Wednesday, June 27, 2012

ලහිපිට.

ප්‍රථිකාර.
දැඩි අසාධ්‍ය තත්වයේ සිටින ලේ අතීසාර රෝගීන් දෙදෙනෙකුට කඩිනම් ප්‍රථිකාර අවශ්‍යයි. මිල ගනන්-වියදම් ප්‍රශ්නයක් නැත. ප්‍රථිකාර අවසානයේ සතියක් ඇතුලත චෙක්පත් වලින් මුදල් ගෙවනු ලැබේ.

සුදුබණ්ඩා මහතා,
උසස් අද්යා-පන අමාත්ය අංශය,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.

හෝ

බී. ගුණවර්ධන මහතා,
අද්යා-පන අමාත්ය අංශය
ඉසු-පාය,
බත් තර මුල්ල

**********************************************
ඔබත් පසුගිය උසස්පෙළ විභාග ප්‍රථිපල ප්‍රශ්නය නිසා සිත් තැවුලෙන් සිටින සිසුවෙක්ද? ඉසෙඩ් අගය වෙනස්වේ යයි බියෙන් පසුවෙනවාද? එසේනම් ගන්න අපගේ "ඉසෙඩ්කපාල යන්ත්‍ර රාජයා". පලඳින්න. නැතිනම් "ඉසෙඩ්ගාලක තෛලය" ගාන්න. තැපැල් මඟින් ගෙන්වාගත හැක. අත්දුටුවයි සත්තයි. හරිගිය පසු ගාස්තුව ගෙවන්න.

අභාග කොමසාරිස්,
අභාග දෙපාර්තමේන්තුව,
කොළඹ.

**********************************************

රැකියා අවස්තා.
ඔබ තරුණ කැමරා ශිල්පියෙක්ද? එසේනම් මෙන්න මහඟු අවස්තාවක්!

සිත් සසළ කරවන හැඬීමේ දර්ශන සහිත මළගෙවල්, දියේ ගිලී මියයාම්, මිණීමැරුම් අවස්තාවන් ආදී දර්ශන අපවෙත එවන්න. සිත්ගන්නාසුළු ගෙවීම්. සුපිරි වෙළඳසල් වලින් භාණ්ඩ සොරකම් කරන දර්ශනද භාරගනු ලැබේ.(බාගත කල යූ ටියුබ් වීඩියෝ වුවද කම්නැත).

දේශමාන්‍ය දේශ ශක්තී ආචාරිය එස්. එදිරිසිංහ මැතිනිය,
සුවර්ණවාහිණී,
අංක 67_,
ගාලුපාර
කොලඹ.

*************************************************

විපක්ෂයේ රැස්වීම් පාගමන් සාමකාමීව විසිරුවාහැරීම සඳහා ශක්තිමත් සිරුරැති තරුණයන් බඳවාගනු ලැබේ. දැළිපිහි, කඩු-කිණිසි, සහ ටී පනස්හය අවි භාවිතයේ මනා පළපුරුද්දක් ඇති අයවලුන් විය යුතුය.

ලුහුඞු දැන්වීම් පිටුව භාරයේ විමසන්න.


*************************************************

යන්ත්‍ර මන්ත්‍ර

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි වැස්සවිය හැකි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මනාව දත් මන්ත්‍රාචාර්යවරුන් සඳහා ඇබෑර්තු ඇත. ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම අයදුම්පත් භාරගැනේ. (පැවිදි අයවලුන්හට සම්මුඛ පරීක්ෂණයේදී අමතර ලකුණු 20කි). කාලය සීමිත බැවින් සතියක් ඇතුලත අයදුම්පත් යොමුකරන්න. මාසයක් තුලදී බඳවාගනු ලැබේ. තනතුර ස්ථීරය. විශ්‍රාම වැටුප් සහිතය. අමතන්න,

සී. රනවක මහතා,
විදු ලිබල හා බ_ශක්ති අමාත්ය අංශය,
කොළඹ.

හෝ

හෙළ කරුමය කාර්යාලය.

**************************************************

ඔබේ දැන්වීම් නොමිලයේ "ලහිපිට" පලකරගන්න. ලියන්න පහතින්.

Monday, June 25, 2012

කාර්යාලවල බඩු!

ලියන්න කියලත් එහෙමකට දෙයක් නෑ. චුට්ටකට කලින් මගේ බ්ලොගේ මැරිල ඉපදුනා කිව්වොත් පුදුම වෙනවද? උදේ පාන්දර බ්ලොගේට එන්ටර් වෙලා පොඩ්ඩක් වෙලාවකින් හම්බන්තොටට යන්න උනා. සයින් අවුට් උනෙත් නැතිවයි ගියේ. මොකද ඔපීසියෙම මම විතරයි ගිණි නරිය පාවිච්චි කරන්නෙ. ආව ගමන් ‍කීප දෙනෙකුට කොමෙන්ටු දාල මගේ බ්ලොගේ ඇරිය. මොන! Blog not found කියලයි කිව්වෙ. පස්සෙන්පහු පෝන් එකට මැසේජ් එකක් ගෙන්නගෙන වැඩේ ගොඩදාගත්තෙ. හැබැයි විනාඩි ගානකට බ්ලොග් ආසාව අත්හැරිය.

