌ ලඟ සල්ලි ඇත්තෙත් නෑ. ඒ ගමන දෙන්න පැටළුනා. මේ කුඹුර මහවැලියෙ එකක්. (මහවැලි ව්‍යාපා‍රයේ ඉඩම් විකුණන්න බෑ. අයිතිකාරයගෙ දරුවන්ට පැවරීම විතරයි කරන්න පුළුවන්. විකිණීමක් කලොත් ඔප්පු හදන්න බෑ). අන්තිමට විකුණපු එකා කිව්ව කුඹුර දෙන්නෙ නෑ, පුළුවන් දෙයක් කරන්න කියල. මොකද මහවැලි ඉඩමක් නිසා විකිණීම වලංගු නෑනේ. හැබැයි මෑන්ට එක තැනක් වැරදුනා. කුඹුර ගත්ත වෙලාවෙ ගැනුංකාරයගෙ ලෝයර් කුඹුර ගත්තෙ පොඩි ගිවිසුමක් ගහල. ඒ ගිවිසුමේ හැටියට කුඹුර ඇපේට තියල ලක්ෂ විස්සක් අයිතිකාරය ගැනුම්කරුවගෙන් ගත්ත විදියටයි ලියකියවිලි හදල තිබුනෙ. ඒ ගමන ගැනුංකාරය නඩුවක් දාන්න හැදුව ලක්ෂ විස්සක් ඉල්ලල. මොකද මිනිහ ලක්ෂ විස්සක් ගත්ත කියලනේ අස්සං කරල තියෙන්නෙ. අන්තිමට අර මෑන් අතික් ලක්ෂ දෙකකුත් එක්ක ලක්ෂ දොලහක් දීලයි ෂේප් උනේ.

දෙවනි කතාව නං සෑම්ට වෙච්ච වස වැරැද්දක් ගැන. මේකෙ සත්‍ය අසත්‍යතාවය ගැන හිතන්නත් වෙනව. ඒත් සමහර කරුණු ඇත්ත නිසා තාර බර ඇරල ගන්න පුළුවන් මට්ටමේ තියෙන්නෙ.
අහල ඇතිනෙ හෙනහුරා විෂ්ණුට බටකොල කවපු කතාව. දන්නෙ නැත්තං ජෝතිෂය එහෙම දන්න මාතලන්ගෙන් අහගන්න පුළුවන්. මේකත් ඒ වගේ සීන් එකක්.
අපේ කාර්යාලෙ කිට්ටුව තියනව ආයුර්වේද මධ්‍යස්ථානයක්. එතන ඉන්න වෙද මහත්තය සෑම් අයියගෙ හිතවතෙක් උනා කොහොම හරි. සෑම් අයිය කියන්නෙ අඩි පහමාරක් විතර උස කිලෝ සීයක් විතර බර පොරක්. ඇ‍‍ඟේ විස්තර කිව්වම ඔහේලට තේරෙන්න ඕන මිනිහට කොලෙස්ට‍රෝල් තියනව කියල. ඔන්න දවසක් මේ වෙදමහත්තය කියල සෑම් අයියට මේ ලෙඩේට කරවිල කෑම හොයි කියල. ඊට දවස් කිහිපයකට පස්සෙ මේ වෙද මහත්තය වෙන පළාතකට ගිහිල්ල. මේ කාලය වෙද්දි මම අපේ කාර්යාලෙට තියා රාජ්‍ය සේවයටත් ඇවිල්ල නෑ.

කොහොම උනත් මම කාර්යාලෙට ආපු දවසේ ඉඳල සෑම් කරවිල කනව කියල නං දන්නව. ඒක සිද්ධවෙන්නෙ මෙහෙමයි. ඔන්න සෑම් රෑට කරවිල ගෙඩි දෙකතුනක් වතුර භාජනයක දානව. උදේට ඒක උණුකරල වතුරටික බොනව. ඉතිරිවෙන කරිවිල ටික කපල දවල් කෑමට ගේනව. ඔන්න ඕකයි ප්‍රොසීඩියර්එක. ඊ‍ට ටික කලකට පස්සෙ සෑම්ට අර වෙදමහත්තය මුනගැහිල. දෙන්නගෙ කතාබහ මෙහෙමයි,

"වෙද මහත්තයෝ ඔහේ කිව්ව විදියට මම කොලෙස්ටරෝල් අඩු කරගන්න දැං කරිවිල කනවනේ"

"කොලෙස්ටරෝල් වලට කරවිල? මම එහෙම කිව්වෙ නෑ"

"එහෙනං එදා කිව්වෙ?"

"නෑ නෑ කරිවිල කන්න ‍ඕන සීනි වැඩිනං"

"ඔහේ මට එදා කිව්වෙ කොලෙස්ටරෝල් වලට කන්න කියල"

"නෑ නෑ එහෙනං වැරදිලා කියන්න ඇති, කරිවිල වලින් සීනි නං අඩුවෙනව"

"අපරාදෙ මං අවුරුදු හතක් කරිවිල කෑව"

Tuesday, July 9, 2013

ශාන්ත අයියගෙ බත්කඩේ.

