Wednesday, June 29, 2011

තව ඩිංගෙං වැටෙනවා!

මේක ඇත්තම කතාවක්. කතා නායකයා පී.එච්.අයි. මහත්තයෙක්, ඒ කියන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්. ..... විශ්ව විද්‍යාලයේ වැඩ කරන එක්කෙනෙක්. වයස අවුරුදු බර ගනනක් උනත් ඕනම වෙලාවක නංගී-මල්ලි කියලා තමයි කොල්ලන්ට කෙල්ලන්ට කතා කරන්නෙ. දවසක් මෙයා ආවා පිරිමි හොස්ටල් එකකට. තවත් පී.එච්.අයි. මහත්තුරු කස්ටියක් එක්ක. හොස්ටල් එක වටේට ඇවිදලා අන්තිමට ගියා ටොයිලට් තියන පැත්තට.
ගිහිල්ලා අන්තිම පරණ වෙච්ච ටොයිලටි වලක් වටේ කැරකෙනකොට අයිනෙ තිබුන පස් බුරුල් වෙලා මේ යකා වැටුනා වලට. හැබැයි කෙලින් අතට, නිකන් වලට බැස්සා වගේ. කස්ටියටම හිනා, කොල්ලොත් බලාගෙනනේ. කොහොම උනත් වැටුනට වඩා ඉක්මනින් ගොඩට එන්න නම් මැන්ට පුළුවන් වුනා. ඒ වෙනකොට දනහිස ගාවට ...ගෑවිලා. නෝන්ඩිය වහගන්න විදියකුත් නෑනේ. අන්තිමට පොර කියනවා,
"තව ඩිංගෙං වැටෙනවා!"
හිනා ගියානං කොමෙන්ටුවකුත් කොටලම යන්න.

Monday, June 27, 2011

බිරිදගේ ලියුම.

මා ආදර සනී,
ඔබගේ දුක්සැප කෙසේද? ඔබ හැරදමා පැමිණිමේ දහස් වාරයක් සමා වෙන්න. දුරදිග නොබලා ගත් ඒ මෝඩ තීරණය නිසා අද මා ගිනි ජාලාවක දැවෙමින් සිටිමි. ඔබ හා එක්ව දුක සැප බෙදාගෙන සතුටින් සිටීමට අද මා ඔබ ලඟ නැතත්, මා හට ඇති ඔබේ ආදරය නිසා ඔබ කිසිදා වෙනත් කාන්තාවක නොපතන බව මා දනිමි. මාහට සමාව දී නැවත මා කැටුව යාමට ඔබ පැමිණෙන තෙක් මා බලා සිටිමි. මා නවතිමි.
ඔබට තිසිතුන් කෝටියක් දෙවි රැකවරණයි.
මීට ඔබේ ප්‍රිය බිරිද,
වයලට්.
ප.ලි.
ඔබට මහජන සම්පත පළමු ත්‍යාගය හිමිවු බව දැන් මාහට දැනගන්නට ලැබුනි. මගෙන් සුභපැතුම්!

Thursday, June 23, 2011

.............බුද්ධ පරිනිර්වානය ආනන්ද හිමියන් හා අපි..............