ආව එකේ පොඩි පොඩි කතා දෙක තුනක් කියලම යන්නං.
අපේ ඔපීසියෙ එක එක කාලෙට එක එක "ට්‍රෙන්ඩ්" ඇතිවෙනව. රවි අයියයි මායි කියන්නෙ "මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ......." කියල. මේව ඇතිවෙන්නෙ කාර්යාල තරග, ඵලදායීතා තරග.... වගේ දේවල් තියන කාලෙට. ෆයිල් කවර වටේට (නැවීම/පොඩිවීම වැලැක්වීමට) සෙලෝටේප් අලවනව. ඉතින් ඒකාලෙට සෙලෝටේප් ගෙනල්ල පිරිමහන්න බෑ. එක අතකට මේව තේරුමක් ඇති වැඩත් නෙවේ. මොකද හුඟක් ෆයිල් තියාගන්නෙ අවුරුද්දයි. ඊට පස්සෙ ඒව ලේඛණාගාරයටත් තවත් අවුරුදු පහකට විතර පස්සෙ "ගිණි දෙයියටත්" භාර වෙනව. සල්ලි වියදම් කරල සෙලෝටේප් ඇලවිල්ල මම දකින විදියටනං පාඩුයි. ඒත් තනි මම කියල මක්ක කොරන්නද!

තවත් කාලවලට පාට ෆොටෝ කොපි ඕන වෙනව. අනේ මංදන්නෙ නෑ මොකටද කියල. එක්කෙනෙකුට දුන්නම අනිත් අයත් ඉල්ලනව. මොන්ටිසෝරි යන පොඩි එවුන් වගේ! තවත් කාලෙකට "continuous sheet" කියන කොල ජාතිය ඕන වෙනව. පිටපත් ගන්න කෙනෙකුට ලඟදි කාබන් තියන ඩබල් continuous sheet එකක් ගෙනල්ල දුන්න. ඒක දැක්කට පස්සෙ කස්ටියටම ඕනවුනා ඒව.

කාර්යාල වල කරපු සමීක්ෂණයකට අනුව "අල්පෙනෙති" වලින් පාවිච්චියට ගන්නෙ 35% ප්‍රමාණයක් කියල හොයාගෙන තියනව. අපේ කාර්යාලයේ ගබඩාව භාරව ඉන්නෙ රවි අයිය. සාමාන්‍යයෙන් ඉස්සර කාලෙ ඉඳල මාසයකට පෑන් දෙකක් දෙනව. දැන් ඒක පුරුද්දකට ගිහිල්ල,
"රවී මහත්තයා මේ මාසෙ පෑන් දුන්නෙ නෑ" ඔය වගේ මතක්කිරීම් ආවත් අයිය නෙවේ සැලෙන්නෙ. දවසක් ස්ටාෆ් මීටින් එකකදිත් මේක කතාවුනා.
දවසක් රවි අයිය ගියා ලොක්ක ලඟට,
"සර්, පෑනක් ඉවරවුනාම පෑනක් දෙන්න ඕන තමයි වැඩකරන මිනිහට, හැබැයි මාසෙකට සැරයක් පෑන් දෙන්න කියල කොහේවත් කියල නෑනේ, අනිත්එක මේ ගෑනුංගෙ පෑන් හරියටම තිස්එක්වෙනිද වෙද්දි ඉවරයිද?"

සර්ටත් කට උත්තර නෑ. මේවගේ දේවල් වලින් ටික ටික හරි කාබාසිනියා වෙන්නෙ ජනතා මුදල්ම තමයි.

බඩු ගැන කිව්වම මතක්වුනේ, මම ඉස්සෙල්ල කිව්වනේ "බඩු බාරව" ඉන්නෙ රවි අයිය කියල. සාමාන්‍යයෙන් මාසයකට විතර සැරයක් තමන්ට ඕන බඩු ලැයිස්තුව බොසාගෙන් අනුමත කරවගෙන රවි අයියට දීල අදාල දේවල් ලබාගැනීමයි කරන්නෙ. ඊයෙ පෙරේද දවසක මට පෙන්නුව මේවගේ ලිසිට් එකක්. ඒකෙ තියනව "එපෝ බන්ඩලයක්", අයිලයිට් එකක් කියල. බලනකොට ඉල්ලල තියෙන්නෙ A4 බන්ඩලයක් සහ හයිලයිට් පෑනක්! :-)

අපි බඩු මිලදීගන්න සමාගම් තියනව. ටෙන්ඩර් කැඳවල තමයි ඒව කරන්නෙ. සංගීත භාණ්ඩ සපයන මේවගේ සමාගමක් තමයි "බොම්බේ හාමෝනියම්" කියන්නෙ. අපේ එක මහත්තයෙක් යවපු ලියුමක තිබුන "බොම්බේ හා මෝනියම් සමාගම" කියල :-)

ඔයවගේ කතා ගොඩයි. දැනට ඇති. ගිහිං එන්නං.