ශාන්ත අයිය ආයෙත් බත්කඩේ දාල. හැබැයි ඒක එච්චර උණුසුම් ප්‍රවෘත්තියකුත් නෙවේ. මොකද මෑන් අවුරුදු දෙක තුනකට විතර සැරයක් කරන දෙයක් නිසා. හැබැයි වෙනද වගේ නෙවේ මේ සැරේ තරමක් පිලිවෙලයි. බත්කඩේ ටිකක් පුළුල් කරල. එහෙන් මෙහෙන් තියන කුණුගොඩවල් නෑ. ඔක්කෝම පිලිවෙලකට අස්පස් කරල. පොලව ටයිල් කරල බිත්ති පේන්ට් කරල. වෙනද තියන ප්ලාස්ටික් කෑලි වෙනුවට, මධ්‍යම ප්‍රමාණයේ හෝටලයක තියන විදියට, තරමක් ඉස්තරම් යයි කියන්න පුළුවන් ලී වලින් සැදූ මේස පුටු ගෙනල්ල. අලුතෙන් කැෂියර් මේසයකුත් ගෙනල්ල. කලුපාටට දැලි බැඳුන හට්ටි මුට්ටි වෙනුවට දිලිසෙන බුෆේ සෙට් එකකුත් ඇවිල්ල. තව.........

හෝව් හෝව්!....... මැදින් පටන්ගත්තට මුල කිව්වෙ නෑනේ.

ශාන්ත අයිය කියන්නෙ පොඩි ටවුමක් වෙච්ච මෙහේ, ඉන්න ‍එක්තරා විදියක ඩයල් එකක්. බත්කඩ කෙරුවාව තමයි දන්න කියන කාලෙ ඉඳල කරන්නෙ. ශාන්තයගෙ අයියල මල්ලිල සෙට් එකත් ඒ ජොබ් එකේම උදවිය. කාලෙකට කවුරුත් මුදලාලිල. තවත් කාලෙකට කවුරුත් එක එකාලගෙ ගෝලයො. තමුන්ටම කියල තියන කඩ කාමර දෙකතුන කාටහරි බදුදීමත්, බත්කඩ දැමිල්ලත් කාලෙන් කාලෙට සිද්ධවුනා. හැබැයි මේ සැරේ නං පිලිවෙලට වැඩේ කරන පාටක් පේනව. වෙනද එක එක තැන්වල ඉන්න අයියල මල්ලිල දැන් මෙතන වැඩ. ඉතිං ගෝලයන්ට අමතර කවුරුත් ඕන වෙන්නෙ නෑ. මෙන්න මේ කියන බත්කඩේට මමත් දවසක් ගියා. එතනදි දැක්ක දේවල් තමයි මේ.

කඩේ සහ ගෝලයන්ගෙ විස්තර තමයි ඉස්සරවෙලා කිව්වෙ. කට්ටිය සෙට්වෙලා ඉන්නෙ මේ විදියට. ශාන්ත අයිය තමයි ලොක්ක. කැෂියර් එකේ මල්ලි. ඉස්සරහ ඉන්න බාස්(/කෝකියා) අයිය කෙනෙක්. තව මල්ලි කෙනෙක් සේවා අංශයේ. නිතරම එහේ මෙහේ කැරකි කැරකි හිටියත්, කවුරුහරි කඩේ ලඟට ආවොත් ඇතුලට ගන්න තරම් ශාන්ත අයිය දක්ෂය. මම යනකොටත් සර් කෑල්ලකුත් දාලයි කතා කලේ. මීට අමතරව ඒ ඒ උදවියගෙ හැටියට ඒ වැඩේ කරන්න ශාන්ත අයිය සමර්ථය. උදාහරණ විදියට බඩට ඇනීම, විහිළු කිරීම, කිතිකැවීම, ඕනෑවටත් වඩා ගෞරවය(මට වගේ)දේවල් මෑන් ලඟ තියනව. බත්කන්න ඕන කිව්වම ඕන විදියකට බෙදාගෙන කන්න කියලයි කිව්වෙ. ඇත්තටම එතන හොඳයි, මහලොකු ගානක් යන්නෙත් නෑ. උදේට කෑවොත් රුපියල් හැටත් අසූවත් අතර ගානක් යන්නෙ. දවල්ට කෑවොත් එකසිය විස්සක්, එකසිය හැටක් වගේ ගානකින් ෂේප් වෙන්න පුළුවන්. බත්එක බෙදාගෙන බුල්ස්අයි එක එනකල් වටපිට බලල කල්පනා කරනකොට මෙතන අවුලක් තියනව කියලත් හිතෙනව. මෙන්න මෙහෙම,