මේ දවස් ටිකේම බ්ලොගේ වහපු ගානයි. දෙවනි පන්තියට උසස් කිරීමේ විබාගෙද මොකක්ද ලියන්න තියන නිසා ජාලෙ ඉදන් පිස්සු කෙලින්න හිත දෙන්නෙම නෑ. කොහොමත් මොකක් හරි කාරණයක් ඔලුවට වැටුනම වෙන දේකට හිත යොමු කරන්න හිතෙන්නෙ නැති එක තමයි මගේ චරිත සොබාවෙ. ඉඩක් ලැබුනොත් පාඩං කරන්න හිතාගෙන හැමදාම පොතකුත් අරගෙන තමයි ඔපීසියට එන්නෙ. ගෙදර යන වෙලාවට පොත ගෙනාව විදියටම අරගෙන ආයෙත් යන්නෙ. වැරදිලා හරි පොත අමතක වුනොත් හිතෙන්නෙ දවසම අපරාදෙ කියල. තමන්ම රවට්ටගන්නව කියන්නෙ ඕකට තමයි. අයියා කෙනෙක් ඇවිලිලා දැං හොද කතාවක් කියලා ගියා. මාතෘකාවට එන්න කලිං ඒකත් කියවලම ඉන්න.
ඊයෙ මම ඔය කියපු අයියා වෙඩිමකට ගියා. තිබුනෙ දකුණු පළාතෙ මූද අයිනෙ හෝටලේක. සල්ලිබාගෙ තියන කස්ටිය වුනත් සංගීතය සපයන්න ගෲප් එකක් වත් DJ කෙනෙක්වත් ඉදලා නෑ. ඉතින් අපේ අයියලා පදමට සෙට්වෙලා එහෙම මනමාලයගෙන් අහල තියනවා ඇයි මියුසික් නැත්තෙ කියලා. ඌ කියලා තියෙන්නෙ මොකක්ද දන්නවද?....
"අයියේ මම චිත්‍ර කරපු නිසා මියුසික් ගෲප් එකක් ගෙනාවෙ නෑ" කියලා :D.
කොහොමිං කොහොමිං හරි මාතෘකාව අමතක වුනා.
බුදු හාමුදුරුවො ගැන ප්‍රශ්නයක් වෙන අනං මනං එක්ක පටලගන්න හොද නෑ තමයි. ඒත් මේක කාලයක් මගේ ඔලුවෙ තිබුනු එකක්. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
බුදුරජානන් වහන්සේ ගැන හෝ බුද්ධ ධර්මය ගැන ඔබට තිබෙන ගැටළු මොනවාද? මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරු එක් එක් අයට සාපේක්ෂ විය හැකිය. උදාහරණයක් ලෙස, ජාතක කතා ආදිය නොපිළිගන්නා අය, පුනර්භවය නොපිළිගන්නා අය, හේතු ඵල වාදය නොපිළිගන්නා අය ආදි වශයෙන් වු එහෙම්පිටින්ම යම් කැටගරියක් සදහා විසංවාදී තර්ක ගෙන එන්නන් මෙන්ම, වෙස්සන්තර රජ්ජුරුවන් දරුවන් දන්දීම, මහෞෂධ පඩිතුමා කේවට්ටයාගේ ලේ සෙලවීම ආදී වූ තනි සිද්ධි සදහා පහර දෙන්නන්ද දැකිය හැක.(අන්‍යාගමිකයන් ගෙන එන තර්ක බොහොමයක් මේ දෙවන ගණයට වැටෙන අතර ගම්පල වාදයේදීද ක්‍රිස්තියානි ආගමිකයන් මෙම තර්ක ගුණානන්ද හිමියන්ට එරෙහිව යොදාගෙන තිබුනි) මෙහිදී එක් එක් පුද්ගලයාගේ දැනුමේ සහ භක්තියේ ප්‍රමාණය අනුව පිළිගැනීම හෝ නොපිළිගැනීම සිදුවිය හැකිය. මා මෙහිදී මතුකරන ගැටළුවද දෙවන ගණයේ එකකි,