Friday, June 22, 2012

කතන්දරකාරයාට අභියෝගයක්! නරකයාටත් සෑමාටත් පිළිතුරු.

xxx මුලට දාල කක්ක ගැන ලිව්ව පෝස්ටුවෙදි ඇනෝකෙනෙක් කියල තිබුන කක්ක කතා වලින් කතන්දරට ගහනව බොරු කියල. ඒ මදිවට ඒ පෝස්ටුවෙ මම පාවිච්චි කල "xxx" බුද්ධිමය දේපලක් කියල ලහිරු මලය කියල තිබුන. ඒත් මදිවාට ප්‍රේමදාස මහත්තයගෙ පෝස්ටුවට කොමෙන්ටුවක් දාන "නරකය" කියනව මට දේශපාලනය ගෑවෙන්නෙ නැතුව කතා ලියන්න බෑ කියල. ඒකට සෑම +1කුත් දාල තිබුන. ඔන්න ඔය කතන්දර වලට උත්තර විදියටත්, කතන්දරකාරයට පොඩි අභියෝගයක් කරන්නත් එක්ක ඇනෝනිමසයාත් නැතිඑකේ තවත් කක්ක කතා දෙකක් දාන්න අන්තිමට හිත හදාගත්ත. මේ දෙකම ඇත්ත කතා සිද්ධවුනේ විශ්ව විද්‍යාල කාලෙ.

එක
මට මතක විදියට මේක අපි තර්ඩ් ඉයර් එකේ ඉන්න කාලෙ වෙච්ච සිද්ධියක්. අපේ බැච්එකේ කොල්ලො ටික ට්‍රිප් එකක් ගියා බදුල්ල බන්ඩාරවෙල පැත්තෙ හීතල බලන්න. ගෑල්ලමයි ගියේ නෑ. කොල්ලො විතරක් යද්දි යන විදිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පටන්ගත්ත තැන ඉඳලම අපි හිටියෙ ලංකාවෙ තියන හුඟක් දේවල්වලින් අනුමත වෙලා. මේ අතරෙ, හැමතැනකම ඉන්නව වගේ තවත් සෙට්එකක් හිටිය හැදිච්ච සංවර සීලාචාර දරුවො ටිකක්. එයාල මොකුත් පාවිච්චි කලෙත් නෑ. සිංදුවක් කියකිය ගමනෙ ගියා. මට මතක විදියට බන්ඩාරවෙල බස්එක නැවැත්තුවම කස්ටිය බස් එකෙන් බැහැල තම තමන්ගෙ වැඩ කරගත්ත. මම කිවුව හොඳ පුතාල සෙට්එකත් කඩේකට ගිහිල්ල එළවලු රොටී වගයක් කාල තේ බීල ආව. ටික වෙලාවකින් එක්කෙනෙකුගෙ "අවුට්පුට් එක" වැඩ කරන්න පටන් ගත්ත.

ඊට පස්සෙ සිද්ධවුනේ මේවගේ දෙයක්,
අරූ කෑගහනව "කක්ක බරයි කියල", කොල්ලො ටික ඩ්‍රයිවර්ට කියනව "අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න" කියල. ඊට පස්සෙ අහිංසක මූනත්තහඩුවක් තියන එකෙක් යනව ලඟ තියන ගෙදරකට ගිහිල්ල කියනව "ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ(අනව්‍ය වචන කපාහරින්න), අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද....."කියල.
ගෙදරින් ඇපෘවල් එක ලැබුනම වැඩේ කරගන්නව.
ආයෙත් ටිකදුරක් යනව

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

ක්‍රියාදාමය ඔය විදියට සිදුවෙද්දි අපේ මෑන්ට අර "විශේෂ ප්‍රාගුන්‍යය"ද මොකක්ද එක ඇතිවුනා ඉබේම. ඊට පස්සෙ සිද්ධිය මෙහෙමයි,

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ.........."!
"හරි යං" (ඒ කියන්නෙ ලෙඩා).
කස්ටිය ගෙදර උදවියට ටෝක් කරන අතරෙ ඌ පිටිපස්සෙන් ගිහිල්ල ටොයිලට් එකත් හොයාගෙන වැඩෙත් කරගෙන ඇවිල්ල ඉවරයි! කොහොමද පලපුරුද්ද!

දෙක
මේක අහපු කතාවක්. සිද්ධිය වුනා කියන්නෙ අපේ සුපර් සීනියර් බැච් එකේ අයියල සෙට් එකකට. මේ උදවිය රූම් ‍එකේ යාළුවෙකුගෙ ගෙදර ගිහිල්ල. ඒ ගෙදර දානයක්ද මොකක්ද තිබුනලු. හැන්දෑ වෙලාවෙ ගෙදරට ගිහිල්ල රූම් එකකට වෙලා ඉන්නවලු. ටික වෙලාවක් ගියත් කන්න බොන්න යමක් ලැබිල නෑ. මේ අතරේ එකෙක් අපූරු හොයාගැනීමක් කලා. ජෑම් බෝතලයක්! නිකං ඉන්න එකේ ඒකවත් කන්න ඕන කියල එකෙක් කාල බලල. [සිද්ධියෙන් පස්සෙ නං කියල තියෙන්නෙ කෑවෙ නෑ කියලයි] බෝතලේ තිබිල තියෙන්නෙ මොකක්දෝ වෛද්‍ය පරීක්ෂණයකට ගෙනියන්න ගත්ත පොඩි ළමයෙකුගෙ කක්ක ටිකක්ලු.


Wednesday, June 20, 2012

ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ සාජන් මහත්තය.

මේක ඇත්තම කතාවක්. එක්දහස් නවසිය බර ගනන්වල ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරාම ගම්උදා පිහිටෙවුව මතක ඇතිනේ. අසූ ගනං වල අගහරියෙ සහ ඉන් පස්සෙ ඉපදිලා බ්ලොග් ලියන හිච්චි එවුන්ට නං මතක නැතුවැති. අනිත් උදවියට මතක ඇති. මේ කියන්න යන කතාව ඒකාලෙ එකක්.