මෙතන විතරක් නෙවේ මේ ටවුමෙ වැඩිපුර බිස්නස් තියෙන්නෙ පොල දවස් දෙකට. ඒ උනත් පොලට එන මිනිස්සුන්ට මෙච්චර දේවල් ඕන නෑ. උදාහරණයක් විදියට ඒ මිනිස්සුන්ට මෙච්චර උසස් විදියේ මේස-පුටු ඕන නෑ. සෙරෙප්පුත් නැතිව කකුල් වල මඩ ගාගෙන එන නිසා ටයිල් කලා කියලත් එච්චර සෙතක් නෑ. ශාන්ත අයියගෙ නෝනටයි උගෙ අයියගෙ නෝනටයි අමතර වැඩ ටිකක් ලැබෙනව ඒකෙන්. ඒ වගේම මැටි හට්ටි බුෆේ එක තියන දවස් වලයි දැනුයි අතරෙත් ලොකු වෙනසක් නෑ ඒ මිනිස්සුන්ට. මේ වගේ දේවල් ඕන තරම් තියනව.

ඔන්න මම බත් කන අතරෙ බිත්තර ලොරියක් ආව. ශාන්තගෙ මල්ලි ලොරියෙන් බිත්තර අරගෙන කුස්සිය ඇතුලට ගෙනියද්දි බිත්තර කේස් එකක් මුගේ අතින් බිම වැටුන. මට ටිකකට පස්සෙ කෑම ඕඩර් කරපු මල්ලිල සෙට් එකක් "අයියේ ඔම්ලට් එපා, මාලු කෑම ගේන්න" කියනවත් ඇහුන. වැටිච්ච බිත්තර වලින් ඔම්ලට් දාල දෙයි කියල වෙන්න ඇති. ඒ නැතත් තමුන්ගෙ මල්ලිගෙ පඩි කපනව වෙනුවට බිත්තරේක ගාන චුට්ටක් උස්සන එක නං මට ෂුවර්.

මටත් කලින් තව සෙට් එකක් මම යනකොට කෑම කකා හිටිය. උං ශාන්ත අයියගෙ ගජ යාලුවො. කුකුල් මස් එක ලඟට කිහිප සැරයක් යනව දැක්ක නිසා මේ ගණුදෙනුවෙන් ශාන්තයට ලාභයක් තියේවි කියල හිතන්න බෑ. ඔන්න ඔය වගේ කේස් තමයි එතන තියෙන්නෙ.

කතන්දරය ඕක තමයි. මේ කරුණු කාරණා දැක්ක ගමන් මට අර ලෙඩේ හැදෙනව. මම එකින් එක ගැලපුව. නියමෙට ගැලපෙනව.

$-ශාන්ත අයිය හිනාවෙලා කා එක්කත් හොඳින් ඉන්න බුවා.
$-අයියල මල්ලිල උංගෙ ගෑනුත් එක්ක බත් කඩේ කරගෙන යන්නෙ.
$-හිතවතුන්ට සැලකිලි වැඩියි.
$-බිත්තර බිඳීම වගේ කේස් එකකදි පාඩුව අල්ලන්නෙ කස්ටමර්ගෙන්.
$-ගමේ බත් කඩේකට අවශ්‍ය නොවන තරම් වියදම් කරනව.

අනේ මං දන්නෙ නෑ කොච්චර කල් මේක දුවයිද කියල!

Wednesday, July 3, 2013

අප්පා කලදෙය පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා!

"මේ සිද්ධිය පිලිබඳව ඔබම විස්තර කලොත්?"

"මට මතක නෑ ඕයි... දැං මොකද්ද තමුෂෙ ආන්නෙ.....?"

"මම අහන්නෙ.... අඩි තිස්පන් දහසක් උඩු ගුවනේදී ගුවන් යානයේ දොර ඇරීමට ඔබ උත්සාහ කිරීම පිලිබඳව.....?"

"ඇයි මීට කලින් අරිනව දැකල නැද්ද? නික්..කං වැඩක් බලාගෙන ය...නෝ ඕයි යන්න....."

"අනේ අපි වෙනුවෙන් පොඩ්ඩක් මොනවහරි කියන්නකෝ......"

"අන්තිමට ගත්ත ෂොට්..එක පොඩ්...ඩක් වැඩිවුනා බං....! අවුලක් නෑ........ මං වගකීම බාරගන්නව"

"වගකීම බාරගන්නව?(මූ නං අප්පගෙම පුතා)"

"ඇත්තටම ඔබතුමා උත්සාහ කලේ වාර්තාවක් පිහිටුවීමට නොවේද?"

"වාර්තාවක්? ඒ මොකද්ද ඕ...යි?"

"ඔබතුමාගේ පියා හෝටලයක තෙවැනි මහලෙන් පැනල තබාතිබූ වාර්තාව බිඳදැමීමට නේද ඔබට අවශ්‍ය වූයේ?"

"උඹෙ අම්මට &*^^()&_&*)_(&(%($&*$^*&%*%^(^)(&)_*_^&*$%$$$&^%&*(^&*(%&^$^$%$&^%**(&)......"


සබැඳි:
http://www.hotandfastnews.com/2013/07/blog-post_3.html

http://www.hotandfastnews.com/2012/02/blog-post_4371.html