බුදු රජානන් වහන්සේ පරිනිර්වානයට පෙර තුන් වතාවක් අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ට ප්‍රකාශ කලේ තමන් වහන්සේට ආයු කල්පයක් පරිනිර්වාණය නොකර වැඩසිටිය හැකි බවයි. මේවන විට කිසිදු මාර්ගඵලයකට පත්ව ආනන්ද හිමියන්ගේ ප්‍රතිචාරය වුයේ මුනිවත රැකීමය. ආනන්ද හිමියන් බුදුන් වහන්සේට ආරාධනා කලේ නම් ආයුෂ කල්පයක් බුදුන් වහන්සේ සිටිනු ඇත. එසේ නොවූයේ මාරයාගේ බලපෑමෙන් බව සදහන්වේ (බ්ලොග් ලියන මාරයා නොවේ). එනමුත් මතුවන ප්‍රශ්නය වන්නේ බුදුන් වහන්සේ උන්වහන්සේගේ වැඩසිටීම හෝ පිරිනිවන්පෑම පිළිබද තීරණය ආනන්ද හිමියන්ට භාරදීමෙහි ඇති ගැටළු සහිත ස්වභාවයයි.
මෙහිදී සියලු ලෝ වැස්සන්ට බලපානු ලබන කාරණයක් සම්බන්ධ තිරකයා වුයේ ආනන්ද හිමියන්ය! මෙය කෙතරම් දුරට සාධාරන තින්දුවක්ද? දීපංකර බුදුන්ගේ සමයේදී සුමේධ තරුණයාට උන්වහන්සේගෙන් බණ අසා නිර්වාණය අවබෝධ කලහැකිව තිබූ නමුත් බෝධිසත්වයන්ගේ අරමුණ වුයේ බුදුබව ලබා ලෝ වැස්සන්ට පිහිට විමය. නමුත් ආනන්ද හිමියන්ට තීරණය භාර කිරීමෙන් අසාධාරණයක් සිදුවූයේ පසු පරම්පරාවට නොවේද?
නිරායාසයෙන්ම මතුවන ප්‍රශ්න කිහිපයකි,
මෙහිදී ආනන්ද හිමියන් හැර වෙනත් අයෙකු සිටියේනම් කුමක් වේද? එහිදී ඔහුට හෝ ඇයට මාරයාගේ බලපෑමෙන් මිදිය හැකිද? ආනන්ද හිමියන් වෙනුවට මාරයා පරාජය කල රහතන් වහන්සේ කෙනෙක් හෝ අඩුම තරමින් කුමන හෝ මාර්ග ඵලයක් ලබාගත් ගිහි හෝ පැවිදි අයෙකු එම ස්ථානයේ සිටියේ නම් ඉතිහාසය වෙනස් විමට ඉඩ තිබුනිද? එසේත් නැතිනම් හේතු ඵල ධර්මය අනුව පසු පරම්පරාවට නිවන් අවබෝධ කරගැනීමට තරම් කුසල කර්ම නොමැති වීද?
පිළිතුරු සොයාගතයුත්තේ මේවාටය.
ප.ලි.- මේ කාරනෙත් එක්ක උඩ කියලා තියන වැල්වටාරම් ගැලපෙන්නෙ නෑ තමයි. ඒත් මේ දවස්වල තියන කාර්ය බහුලත්වය නිසා වැඩිය පෝස්ට් දාන්න වෙන්නෙ නෑ. උඩ ටිකට ඒ විදියට කමෙන්ට් දැමීමට මොලයේ ඒ පැත්තෙන්ද, දෙවන කාරණය සදහා අනෙක් පැත්තේ භාවිතා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Friday, June 10, 2011