හරියටම කියනව නං ඒ කතරගම ගම්උදා උත්සවය වෙලාව. ප්‍රේමදාස ජනාධිපතිතුමා විවෘත කිරීමට ඇවිල්ල ස්ටේජ් එකේ ඉන්නව. ස්ටේජ්එක කවර් කරල යකඩ වැටක් තියනව. දන්නව ඇතිනෙ අර යකඩ බටවලින් හදන්නෙ- මනුස්සයන්ට එයින් ඇතුලට එන්න බැරි විදියට- ඔන්න ඔය වැටේ එක තැනකින් තිබුන ඇතුල්වෙන්න පුළුවන් ඉස්තානයක්. චෑන්ස් එකක් ලැබුනොත් එතනින් ඇතුල් වෙන්න බොහෝ දෙනෙක් බලාගෙන හිටිය. නිකං නෙවේ ලියුං කඩදහිත් ලියාගෙන. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ තිබුනෙ අමුතු ගතිගුණ. එයා මුනගැහෙන්න එන සාමාන්‍ය මිනිස්සු කිහිප දෙනෙකුට හරි අවස්තාව දෙනව තමන් ලඟට එන්න. ඒක මම එකසැරයක් ඇස්දෙකෙන්ම දැක්ක. ඒ අපේ පැත්තෙ ගාමන්ට් එකක් විවෘත කරන්න ආපු අවස්තාවක. හුඟක් දෙනා ලියුං කෑල්ලක් ලියාගෙනයි එන්නෙ වැඩි හොඳට. ජනාධිපතිතුමාට ඒක දෙන්න පුළුවන්කම ලැබුනොත් බොහෝවිට ප්‍රශ්නෙ විසඳෙනව කියල මම අහල තියනව.

ඔන්න ඔය විදියට ඇතුළුවෙන තැන රැස්කකා හිටිය මිනිස්සු පාලනය කරන්න හිටියෙ අපේ කතා නායකයා වෙච්ච පොලිසියෙ සාජන් මහත්තයෙක්. සෙනඟ තදබදය කොච්චර වැඩිද කියනව නම් සාජන් මහත්තයට සිදුවුනා අත්දෙක දෙපැත්තට විහිදවල ඇතුල්වෙන්න උත්සාහ කරන සෙනඟ නවත්වන්න.

ඒ වෙනකොටත් කවුදෝ කථිකයෙක් වේදිකාවෙ ජනාධිපතිතුමාගෙ ගුණ ගායනයක්ලු. වටපිට බැලුව ජනාධිපතිතුමා දැක්කලු තමන් මුනගැහෙන්න උත්සාහ කරන රටවැසියනුයි ඔවුන් නවත්වගෙන ඉන්න අපේ සාජන් මහත්තයගෙයි රංගනය. එතුමා සාජන් මහත්තයට අතින් කතාකලා. සාජන් මහත්තයට ආව. මිණිස්සුත් නැවතුනා. ජනාධිපතිතුමාට සැලියුට් කල සාජන් මහත්තයට එතුමා ලඟට කිට්ටු කලා.

"කමක් නෑ ඉඳලහිටල එක්කෙනෙකුට දෙන්නෙකුට එන්න ඉඩ දෙන්න" ජනතාව ගැන ජනාධිපතිතුමා කිව්ව.


"හොඳයි සර්" කිව්ව සාජන් මහත්තයට ඩියුටිය පටන් ගත්ත.

රැස්වීම ඉවරඋනාට පස්සෙ තමයි හොඳම සිද්ධිය සිද්ධවුනේ.
සාජන් මහත්තයට ජනාධිපතිතුමා කතාකල බව එතන හිටිය පොලිස් ලොක්කෙක් බලාගෙන හිටිය. උන්නැහේට ඕනවුනා මොකක්ද ජනාධිපතිතුමා කිව්වෙ කියල දැනගන්න. කතාකලා අපේ සාජන් මහත්තයට,

"අයිසෙ, මොකද්ද තමුසෙට ලොක්ක කිව්වෙ?"

සාජන් මහත්තයට ගණදෙවි නුවණ පහලවුනා,

"සර් ජනාධිපතිතුමා ඇහුවනෙ 'තාමත් සාජන්ද' කියල, බලන්න සර් එතුමාට මතක තිබිල මාව"

කොහොමද සාජන් මහත්තයගෙ මොලේ. උසස්වීමක් ලැබුනද කියල නං හරියටම දන්නෙ නෑ!


Monday, June 18, 2012

කටුවන වෙඩිතැබීම.




හම්බන්තොට කටුවන වෙඩිතැබීම ජ.වි.පෙ. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්.
-ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුලූගල්ල.

ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් විය හැකියි නැතහොත් ජ.වි.පෙ. හැරගිය පිරිසක් විසින් සිදුකල කි‍්‍රයාවලියක් විය හැකියි, .......
-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.

මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ලද ඒ ඒ ආයතන භාග්‍යවන්තය.
මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ලද ජනාධිපතිතුමා භාග්‍යවන්තය.
මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ඇති රටක ජනතාව භාග්‍යවන්තයෝය.
අනේ වාසනාවන්!

එක්නැලිගොඩගෙ අතුරුදහන් වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ලලිත්-කූගන් පැහැරගැනීම,....... වගේ දේවල් ගැනත් මේ/මේවගේම සෑර්ල අදහස් දැක්වුව නෙව! පොඩි පරහකට තියෙන්නෙ ඒ මිනිස්සු ආවෙ නැති එක විතරයි. ඒ ඇරුනම වචන එහෙ මෙහෙ වීමකින් එක්කෙනෙකුට උසාවි එන්නත් උනා.


ඒ වගේම, නොකිව්ව උනත් කටුගේ කැඩුවෙ කවුද කියලත් මේ සෑර්ල දන්නව කියල අපි දන්නව.

ප.ලි.- ලංකාවෙ කෙනෙකුට කරන්න පුළුවන් ලේසිම රැකියාව මොකක්ද කියල "රැඩිකල් අදහස්" කියල තිබුන. රැඩිකල් වැරදියි! මම නං කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙන එකයි ලේසිම රැකියාව.

ප.ප.ලි.- ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන ලියාගෙන හිටිය විහිළු කතාව බදාදාට කල්දාන්න සිද්ධ උනා. ඒත් ඔන්න හිනාවෙන්න තිබුන අවස්තාවට හානිකලේ නෑ.

Thursday, June 14, 2012

xxx කතා දෙකක්.

දේශපාලන පෝස්ට් කීපයක්ම දැම්ම නිසා කතන්දර අමතක වෙන්නම ගියා. අද නං කියන්න යන්නෙ කක්ක කතා දෙකක්. කසූගෙන් පටන්අරගෙන තව තව කස්ටිය දැනටම ලියල තියන නිසා අවුලක් නැතිවෙයි.

ඔන්න කොල්ලො සෙට්එකක් ඈත පලාතක මළගෙදරක ගියාලු. තමන්ගෙ ඔපීසියෙ වැඩකරන කෙනෙකුගෙ කවුදේ නෑයෙකුගෙ. කොළඹ ඉඳල මළගෙදරට යනකොට රෑවෙලා තිබුන. පදමට සප්පායම්වෙලා හිටිය කස්ටියට මළගෙදර අමතක වෙලයි තිබුනෙ. කොහොම උනත් මරණයට අවසන් ගෞරව දක්වල ඉවර උනාම කස්ටියට ඕන උනේ "කොට" ටිකත් පාවිච්චි කරමින් ගමේ විදියට නාන්න. මළගෙදර තියන යාළුවා ඇලක් ලඟ සෙට්කලා. නාල ඉවරවෙලා ෂොට්එකක් දාගන්න කියල බෝතල්ටික ඇල අයිනෙ තිබ්බ. කිහිප දෙනෙකුටම කක්ක බර හැදිල තිබුන මේ වෙලාවෙ එක යාලුවෙක් කක්ක විසඳුමක් ඉදිරිපත් කලා. ඒ තමයි ඇලට බැහැල අවශයතාවය ඉටුකරගැනීම. ඒ වෙනකොට පරිසරයේ තිබුන දැඩි කලුවර ස්වභාවය නිසා වැඩේ තවත් ලේසිවුනා. ඊට පස්සෙ ඇලට බැස්ස. වතුර තිබුනෙ ඉන හරියට විතර. එච්චර සැරට වතුර බහින්නෙත් නෑ වගේ. ඉහල පැත්ත බලාගෙන කස්ටිය සැපට බොගදැම්ම. ඊට පස්සෙ ටිකක් ඇලේ ඉහලට ගිහිල්ල නාන්න කලින් මූනට වතුර ටිකක් දාගත්ත. මෙන්න බොලේ එකෙකුගෙ අතට මොනවදෝ අහුවෙලා, තව එකෙකුගෙ මූනෙ මොනවද ගෑවිලා! බලනකොට වෙලා තියෙන්නෙ හීනෙන්වත් නොහිතපු දෙයක්. ඇත්තටම ඇලේ වතුර බැහැල තියෙන්නෙ මේගොල්ල උපකල්පනය කල පැත්තට විරුද්ධ දිශාවට. (මේක අර හැතැප්මට අඟලෙ බෑවුම බෑවුම තියන ජාතියෙ ඇලක්). උනේ මොකක්ද කියල පැහැදිලියි නේද! :)

දෙවනි කතාව අපේ රවි අයියට වෙච්ච එකක්. එයා ලඟදි කොළඹ ගිහිල්ල. උදේ පිටත්වෙච්ච ගමන කොළමට ලඟාවෙනකොට 10 විතර වෙලා. ඊට පස්සෙ කඩේකට ගිහින් උදේට කාල සිගරට් එකකුත් බිව්වම වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවුනාලු. ඊට පස්සෙ කඩේ මුදලාලිට අවශ්‍යතාවය කිව්වම පිටිපස්සෙ දොරටුව පෙන්නලා එතනින් යන්න කිව්වලු. රවි අයිය ගියා, බැලුව වටපිට! ම්හු... ටොයිලට් එකක් පේන්න නෑ.... එකෙක් ඉඳගෙන ලීක්ස් වගයක් තෝරනවලු. ඒ ගමන රවි අයිය ඇහුවලු "අයියේ.... ටොයිලට් එක කොහේද?" කියල. "ආ මේ තියෙන්නෙ මල්ලී, යන්න" කියල අයිය පොඩ්ඩක් ඇලවෙලා ඉඩදෙනවලු. බලනකොට ඌ වාඩිවෙලා ඉන්නෙ වැසිකිලියේ දොරලඟ ලු. දොරත් කැඩිලලු, ඒ මදිවට ඒක ඇතුලෙත් එළවළු වගයක් දාලලු. මොනව කරන්නද ඔක්කෝටම වඩා අවශ්‍යතාවය ලොකුයි කියනවනෙ. රවී අයිය වැඩේ කරල ඉවර වෙනකල් අයිය තමන්ගෙ පාඩුවෙ දොරලඟට වෙලා ලීක්ස් තෝරමින් හිටිය කියලයි කිව්වෙ.