විහිලු කතා.

කට්ටිය කැමති ඇතිනෙ ටිකක් හිනාවෙන්න. එහෙනං කියවන්න.
01 දුව-අම්මේ දෙවියො බාත්රූම් යනවද?
මව-ඇයි දුව එහෙම අහන්නෙ?
දුව-අද උදේ තාත්තා කියනව ඇහුනා "අනේ දෙවියනේ මට බාත්රූම් යන්න දෙන්න "කියලා...
02 බිරිද-ඔයාට මතකද අද අපේ වෙඩින් ඇනිවර්සරි එකනෙ, අපි අද මොකද කරන්නේ!!!!!!!!!
සැමියා-ම්..අපි විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉදිමු!
03 දුව-අම්මේ පිරිමි ළමයෙක් මාව අල්ලන්න ආවොත් මොකද කරන්නේ?
මව-"නවත්වන්න" කියල සැර කරන්න
දුව-එතකොට මාව කිස් කරන්න ආවොත්?
මව-"එපා" කියල සැර කරන්න
ඊලග දවසේ පාසලේදි පිරිමි ළමයෙකු එක්වරම පැමිණ ඇය අල්ලාගෙන සිපගන්නට විය. මවගේ උපදෙස් මතක් වී
"නවත්වන්නඑපා" කීවේය.
03 දුව-අම්මේ මිනිස්සු මේ ලෝකෙ ඇතිවුනේ කොහොමද?
මව-දුවේ දෙවියන්වහන්සේ ආදම් සහ ඒව මැව්වා, ඒ දෙන්නගෙන් තමයි අපි බිහිවුනේ.
පසුව වැඩ ඇරී නිවසට පැමිණි පියාගෙන්ද පෙර ප්‍රශ්නය විමසුවාය.ඔහුගේ පිළිතුර වූයේ
"මිණිස්සු බිහිවුනේ වදුරන්ගෙන් පරිනාම වෙලානෙ.
වෙනස් පිළිතුරු දෙකකින් ව්‍යාකූලත්වයට පත් දුව නැවත ඒ පිළිබදව මවගෙන් ඇසුවාය.
"අයියෝ ඒක සුලු ප්‍රශ්නයක් දුව, තාත්තා කියල තියෙන්නෙ තාත්තල‍ගෙ පැත්තෙ කට්ටිය ගැන. මම කිවුවෙ අපේ පැත්තෙ කට්ටිය ගැනනෙ" මව කීවේය.

Wednesday, June 8, 2011

නයිංගෙ අපේ IQ ප්‍රශ්නෙ?

උදේ පාන්දරම (11.00ට විතර) බ්ලොග් බලනකොට මධුරංගගෙ බ්ලොගේ දැක්ක පෝස්ට් එකක තිබුන IQ ප්‍රශ්නයක් දැකලා තමයි මට මේ ප්‍රශ්නෙ මතක් වුනේ. පුලුවන් නම් උත්තර දෙන එකයි ඇත්තෙ.
දන්නව නේද අර නයි දෙන්නෙක් දෙපැත්තෙන් වලිගෙ ඉදලා එකිනෙකා ගිලින සීන්එක.අයියෝ ඒකවත් දන්නෙ නැද්ද?
මෙන්න මෙහෙමයි වැඩේ ස්ද්ධ වුනේ
ඔන්න එකමත් එක කාලෙක නයෙක් දැක්කා උගේ තරහකාර වෙන නයෙක්.ඉතින් මූ මොකද කලේ අරූව ගිලින්න සෙට්වුනා.හැබැයි පේස් ටු පේස් නෙවේ වලිගෙ පැත්තෙන්.ඉතින් අනිත් එකාටත් තේරුනා එන පොට හොදනැති විත්තිය.ඌ මොකද කලේ තමන්ව ගිලින එකාගෙ වලිගෙ පැත්තෙන් ගිලින්න වුනා.
හරි මගේ ප්‍රශ්නෙ මේකයි මේ දෙන්නට මේ වැඩේ කොච්චර දුරට කරගෙන යන්න පුලුවන්ද කියන එකයි.වෙන විදියකට කියනව නම් අන්තිමට මොකක් වේවිද?????
කමෙන්ට් එකකින් උත්තරේ කියන්න බලන්න
ගිහින් එන්නම්.

Tuesday, June 7, 2011

පළවෙනි එක.

බ්ලොගේ පටන් අරන් ටික දවසක් උනාට සින්ඩියට ආවෙ අද තමයි.ඒකෙ තියෙන්නෙ පරණ පෝස්ට් එකක්.තරහ වෙන්න එපා අලුත් ඒවා ඉස්සරහට.
ගිහිං එන්නම්.