ප.ලි. ඊලඟට එන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා සම්බන්ධ අප්‍රසිද්ධ කතාවක්. වෙන්ට කතන්දරයක් ගැන ඔය ලිව්වමයි.

Monday, June 11, 2012

භාරත හිරුණිකා සහ දුමින්ද- හන්දියෙ කඩේ ලඟදි.


හංදියෙ කඩේට ගියා විතරයි අපේ දේශපාලන වසවර්තියො ටික එතන අරක්ගෙන ඉන්නව. කොටින්ම කියනව නං බංකු දෙකම හවුස් ෆුල්. මාත්රුකාව උනේ හිරුණිකා නංගි.

"කොච්චර උනත් පවු කෙල්ල!" එකෙක් කියනව.

"අනේ....... එයා දැං හීනෙන් නැඟිට්ට වගේ කෑ ගහනව. මොකෝ එයාගෙ තාත්ත කොලොන්නාවෙ රජකරන කාලෙ කුඩු තිබුනෙ නැද්ද? පාතාලෙ තිබුනෙ නැද්ද? හා කියාපං බලන්න රාජ් මල්ලී?" ඒ ධර්මෙ අයිය.

"හ්ම්"

"අන්න ඒකනෙ කියන්නෙ. ඕක තමයි යතාර්තෙ. තුවාලෙ කොච්චර ලොකු උනත් ඒක තියන එකාට විතරයි රිදෙන්නෙ. අනිත් එකාගෙ අමාරුව තේරෙන්න නං ඉතිං තමන්ගෙත් ඒවගේ තුවාලයක් හැදෙන්නම වෙනව. ඔතනයි අවුල!"මූ දේසනාව නවත්තන්නෙම නෑ.

"නීතියක් තියන රටක උනානං මෙලාකට දුමින්ද ඇතුලෙ!"මාටින් මාමත් කතාවට එකතුවුනා.

"එහෙමම කියන්නත් බෑ බං. එක එක තැන්වලදි ලැබෙන රිසාල්ට් වෙනස්."මං කිව්ව.

"උඹ දන්නවද ඒක වෙන්නෙ කොහොමද කියල?" සුදු මල්ලි ඇහුව.

"හ්ම්...!"

"කියපං බලන්න"

"අපි හිතමු ඇමරිකාවෙදි මෙහෙම දෙයක් උනා කියල. දුමින්ද අල්ල මරණ දඬුවම දෙයි. භාරත නං මැරිලනෙ. ඒ නිසා එහේ මිනිස්සු ජීවත් වෙන දුමින්දගෙ මානව හිමිකම් වෙනුවෙන් වයිට් හවුස්එක ඉස්සරහට යයි බෝඩ් ලෑලි ඇඳගෙන"

"හහ් හහ් හහ්........"

"එංගලන්තෙදි උනානං මෙහෙමයි. ඉස්සෙල්ලම දුමින්ද මන්ත්‍රීකමෙනුයි අධීක්ෂණයෙනුයි ආ.... අධීක්ෂණයක් දීල නැහැල්ලුනෙ, මන්ත්‍රී කමෙන් අයින් වෙනව. ඊට පස්සෙයි ඉතිරි වැඩ"

"ඔව්වොව් සුද්ද එහෙම තමයි"

"අප්‍රිකාවෙදි උනානං අවුල්. එහෙම උනානං හිරුණිකා නංගි දුමින්ද මරල මස් කන්නත් ඉඩ තිබුන"

"හහ් හහ්........ ඉඩියමින් වගේ නේද!"

"පැපුවා නිව්ගිනියාවෙදි නං භාරතගෙ බරට සමාන බර කියන ඌරෙක් දුමින්ද හිරුණිකා කෙළීට දෙන්න ඕන, එහෙම උනොත් ගොඩිං ‍බේරගන්න ඉඩක් තියෙයි."

"දකුණු ඇමරිකාවෙදි සිද්ධ වෙන්නෙ මොකද්ද දන්නවද?"

"හිරුණිකා නංගි දුමින්දට අභියෝග කරනව ද්වන්ධ සටනකට. එහෙම කරල හරියටම ඔරලෝසුවෙ 12 වදිනකොට වෙඩිතියනව නළලටම"

"රුසියාවෙදි නං කූල් විදියටයි ප්‍රශ්නෙ විසඳෙන්නෙ. වොඩ්ක ටිකක් බිවුවම ඔක්කොම හරි"

"අපිටත් හොඳයි ඒ ක්‍රමේ"

"මැදපෙරදිගදි නං දුමින්දගෙ අතපය කපනව. මරනීය දණ්ඩනය ලැබෙන්නත් බොහෝවිට ඉඩ තියනව"

"ඉන්දියාවෙදි වෙන්නෙ මොකද්ද කියල දන්නවද?"

"හා කියපං බලන්න"

"හිරුණිකා තරහ හිතේ තියාගෙන හිටියත් දුමින්දව බඳිනව"

"මොකක්?"

"ඔහොම හිටපංකො කියනකං, ඊට පස්සෙ අවස්තාවක් ලැබුන ගමන්ම දුමින්දට ගේම දෙනව!"

"හරිනෙ මම හිංදි පිචැර් එකකත් දැක්ක"

"මට පොඩි අවුලක් තියෙන්නෙ බං ඔතනදි. ඔය කිව්ව හැම රටකම මොකක්හරි විසඳුමක් අන්තිමට ලැබෙනවනෙ, ඒත් මෙහෙදි මොකුත්ම වෙලා නෑනෙ?" මෙච්චර වෙලා මුකපූට්ටු කරගෙන හිටිය බාලයිය ඇහුව.

"ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!"

oඈහ්!.....ධර්මෙ අය්ගෙ කටේ තිබුන බීඩිකොටේ බිම වැටුන!

Thursday, June 7, 2012

IRC දන්සැල්.






නවතමින්
රථ
වීථියට පැන බලෙන්,

කවමින් පොවමින්
පුරති
දන් පාරමී!

නවතමින්
රථ
වීථියට පැන බලෙන්,

කඩාගත්
මුදලින්.

නිමිත්ත: දන්සැල් දෙන ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව වෙන්නැති. ඒත් මේවගේ හිඟන දන්සැලුත් තියනව. මම දැක්ක දන්සැලක් ගැන තමයි මේ.

ඡායාරූපය ගූගල් වෙතින්.

Tuesday, June 5, 2012

ගමගේගෙ ඇටේ පා පහරින් වැටේ!

.........හාමු-දුරුවො කිව්ව ඕකට ගහපං කියල පොඩි හාමු-දුරුවො ගැහුව.

අපි එදා රෑට කාල ටීවී බලමින් හිටියෙ. එකපාරටම ආපු ජිප් එකක් මිදුලෙ නැවැත්තුව. ඒකෙන් බැස්සෙ .... හාමු-දුරුවො. උන්වහන්සෙ අඳනය පිටින් හිටියෙ, ඉනේ පිස්තෝලයක් තිබුන. ඒ එක්කම කාර් එකෙන් බැස්ස තරුණ හාමු-දුරුවරු පස්දෙනෙක් විතර. එයාල අතේ කඩු පොලු බයිසිකල් චේන් තිබුන. ......හාමු-දුරුවො ගේ ඇතුලට ඇවිල්ල ඇහුව "අඩෝ උඹ නේද ධර්මෙ කියන්නෙ" කියල. ඊට පස්සෙ පොඩි හාමු-දුරුවරුන්ට කිව්ව "මූට ගහපල්ල" කියල. උන්ව-හන්සෙලා මට අතින් පයිනුයි පොලු වලිනුයි ගැහුව. මාව බේරගන්න ආපු මගේ නෝනටත් ගැහුව. ළමයින්ටත් කුණුහරුපෙන් බැන්න. මම පොලී-සියට ගියාම පැමිණිල්ල භාරගත්තෙත් නෑ. හෝමාගම අධි-කරණයේදී මෙසේ ප්‍රකාශ කලේ හෝමාගම ගොඩගම පදිංචි ගමගේ ධර්මදාස(41) නැමති දෙදරු පියෙකි. ඒ 2040 පාර්ලි-මේන්තු මැතිවරණ සමයේ සිදුවීයයැයි කියන පහරදීමක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගාය්දී සාක්ෂි දෙමිනි. මෙහි වගඋත්තරකරුව සිටින්නේ බුද්ධ-ශාසන-අමා-ත්‍යධූරය දරන .....හි-මියන්ය...................(ලංකාදීප 2042-05-06)

21 වෙනිද රෑ අපි පාමංකඩ හංදියේ පෝස්ටර් අලවමින් හිටියේ. තවත් හාමු-දුරුවරු කට්ටියක් එක්ක එතෙන්ට ආව .........හාමු-දුරුවො. ඒගොල්ල හොදටම බීලයි හිටියෙ. දෙන්නෙකුගෙ අතේ ටී 56 තුවක්කු තිබුන. මුං තමයි අපේ පෝස්ටර් ඉරල තියෙන්නෙ, වෙඩිතියපියව් කියල ........ හාමු-දුරුවො කෑගැහුව. පොඩි හාමු-දුරුවරු දෙන්න වෙඩි තිව්ව. අපේ දෙන්නෙකුට වෙඩි වැදුන මම එහා පැත්තෙ තිබුන ගහකට මුවාවෙලා බඩගාගෙන ගිහිල්ල පන බේරගත්ත. වෙඩි වැදිල වැටුන චමින්ද තමයි මියගිහිල්ල තියෙන්නෙ.................(ලක්බිම 2040-09-30)

.......ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ......... මහතා සදහන් කලේ මෙම මැතිවරණයේදී පුද්ගල ඝාතන තුනක් වාර්තා වන බවත් පහරදීම් තුවාල සිදුවීම් පනස් අටකුත් දේපළ හාණිකිරීම්, කාර්යාල වලට පහරදීම් දෙසිය තිස් හතරකුත් වාර්තා වන බවයි. තුවාල කරුවන් අතර භි-ක්ෂූන් වහ-සේලා දොලොස්නමක්ද සිටිනබව සදහන් කල ........මහතා පැමිණිලි කිරීම් වලින් හැත්තෑ දෙකක් භි-ක්ෂූන් වහ-සේලාට එරෙහිව ඇතිබව සඳහන් කලේය..........(දිවයින ලක්බිම 2040-10-05)

ගමගේගෙ ඇටේ පා පහරින් වැටේ...... [ස්-ර්ණවාහිණී (නිව්ස් වලින් ෆස්ට්) ලයිව් ඇට් ඒට් සිරස්තල. 2042-06-05]
චාමිකා, අද පා.ර්.ලි.මේ.න්.තු.වෙ.දි හරි අපූ..රු දෙයක් සිද්දවුනා. ......පා.ර්.ලි.මේ.න්.තු. මන්ත්‍රී ......හිමියන්ගෙ පා පහරින් පා.ර්.ලි.මේ.න්.තු. මන්ත්‍රී .........ගමගේ මහත්තය... පුටුවකුත් පෙරලගෙන වැටුනෙ හාව පොලවෙ ගැහුව වගේ!
අද පාර්-මේන්තුවේදී ....... මන්ත්‍රී හාමු-දුරුවො කතාකරමින් ඉන්නකොට .... උණුසුම් තත්වයක් ඇතිවුනා. කතා-නායකතුමා ගමගේ මහත්තයට නිස්සද්ද වෙලා වාඩිවෙන්න කිව්වත් එතුමා නෙවේ වාඩිවුනේ. තරහ ගියපු ........හාමු-දුරුවො ඊට පස්සෙ ගමගේ මහත්තය ලඟට වැඩම කරල හොඳවයින් දෙකක් ඇන්න.......(උ.ගැ.අ.)

........මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ..... ගමගේ මන්ත්‍රීවරයා දැනට ජාතික පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබනවා. එතුමාගේ වෘෂණ කෝෂ වලට දැඩිලෙද හාණි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නෙ.
......... රෝහලේ අධ්‍යක්ෂ .....මහතා ප්‍රකාශ කලේ මන්ත්‍රීවරයාගේ තත්වය........
........මේ පිළිබදව අද සවස පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තිත්ත අට්ටනායක මහතා.......
(සිරස නිව්ස් ෆස්ට් 2042-06-05)

මේ කැමිලස්ගේ ගජමෑන් පුවත්පතකින් කල උපුටාගැනීම් නොව ඇත්තටම ඉදිරි කා‍ලයේදී (දී ඇති වකවානු වලටත් පෙර වුවද විය හැකිය) මාධ්‍ය තුල පලවිය හැකි ප්‍රවෘත්තිමය සිදුවීම්ය. විජේදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන, පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි දැරීම වලක්වා ලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනඑන සංශෝධනය පරාජය වුවහොත් ඉහත කී තත්වය ඇතිවිය හැකිය.


දැනටමත් විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව බලලෝභී චීවරධාරීන් අවි අමෝරාගෙන ඇත. BBCයට අදහස් දක්වමින් එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රශ්නකලේ "දේශපාලනයට පිවිසීමෙන්, මන්ත්‍රීධූර දැරීමෙන් භික්ෂූන්ගේ ගෞරවය කෙළෙසී ඇත්ද යන්න මණින්නේ කුමන මිම්මකින්ද?" යන්නයි. ජනතා නියෝජනය වෙනුවෙන් තමන්හට ලැබුනු සුඛෝපභෝගී රථය විකුණාදමා එය අවසානයේ විපක්ෂ නායකවරයාට අයත්වන්නට කටයුතු සිදුකරමින්ද කලකට පෙර කනෙන් ඇදදමා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමකට ලක්වී පුවත් මැවූයේද තමන් බව උන්වහන්සේට අමතකය.


Monday, June 4, 2012

මිහිඳු හාමුදුරුවනේ....



අනුබුදු හාමුදුරුවනේ,
පුළුවන් නම් යලි වඩින්න.

ආයෙත් ඇවිල්ල මෙහේට,
බණ පදයක් කියල යන්න.

ඒකාලේ කිව් බණ පද,
හුඟහරියක් වෙනස් වෙලා.

කන්න ඕන වෙච්ච එවුන්,
තලගොයි කරගෙන කාලා.

අරං ආව ශිල්ප කලා,
මේ වෙනකොට මතකත් නෑ.

තිස්සලාගෙ කාලෙ හිටිය,
හොඳ වැ‍ඩකාරයො අද නෑ.

ඒගොල්ලගෙ නිධන් ටිකත්,
හාර හාර අද ගන්නව.

ලොකු ලොකු අඹ ගස් නැතිමුත්,
බට් අඹ ගස් නං තියනව.

අඹ ප්‍රශ්නයෙ ඉඳලම යං,
එහෙම උනොත් ලෙහෙසියි නොවැ!

ඉස්සර වගේ කැලේ කොලේ,
දැං නං නෑ මුවො දකින්න.

මස් කන්නට ආස එවුන්,
උං ඔක්කොම මරා කාල.

මිහිරි හඬින් බණ කියන්න,
ගොඩාක් කට්ටිය හිටියට,

සල්ලි ටිකක් දෙන්නෙ නැතුව,
කවුරුත් බණකට එන්නෑ.

වඩිනව නං ඔබ වහන්සෙ,
වේලපහෙන් කියල එන්න.

කොතනදි හරි මුණගැසිලා,
"මිහිඳුට" බණ කියල යන්න.